Monday, January 5, 2009

ආදරවන්තයාගේ වේෂයෙන් එන මාරයා



තව ටික දවසකින් රටපුරා හැම තැනම ගොඩාක් ලස්සන මලක් පිපිල තියෙනවා දැකගන්න පුළුවන්. ඇත්තටම ඒ මල් පොකුරැ පිපුණු ගස් පුදුම ලස්සනයි. මේකට කියන්නේ වැලන්ටයින් ට්‍රී හෙවත් ආදරවන්තයන්ගේ ගස කියලා. ඒත් මේ ගස පිටුපස තියෙන කථාව ඉතාමත්ම භියකරැයි.
මේක අපේ රටට ආගන්තුක ශාඛයක්. ආදරවන්තයන්ගේ දිනය සමරන වකවානුවේ මලින් බරවන නිසා මෙය වැලන්ටයින් ශාඛය ලෙස හදුන්වනවා. මැලේසියාවෙන් ලංකාවට ගෙනාපු මේ ගස දැන් හැමතැනම පැතිරිලා. තද කොළපාට පත්‍රයේ යටි පැත්ත දම්පාට නිසා මේක පහසුවෙන් හදුනාගන්න පුළුවන්.
ඵල හට නොගත්තත් මුල් වලින් පමණක් නොවෙයි ඉතාමත්ම පුංචි ඉති කෑල්ලකින් පවා පැලවෙන මේ ගස වදකිරීම සිහිනයක් වෙලා. මැලේසියාව වගේ රටවල මේ ගස විනාශ කරන්න කෝටි ගණන් මුදල් වියදම් කළා. ඒ නිසා අපි මේ වතාවෙත් මල් පිපෙන වැලන්ටයින් ශාක සියල්ල විනාශ කරමු. මෙය පරිසරයට ඉතා අහිතකරයි. පරිසර අමාත්‍යාංශය මෙය වද කළ යුතු ශාඛයක් ලෙස නම් කර තිබෙනවා.
කරන්න තියෙන එකම‍දේ ගස උගුල්ලා ගිනිතබන එක. නැතිව මෙය විනාශ කරන්න බැහැ.
වසර 2000 දී මේ ශාඛයේ අවදානම් තත්වය පිරික්සන විට අවදානම් තත්ව හතක් දක්නට ලැබුණා. 2006 නැවත එහි අවදානම් තත්වය බලන කොට එය අවදානම් තත්ත්ව 11 බවට පරිවර්තනය වෙලා. ඉතින් ශාකය කොතරම් අපිට හානිකරද කියා අටුවා ටීකා අවශ්‍ය නැහැ.
අපි අපේ රටට ආදරය කරනවානම් ‍......... අපේ ස්වභාවික පරිසරය අපේම දරැ පරපුරට ඒ ආකාරයට උරැම කළ යුතුයැයි කියන මතයේ ඉන්නවානම් අපි මේ ශාකය විනාශ කර දමමු.

6 comments:

  1. අගය කරන්න වටින සටහනක්. අපේ සමහර කට්ටියගේ මෝඩ කම් වලින් අපේම පරිසරයට කෙලවුන පළවෙනි පාර නෙවෙයි ඕක. මතකනෙ හෝර්ටන් තැන්නේ ලවක් දෙවක් නැතුව වැවෙන්න ගත්ත ශාඛය. කරන්න තියෙන්නේ පුළුවන් විදියට මේ ශාක විනාශ කරල දාන ‍එක තමයි. වාසනාවකට අපේ පැත්තෙ නං තාම දැක්කෙ නෑ.

    ReplyDelete
  2. අන්ධානුකරනයෙන් බටහිරින් වැළඳ ගත්ත තවත් අසූචි ගොඩක්...!
    දැනුවත් කළාට ගොඩක් පින්...!
    වහාම විනාශ කළ යුතු දෙයක්..!පරිසර උතුමන්ට බලකරමු.ළඟ එන වැලන්ටයින් මහල්ලා ගෙ දිනයෙ තෙමාවට මෙයම ගනිමු...!
    ..වැලන්ටයින් ශාකය නිසා පිරිමින්වඳ භාවයටත් ,ලිංගිකව අකර්මන්‍ය තාවයටත් පත්වන බව අළුතින්ම සොයා ගෙන තිබෙන බව පතුරවමු....!
    - සිසිර

    ReplyDelete
  3. ඇත්තටම හොද සටහනක් .මේ පැත්තෙත් තිහනවා

    ReplyDelete
  4. ඉස්සරනම් අපේ ගෙදරත් තිබ්බ දැන්නම් නැහැ. අල්ලපු ගෙදර තිබිල තමා අපේ ගෙදරත් පැල ආවෙ.හරිම ඉක්මනින් පැළ වෙනවා.

    "..වැලන්ටයින් ශාකය නිසා පිරිමින්වඳ භාවයටත් ,ලිංගිකව අකර්මන්‍ය තාවයටත් පත්වන බව අළුතින්ම සොයා ගෙන තිබෙන බව පතුරවමු....!"

    නියම අදහස කට්ටිය ගලවයි පට ගාල ...

    ReplyDelete
  5. මම සිතන්නෙ අප අතරෙ මෙවැනි ශාක කිහිපයක් තියෙනව. මම ඉස්සර නම් (පාසල් යන අවදියේ) ඔය පරිසර සංගම් එක්ක මේ ගැන වැඩ කලා. බොහෝ අය දැනුවත් කලත් මේ අය ගනන් නොගැනීමේ තත්වයක් නම් තියෙනව.

    @ම
    මරු අදහස.

    ReplyDelete

ඔබේ හිතට නැගෙන අදහස් මට ඉතාමත්ම වැදගත්. අපිට දිරි දෙන්නේ ඔබයි මිතුරනේ.