ගාල්ල දිස්ත්‍රික්කය පුරා ඇති ජනතා ප්‍රශ්න කිහිපයක් මාධ්‍ය මගින් සාකච්ඡාවට භාජනය කරන්න අවශ්‍ය සැළසුම් සකස් කරලා මම 05 දා රාත්‍රී නින්දට ගියේ 06 වැනිදා උදේ දෙකට විතර. වැඩි වෙලාවක් නිදාගන්න ලැබුණෙ නැහැ. 5.30 ට විතර දුරකථන නාද වෙන්න අරගෙන නැගිට්ටේ නින්ද යන්නෙ නැති එවුන්ට හිතෙන් බැන බැන.
මචං සිරසට බෝම්බ ගහලා.......... මොකද වෙන්නේ....... කථා කරන හැමෝගෙන්ම ප්‍රශ්නයක්.....
පෝද්දල ජයන්තට කථා කලා.
මල්ලි මම එතනට යනවා ගිහින් කියන්නම්.....
1996 ඉදල මගේ ජීවිතෙත් එක්ක සමීපව තිබුණු සිරස පැය කිහිපයකට නිහඩ වෙලා.
අනේ පුතේ මල්ලි කොහොද ඉන්නෙ කියල බලන්න. එයාලට මොනව වෙලාද දන්නේ නැහැ.
අම්මා අඩන්න අරගෙන. ..........
මේ ප්‍රහාරය එල්ලවුනේ සිරස නාලිකාවටවත් එහි හිමිකරැ මහාරාජාටවත් නෙවෙයි.
සමස්ථ මාධ්‍යයට කියන එකයි මගේ අදහස.........
නිල්ලජ්ජිත, අවස්ථාවාදී දේශපාලනයක් තුල මාධ්‍ය නිදහස නැතිකරන්න අවශ්‍ය වෙලා තියෙනවා.
මේ එහි පළමු අවස්ථාව නෙවෙයි. ඒ වගේම අවසන් අවස්ථාවත් නොවන බව අපි හොදාකාරවම දන්නවා.
රජයට අවශ්‍යවෙලා තියෙන්නේ මාධ්‍ය පාලනය තමන්ගේ අතට ගන්න. අපි පොඩි කාලේ ප්‍රේමදාස ජනාධිපතිතුමාට වෛර කරා. පාසල් මාධ්‍ය අංකුර හැටියට හිටපු අපි දැක්කා මාධ්‍ය නිදහස සීමා කරන හැටි....
ඒත් දැන් හිතෙනවා............. ඒ කාලේ අදට වඩා නිදහසක් තිබුණා කියලා..............
මේවා රජය කරන දේවල් නොවෙන්න පුළුවන්............
ඒත් ප්රශ්නය තියෙන්නේ මාධ්‍ය නිදහස සුරැකීම රජයේ වගකීමක්..... ඔවුන් එය වටහාගෙන නැහැ.
එවන් තත්ත්වයක් තුළ වෙනත් බලවේග ක්‍රියාත්මක වෙනවා............
නැතිවෙන්නේ මාධ්‍ය නිදහස කියලා සරලව කියන්න පුළුවන් වුනත්.
එහි ගැඹුරැ දෙයක් තියෙනවා.
අදහස් ප්‍රකාශ කිරීමට හා තොරතුරැ ලබාදීමටත් ලබාගැනීමටත් අති මූලික මිනිස් අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය වනවා.
ඒ වගේම යුද්ධයක් කරන රටක (අපිත් යුද්ධයට හුරේ දානවා) මෙවන් සිදුවීම් ගැන ජාත්‍යන්තර වශයෙන් ලබාදෙන ප්‍රතිරෑපය හොද නැහැ.
මේවා රට කරවන ඇත්තන් තේරැම්ගත යුතුයි.
කොහොම උනත් මෙන්න මෙහෙමත් ප්‍රශ්නයක් තියෙනවා.
මහගෙදර වගේ වැඩසටහන්, සුපර් ස්ටාර් වගේ වැඩසටහන් වලට සමහරැ කැමැති නැහැ.
තමන් කැමති නැති ඒවා නොබල වෙන නාලිකාවක් බලන්න ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා.
ඒකට තමයි රෑපවාහිනියේ රිමෝට් එකක් තියෙන්නේ. ඒවට කැමති අයත් ඉන්නවනේ.
ඒත් මේ වැඩසහටන් විවේචනය කරපු රජයේ මාධ්‍ය දැන් ඒවා කොපි කරන්න පටන් අරන්........
ඒ ගැනත් පොඩ්ඩක් විතර හිතන්න.........
ඒ විතරක් නෙවෙයි. ඕනම ඈත දුෂ්කර ගමකට ගිහින් පුළුවන්නම් එහේ තියෙන ප්‍රශ්නයක් කාටද කියන්න ඕන කියලා අහන්න.
මිනිස්සු කියාවි අපි මේක සිරස ට කියමු කියලා.......
ඒක තමයි අද රටේ යථාර්ථය.
පාලකයන් පිස්සු නටද්දී මිනිසුන්ගේ බලාපොරොත්තුව වෙන්නේ ජනමාධ්‍ය........ ඒකෙදී සිරසට ප්‍රධාන තැනක් හිමිවුනා.
අනිත් දේ තමයි යුද්ධය.
සිරස යුද්ධය පෙන්නන්නේ නැහැ කියනවා.
කව්ද කියන්නේ කොහොම ද කියන්නේ.......
සෑම පුවත් විකාශයකදීම යුධ බිමේ තොරතුරැ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයෙන් කියලා පෙන්නන්නේ ඒවා තමයි.
රටේ ජාතික ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක් වන දේවල් මාධ්‍ය මගින් පෙන්වන්න බැහැ ඒවා මාධ්‍ය මධ්‍යස්ථානයෙන් ගත යුතුයි කියලා නීතියක් ආවා. ............
දැන් ගමේ පොලීසිය හොර හරක් ඇල්ලුවත් ගන්න ඒ තොරතුරැ මාධ්‍යවලට දෙන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක.
මෙයත් එක්තරා විදියක මාධ්‍ය මර්ධනයක් තමයි............
සිරස ට පමණක් නෙවෙයි සියළුම මාධ්‍ය ආයතන වලට තොරතුරැ දෙන්නේ එයාලා.
ඒ වගේම ජාතික රෑපවාහිනිය, ස්වාධීන රෑපවාහිනිය, ස්වර්ණවාහිනිය යුධ බිමට තමන්ගේ කණ්ඩායම් යවල තියෙනවා.
සිරස මේ සදහා අවස්ථාවක් ඉල්ලුවේ එකවාතවක් දෙකක් නෙවෙයි.
නමුත් ඒ සදහා අවස්ථාවක් නොදී
රටේ ප්‍රචාරයක් ගෙනියනවා සිරස යුධ පුවත් ආවරණය කරන්නේ නැහැ කියලා.
ඒකත් ජාතික ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක් නිසා හඩක් නගන්න විදියක් නැහැ.
මේවා සාමාන්‍ය මිනිස්සු දන්නේ නැහැ.
මාධ්‍යවේදීන් මුහුණ දෙන ප්‍රශ්න වල සැබෑ තත්ත්වය නොදැන මාධ්යගැන ඇතැම් පිරිස් වෛරයකින් පසුවෙනවා.
අපි ඔවුන්ට ආරාධනා කරනවා එන්න ඇත්ත දැනගන්න