Friday, January 9, 2009

නොදන්නා කම

වෛද්‍යවරැන් කරන දේ මට නොතේරේ. ඔවුන්ට ඇති ගැටළුද මට කිසිදා තේරැම්ගත නොහැක ඒ මම වෛද්‍යවරයකු නොවන නිසාවෙනි.
මිනින්දෝරැවන් කරන කියන දේ පමණක් නොව ඔවුන්ගේ ගැටළුද මට නොතේරේ ඒ මම මිනින්දෝරැවකු නොවන බවැනි.
බස් රියදුරෝ, බස් හිමියෝ හැමදාමත් කරන අරගල මම තේරැම්ගන්නේ නැත. ඒ මම එවැන්නෙකු නොවන බැවිනි.
ගුරැවරැන්ට ඇති ගැටළුද මම නොදනී. මම කිසිදා උගන්වා නැති බැවිනි.
මාධ්‍යවේදීන් වශයෙන් අපට, මට ඇති ගැටළු මෙන්ම අප කරන කියන දෑ ඔබ කිසිවෙකුත් කිසිවක් නොදනී. තේරැම් ගැනීමට ද නොහැක. ඒ ඔබ මාධ්‍යවේදියකු නොවන බැවිනි.
ඔබ දන්නේ මාධ්‍යවේදීන් ගැන, මාධ්‍යය ගැන අන් කවරකු හෝ කියන කථාවක් පමණි.

2 comments:

  1. වෛද්‍ය වරුන් ලෝ තතු ඉතාමත්ම ස්වල්පයක් දැනගෙන සියල්ල දන්නා සේ කථා කරති.. නමුත් ඔවුන් දන්නේ ඉතාම ස්වල්පයකි. ශාස්ත්‍රයක් වශයෙන් යම් විද්‍යාවක් ඉගෙන ගෙන ඇත. සාමාන්‍ය ජන ජීවිතයට ඒ උගත් දේ යොමු කිරීමට ඔවුන්ට උගන්වා නැත. ඔවුන්ට මානව සන්නිවේදනය උගන්වා නැත. ඇත්තේ යල් පැනපු ක්‍රමයකි.

    ReplyDelete
  2. එහෙනම් කොහොමද මාධ්‍යවේදියෙක් සමාජයේ අනිකුත් මිනිසුන්ගේ ප්‍රශ්න ගැන ලියන්නේ

    ReplyDelete

ඔබේ හිතට නැගෙන අදහස් මට ඉතාමත්ම වැදගත්. අපිට දිරි දෙන්නේ ඔබයි මිතුරනේ.