Monday, December 29, 2008

මිලිනවන මල් කැකුළු

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව වාර්තාවන ළමා මරණ වලින් සැළකිය යුතු ප්‍රමාණයක් සිදුවෙන්නේ අනාරක්ෂිත ලිං තුලට වැටීමෙන්. මෙය සැබැවින්ම වළක්වා ගත හැකි මරණ.
පසුගියදා මට අසන්නට ලැබු‍ණේ ඊටත් වඩා දුක හිතෙන කථාවක්.
අම්ම සිංහල තාත්තා දෙමළ පවුලක එක දියණියක් හිටියා.
අම්ම දෙමළ තාත්තා සිංහල පවුලක කොල්ලෙක් එක්ක විවාහ වුණු ඇය දරැවන් හතර දෙනෙක් වැදුව.
මේ පිරිමියා තම බිරිදගේ නංගිවත් ගෙදර නවත්ත ගත්ත.
ලැයිම් කාමර ජීවිතේට ලිංගිකත්වය කියන එක පුද්ගලික දෙයක් වුණේ නැහැ.
ඉතින් නංගිටත් ළමයෙක් ලැබුණා. තාත්තා අර එකම පිරිමියා.
එක තාත්තගේ අම්මලා දෙන්නගේ ළමයි හැදුණෙ වැඩුනේ එකම ලැයිමෙ. එක පොල් පොදියට.
තමන්ගෙ දරැවන්ගෙ දරැවො බලාගත්තෙ සිංහල අම්මා ඇවිත්.
එක දවසක් මේ අත්තම්ම එක දරැවෙක් නිදිකරවන්න ලැයිම ඇත්තුලට ගියා.
අවුරැදු 11 වයස එක මිණිපිරියක් බාලම මුණුපුරා (වයස අවුරැද්දයි) බලාගෙන හිටිය.
ටික වෙලාවකින් අර මිණිපිරිය ගේ ඇතුලෙ
අත්තම්ම දුවල ගිහින් ගේ පිටිපස්සෙ බලනකොට මිණිපිරිය පිගන් හෝදන්න ගෙනාපු වතු භාජනේට අර දරැව වැටිලා.
හැමදේම ප්‍රමාද වෙලා. රෝහලට ගෙන ගිහින් දරැවගේ ජීවිතේ බේරගන්න බැරි වුනා.
මරණ පරීක්ෂණ‍යෙද තීරණය වුණේ දියේ ගිලී මිය යාමක් ලෙසින්.
ඒත් මරණය අතරතුර අහන්න ලබුණේ වෙනත් කථාවක්.
එක තාත්තා බෙදා ගන්න අම්මල දෙන්න අතර තිබුණු සීතල යුද්ධය නිසා ඒ දරැව ජීවිතෙන් වන්දි ගෙව්ව කියල ගමේ මිනිස්සු කියන්න පටන් ගත්තා.

මේ තමයි මගේ ආරම්භක සටහන

නවීන තාක්ෂණය පුදුම එළවන සුළුයි. අපි පොඩි කාලේ මෙහෙම වැඩකරන්න හිතාගෙනවත් හිටියෙ නැහැ. ඒත් අපිට ඕන වුනා රට හදන්න. මේ රටේ පවතින විදිය වෙනස් කරන්න. ඒත් අපි ඒකට විප්ලවය තෝරගත්තේ නැහැ. මට හිතාගත්ත මාධ්‍යවේදියෙක් වීමෙන් මේ රටේ ජනතාවට යම් සේවයක් කරන්න පුළුවන් කියල. කොන්ද පණ තියෙන නිදහස්ව නිවහල්ව හිතන්න පුළුවන් මාධ්‍යවේදියෙක් වීම මගේ එකම අභිලාෂය වුනා. මම සාර්ථකද අසාර්ථකද කියන එක අද හෙට තීරණය කරන්න බැහැ. ඒත් මම හැමතිස්සෙම උත්සාහ කළේ සාර්ථක මාධ්‍යවේදියෙක් වෙන්න. මේ ඒ සේවයේ අන්තර්ජාල මෙහෙවරේ දෙවැනි පියවර. පළමු පියවර වුනේ අපි කිහිප දෙනෙක් එක්වෙලා මේ වන විට අත්හදා බලමින් තිබෙන enews.lk කියන වෙබ් අඩවිය.
අපිට ලැබෙන අත්දැකීම් රටේ තොටේ සිදුවන දේවල් වගේම අන්තර් ජාලයෙන් යම් මතවේදයක් ගොඩනගන්න මේ විදියත් හොදින් ගැලපෙනව කියන එක මගේ අදහසක්. ඉතින් අද 2008 දෙසැම්බර් 27 වැනිදා. මේ තබන පළමු සටහන දීර්ඝ මාධ්‍ය චාරිකාවක තවත් එක් අපූරැ අත්දැකීමක් වේවි කියලයි මගේ අදහස. මෙයට ආරම්භක ශක්තිය දීපු බන්දුල සහෘද්දයාට අනේක වාරයක් ස්තූතියි.