Friday, January 9, 2009

ආසියාවේ පැරණිම නැව ශ්‍රී ලංකාවෙන්....................








මීට අවුරැදු ගණනාවකට පෙර ගොඩවාය ප්‍රදේශයේ බෙල්ලන් එකතුකිරීමට කිමිදෙන දෙදෙනෙකුට මුහුදේදී අපූරැ වස්තුවක් ලැබුණා. ඒක ගල්බංකුවක්. මේකේ සළකුණක් තිබුණා. ඒකට කියන්නේ නන්දිපාද සළකුණ කියලා. මේ සළකුණ භාවිතා කළේ ක්‍රි.පූ. 300 ත් ක්‍රි.ව. 300 ත් අතර කාලයේදී.
පසුගිය දවස්වල සමුද්‍ර පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් මේ ගල් බංකුව ලැබුණු ස්ථානයේ මුහුද ගවේෂණය කළා. පුදුමයක්. ගිලී ගිය නැවක නටඹුන් එම ස්ථානයේ දක්නට ලැබුණා. මේ නැ‍වේ නෂ්ඨාවශේෂ අතර කළු රතු මැටි බදුන් ලෙස හදුන්වන එක පැත්තක් රතු අනෙක් පැත්ත කළු පැහැති මැටි බදුන් ගොඩක් දක්නට ලැබුණා. ඒ වගේම අතීතයේ මැටි බදුන් ඔබදමන්න භාවිතා කළ ද්‍රව්‍ය රැසකුත් එම ස්ථානයේ තිබුණා.
ඒ වගේම දැඩි ලෙස දිරාගිය ලී නැවක අවශේෂ එම ස්ථානයේ තිබෙන බව පුරාවිද්‍යාඥයන් තේරැම් ගත්තා. අතීතයේ භික්ෂූන් වහන්සේලා අසුන් ගැනීමට භාවිතා කළ දෙයක් තමයි අර ගල් බංකුව. ‍ගොඩවාය පැරණි වරාය පිහිටි ස්ථානයේ සිට කිලෝ මීටර හතරක් ඈත මුහුදේ අඩි 110 ක් ගැඹුරෙන් හමුවූ මේ ගල් බංකුව, එතැන තිබූ මැටි බදුන් නිෂ්පාදනය කළ ආකාරය හා එහි ඇති අවශේෂ අනුව පුරාවිද්‍යාඥයන් නිගමනය කළේ ක්‍රිස්තු පූර්ව 300 දී පමණ ගිලී ගිය නැවක නටඹුන් තමන්ට හමුවී ඇති බවයි.
එසේනම් මේ හමුවී තිබෙන්නේ මෙතක් ලොව හමුවූ පැරණිතම නැව නොවුනත් එය අනිවාර්යයෙන්ම ආසියානු කලාපයේ දී හමුවූ ‍පැරණිතම නැව බවටනම් විවාදයක් නැහැ.
අපේ රටේ පුරාවිද්‍යාත්මක වටිනාකම ඓතිහාසික වටිනාකම ඒ අනුව සිය දහස් ගුණයකින් ඉහළ ගියා.

10 comments:

  1. මේ ගල් බංකුව නැවේ තියෙන්න ඇත්තේ මොණවගේ දේකකටද?

    ReplyDelete
  2. මෙය භාවිතා කළේ හාමුදුරැවරැ අසුන් ගැනීම සදහා. ඇතැම් විට මේ නැවේ හාමුදුරැවරැ වැඩියා වෙන්නත් පුළුවන්

    ReplyDelete
  3. ගොඩවායෙ ඔය නෑව ගවෙශනය කල දවසෙ සවස මමත් එතෙන්ට ගියා.මොකද දන්නවද අපෙත් යලුවෙක් ඩඉවින් වලට ගියා පුරා.වි ඒකෙ. මෙයලා අතුරුදන් වෙල කියල පනිවිඩයක් ලෑබිල.පස්සෙ වෙන තෑනකින් ගොඩ ගත්තා ඒ අයව

    ReplyDelete
  4. විජේවීර මහත්මයා ඔය ගොඩවාය වරාය අපේ රටේ තිබුනු පැරණි වරයන්ගෙන් එකක්. අම්බලන්තොට කිට්ටුව තියෙන ඔය වරාය, මහාවංශයෙ බොහොම විස්තර වශයෙන් සඳහන් වෙනව. හොඳට ඒ ගැන පර්යේශන කරොත් අපිට හිතන්න බැරි තරම් දේවල් හම්බ වෙන්න පුලුවන්. මට හිතෙන හැටියට දැනට තියෙන ඉතිහාසයට වඩා ගැඹුරු ඉතිහාසයක් මාගම් පුරයට තියෙනව. වාණිජ අතින් සාක්ෂි ඔය මුහුදෙ තියෙන්න ඕන.

