Monday, January 5, 2009

ජනවාරි 04 - එකතුවීමේ අවශ්‍යතාව

මහ ඇමැති තුමාගේ ලැප්ටොප් සිද්ධියෙන් පස්සේ අපේ අය නැවත සංවිධානය විය යුතුයැයි හඩක් නගනවා. ඒක හොද ප්‍රවණතාවක්. අතීතයේ පටන් ගත්තු මාධ්‍ය සංවිධාන පහක් විතර ගාල්ලේ තිබුණා. ඒත් ඒවා අඩපණයි. අපි අළුතෙන් එකක් පටන් ගත්තා. සියළුම දෙනා ඒකට සහභාගිවුනේ අළුත් පරපුර ගැන විශ්වාසය තියලා. ඒත් අපිට කාර්යබහුලත්වය නිසාම වැඩක් කරන්න බැරිවුනා. දැන් යෝධ ශක්තියක් එකතුවෙලා. වැඩක් කරමු කියලා හැමෝම කියන්නේ අවංක හැගීමෙන්. අපි එකා වගේ ඉන්නවානම් ඒකේ ශක්තිය ලැබෙන්නේ දුක්විදින ජනතාවට.............. හඩක් නැති මිනිසුන්ට හඩක් වෙන්න අපිට පුළුවන්...........

6 comments:

  1. මාධ්‍යවේදීන් ගැන මා තුල ඇත්තේ සාමාන්‍ය අප්‍රසාදයකි. නමුත් හැමෝම එසේ නැතිබව මමත් පිලිගත යුතුය. එසේ කියන්නේ මාධ්‍යවේදියා ඔහුට අවශ්‍ය අන්දමට ප්‍රවෘත්ති විකෘති කරන බැවිනි. කෙසේ වුවද ඔබේ සටහන් කියවා බලන්නෙමි. ඔබේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමෙන් ප්‍රසිද්ධියේ කියා පෑමට නොහැකි දේවල් පුද්ගලිකව ලියා දැක්විය හැක.

    ReplyDelete
  2. හිතවත් සරත්, මාධ්‍යවේදීන් පිළිබද ඔබතුල ඇති අප්‍රසාදය සම්බන්ධයෙන් මගේ විවාදයක් නැත. එහෙත් ඔබට හමුවී ඇත්තේ මාධ්‍ය‍වේදීන්ගේ මුවාවෙන් පෙනී සිටින්නා වූ ව්‍යාජ මාධ්‍යවේදීන් වියහැක. සාමාන්‍යයෙන් හොද මාධ්‍යවේදියකු කිසිම දිනයක පවතින දේ හැර තම මතය ලියන්නේ නැත. අපට අපගේ මතය ලිවීමට කිසිදු අයුරකින් හැකියාවක් නැත. sdwijeweera@yahoo.com

    ReplyDelete
  3. විජේවීර මහත්මයා, ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. කාලයක් තිස්සේ උතුරේ ඇතිවන ගැටුම් ගැන එක් එක් මාධ‍ය වේදීන්ගේ රචනයන් මම සංසන්දනය කර බැලුවෙමි. කෙනෙක් ලියන සටහන අනෙකා ලියන සටහනට වෙනස්ය. විදේශීය මාධ්‍ය කරුවන් ඊටත් වඩා වෙනස්ය. අපේ ලංකාවේ රජයේ සටහන් තව දෙයකට වෙනස්ය. සමහරු සත්‍යය වසන් කර ඇත. සමහරු සත්‍යය වසන් නොකර එය නවා ඇත. ඔබ නිදහස් සත්‍යවාදී කෙනෙක් බව පසන්නේ නම් එය මම විශ්වාස කරමි.

    ReplyDelete
  4. "මහ ඇමැති තුමාගේ ලැප්ටොප් සිද්ධියෙන් පස්සේ"
    මේ මොකක්ද සිද්ධිය?

    අපිටත් කියන්න

    ReplyDelete
  5. මාධ්‍යවේදීන් එක්රැස්ව සිටියහොත් ශක්තිමත් බව ඇතැම් අයට තේරැම් යන්නේ මොනවා හරි ප්‍රශ්නක් මතුවූ විට පමණයි. අන්න ඒ අය ඒකරාශී වීමේ අවශ්‍යතාව තේරැම් අරගෙන තියෙනවා. ඒක හොද ප්‍රවණතාවක්

    ReplyDelete
  6. @ඩනිෂ්ක,
    http://swijeweera.blogspot.com/2009/01/03.html
    post එක ගැන වෙන්න ඕනෙ,
    කො මිනිහ උත්තර දෙන්නේ නෑනේ.

    ReplyDelete

ඔබේ හිතට නැගෙන අදහස් මට ඉතාමත්ම වැදගත්. අපිට දිරි දෙන්නේ ඔබයි මිතුරනේ.