හැමදාම උදේ පාන්දර සියළුම පුවත් පත් මිලදී ගෙන ඒවා කියවීම මගේ දිනචර්යාවේ කොටසක් වෙලා තිබුණේ දැන් වසර ගණනාවක සිට.
අද උදේ පත්තර ගත්තාම ඇති වුණේ ලොකු කළ කිරීමක්...............
හැම පත්තරේකම මුල් පිටුවේ තිබුණේ සිරසට එල්ලවූ ප්‍රහාරය ගැන.......
ඒත් රජයේ පත්තරවල මේ ගැන වචනයක්වත් නැහැ.
ඒකේ ඉන්නේ මාධ්‍යවේදියෝ නෙවියද කියලා ගැටළුවක් ඇතිවුනා.
ජාතික රෑපවාහිනියට එක්තරා පිරිසක් ඇවිත් පහරදීපු වෙලාවේ....
අපි පාරට බැහැලා උගුර ලේ රහ වෙනතුරැ කෑ ගැහුවේ කොන්දේසි විරහිතව මාධ්‍ය නිදහස වෙනුවෙන්......
ඒත් අද රජයේ මාධ්‍ය සිරසට එල්ල කරපු ප්‍රහාරය ගැන නිහඩයි.
මේ නිහැඩියාව කියාපන්නේ .......... මොකක්ද ?
ප්‍රහාරය එල්ලකළේ කවුද කියලා ඔවුන් නොකියා කියනවා නේද ?
මම නිකම්ම නිකම් පත්තරකාරයෙක්..........
ඒත් අපි මාධ්‍ය නිදහස වෙනුවෙන් හඩ නැගිය යුතුයි.
ජාතික රෑපවාහිනියේ සහෝදර මාධ්‍යවේදියෙකුගෙන් මේ ගැන මම ඇහුවා.......
ඔහු විරෝධතා ව්‍යාපාර වලට නම්දරපු කෙනෙක්.....
අපිත් ඔහු සමග රෑපවාහිනී ප්‍රහාරයේදී පාරට බැස්සා................
මේක ගැන මගේ පරිකල්පනාවට ආවේ නැහැ... ඒ නිසා මම විරෝධතා දක්වන්නේ නැහැ කියලා ඔහු කිව්වා.
ඒ සහෝදරයට මම නැවතත් මෙහෙම කියනවා.
කමක් නැහැ සහෝදරයා.......
ගැහුවේ කාටද ? ගැහුවේ කව්ද ? කියන එක අපිට ප්‍රශනයක් නැහැ.......
අපිට තියෙන ප්‍රශ්නය මාධ්‍ය නිදහස අහිමිවීම .....................
ආසන්නම හේතුව සිරසට එල්ලවූ ප්‍රහාරය බව අපි දන්නවා
මේක අවසන් සිදුවීම වෙන එකක් නැහැ.
සමහර විට ඉදිරි දවසක උඹේම මාධ්‍ය ආයතනයට නැවත ගහවි.
නැත්නම් උඹටම ගහවි.
එදාට අපි උඹ කියපු සියළු දේ අමතක කරලා.............
උඹ වෙනුවෙන් උඹේ මාධ්‍ය ආයතනය වෙනුවෙන් පාරට බහිනවා...... උඹ එපා කිව්වත්........
ඒ අපේ හැටි.....
අපි අපේ මාධ්‍ය නිදහස රැකගත යුතුයි.
තොරතුරැ ලබාදීමේත් ලබාගැනීමේත් අදහස් පලකිරීමේත් මානව අයිතිය නැතිකරන්න අපි ඉඩදෙන්නේ නැහැ.
එයාලට ගහපු වෙලාවේ කවුද දන්නේ නැහැ යන්තම් හරි උදවුවක් කලේ. ආපහු එහෙම සිදුවිම් වෙන්න බැරිද කියන එකත් ගැටළුවක්.
ReplyDeleteජාතික රූපවාහිණිය වෙනුවෙන් සිරස පාරට බැස්සේ ඇත්තටම මාධ්‍යවේදීන් ගැන තියන ආදරයටද ? මර්වින් සිල්වා එක්ක තියන වෛරයටද ? අපිටනම් ගැටලුවක්.
ReplyDeleteඑහෙමනම් අර අපිට තොරතුරු ගේන්න යුධ බිමට ගිය මාධ්‍යවේදීන් තුවාල ලබපු වෙලාවෙ ඔය නිදහස්... සාධාරණ.... අපක්ෂපාතී මාධ්‍යවේදියො කොහෙද හිටියෙ?