    ReplyDelete
  5. සරත් ගුණතුංග මහතා ඔබ නිවැරදියි. නමුත් ප්‍රශ්නයන තිබෙන්නේ අවශ්‍ය කැණීම් කටයුතු සදහා අවශ්‍ය ප්‍රතිපාදන නොමැති කමයි. එවැනි මුදල් තිබෙනවානම් අපේ රටේ මහාවංශය වැනි හුදු කතාන්තර පොත් වල තිබෙන විකෘත්ති ඉතිහාසයට වඩා සත්‍ය කථාන්තරයක් ගොඩනගාගන්න පුළුවන් වේවි. ඇත්තටම මේක අපේ අවාසනාව.

    ReplyDelete
  6. ප්‍රභාකරනුත් මහාවංශයෙ විකෘති බව ප්‍රකාශ කරල තියෙනව

    ReplyDelete
  7. ප්‍රභාකරන් මහාවංශයේ ඇතැම් කරැණු විකෘත්ති කරන්න උත්සාහගත්තේ වෙනත් කාරණයකට. ඒකා ත්‍රස්තවාදියෙක්. නමුත් මහාවංශය මත පමණක් පදනම් වී අපි ඉතිහාසය හැදෑරීම වැරදියි. මහාවංශය රචනා කළේ වීරකාව්‍යයක් ලෙස මහසෙන් රජුගේ සමයේදී. ඉතින් මේ වීරකාව්‍යය එහි රචකයාට අවශ්‍ය විදියට ගොනුකර තිබෙනවා. මහාවංශය කොතරම් වැරදිද කියන්න මම පුංචි උදාහරණයක් දෙන්නම්. ලංකාවේ දුටුගැමුණු කියා රජකෙනෙක් හිටියේ නැහැ.

    ReplyDelete
  8. සංජිව මහත්මයා... දුටුගැමුණු කථාව ගැන ලිපියක් ලිව්වොත් නරකද?

    මමත් මහාවංශය පිළිගන්නේ තවත් එක් නිර්මාණයක් විදියට විතරයි..‍‍අපේ රටේ බොහෝ නිර්මාණශීලි අය පෙර සිට ජිවත්ව හිද තියෙනවා.. බෞද්ධ දර්ශණය පවා සාහිත්‍යය මගින් නිසි මගින් තරමක් ඈත කරලා කියලයි මම නම් පුද්ගලිකව හිතන්නේ..!

    ReplyDelete
  9. ගුණතුංග මහත්මයෝ,
    මහාවංශයේ සඳහන් වනවාට වඩා ශ්‍රේෂ්ඨ අතීතයක් අපට තිබෙනවා. මේ බව හොඳින් හඳුනාගත් ඉංග්‍රීසි ජාතිකයෝ ඒ ඉතා පැරණි සෞභාග්‍යමත් කාලය යටපත් කිරීම සඳහා උපක්‍රමශීලීව අපේම සාහිත්‍ය කෘතියක් වූ මහාවංශය උලුප්පා දැක්වූවා. ආනන්දෙට නාලන්දෙට ගියත් අපි ලැබුවේ මිශනාරී අධ්‍යාපනයත් බවට ඔබත් එකඟ වෙනවා ඇති. ඒ අධ්‍යාපනය තුල අපේ හිත්වලට ඇතුල් කරපු ඔය දේවල් නිවැරදි කළ යුතු කාලය දැන් එළඹ තිබේ. ප්‍රභාකරන්ට අවශ්‍ය සුද්දත් පිළිගත් ඉතිහාසයත් වැරදියි කීමටයි.
    තවත් දෙයක්!
    ලංකා ඉතිහාසය හා අපේ උරුමය ගැන අවංක කැක්කුමක් තිබෙන ඔබ වැනි විදේශයේ සිටින ලාංකිකයින්ටත් ලොකු දෙයක් අපේ උරුමය සුරැකීම සඳහා කළහැකි බවයි අපේ හැඟීම.

    ReplyDelete

ඔබේ හිතට නැගෙන අදහස් මට ඉතාමත්ම වැදගත්. අපිට දිරි දෙන්නේ ඔබයි මිතුරනේ.