සදාචාරවත් මාධ්‍ය කර්මාන්තයක් මෙරට ජනතාව වෙත තිළිණ කරමින් ජනතාවට වගකියන ජනතා විශ්වාසය දිනාගත් මාධ්‍යයක් වෙනුවෙන් කරනු ලබන කැපවීමකි
Friday, January 9, 2009
ලොව පැරණිම වී......... ශ්‍රී ලංකාවෙන්
තිස්සමහාරාමයේ කැණීම් වලින් අපූරැ වස්තුවක් හමුවුණා.
පියනකින් වසා තිබූ මුට්ටයක්.
හුගක් දෙනෙක් හිතුවේ මෙහි කාසි ඇති කියලා.
ප්‍රවේශමෙන් උඩට අරගෙන පියන ඇරලා බලන කොට ඒක ඇතුලේ වී පුරවලා.
මේ මුට්ටිය හමුවුනේ ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට අයත්යැයි කාල නිර්ණය කරපු පස්තට්ටුවකින්.
සමහර විටක පසුකාලයකදී මෙය වළලන්නට ඇති.
නමුත් මේ මුට්ටියේ තියෙන සංකේත කිහිපයක් හා මුට්ටිය සෑදූ තාක්ෂණය අනුව එය අයත් වන්නේ ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට
එහෙමනම් මේ වී තොගය අදින් අවුරැදු 2300 ක් පැරණියි.
මුට්ටියට කිසිදු හානියක් සිදුවී නොමැති නිසා වී තොගය ඉතා පිරිසිදුව තිබුණා.
නමුත් වී බොල් වෙලා.
දැන් මේ සියල්ල තිබෙන්නේ ජර්මනියේ.
වැඩිදුර පරයේෂණ සදහා රැගෙන ගිහින්.
තවත් වසරකින් පමණ අපට නිවැරදි තොරතුරැ ලැබේවි.
කොහොම වුනත් මේ වී ටික ලෝකයේ පැරණිම ධාන්‍ය තොගය විය හැකියි.
මෙය වැදගත් වන්නේ අපේ අතීත මුතුන් මිත්තන්ගේ ආහාර රටාව අධ්‍යයනය කරන්න තියෙන හොදම සාක්ෂියක් නිසා
Subscribe to:
Post Comments (Atom)
විජේවීර මහත්මයා, ඒ කියන්නෙ කාවන්තිස්ස රජ සමය වගෙයි නේද? මාගම් පුරය කොපමණ සරුසාරව තියෙන්න ඇද්ද?
ReplyDelete@ සජීව
ReplyDeleteඔබ ඉතා වටිනා කරුණු රැසක් හෙළිකර තිබෙනවා.එයට බොහෝම ස්තූතියි.
මට පොඩි උදව්වක් කරන්න පුළුවන්ද?
ඔබ ඉහත දක්වා ඇති ඡායාරූපවල විකෟති(ඔබේ නම නොයෙදූ ) නොකරපු පිංතූර ටිකක් මට එවනවද?
manojcola@gmail.com
@ සරත් ගුණතුංග මහතා
ReplyDeleteක්‍රි.පූර්‍ව 3 සියවස කියන්නේ කාවන්තිස්ස රාජ සමය සහ ඊට පෙර යුගය එනම් දේවානම් පිය තිස්ස රජ සමය දක්වා අදාල වෙනවා.
එකල මාගම භාවිතා කර තිබෙන්නේ අනුරාධපුර නගරයට විකල්ප ආර්ථික,යුධ හා පරිපාලනමය මූලස්ථානයක් ලෙසයි.මේ නිසා අනුරාධපුරයට සමාන සංවර්ධනයක් රුහුණෙත් තියෙන්න ඇති.
ස්තූතියි් මේ වටිනා කරුනු අපිට දුන්නට...
ReplyDeleteඅල්ලපු ගමේ වෙලත් මම දන්නෙ නැහැ... :D
ස්තූතියි නැවත වාරයක්..
ඔබ මීට අවුරුදු ගණනකට කලින් සක්‍රීයව පැවති ගාළු දිස්ත්‍රික් විද්‍යා සම්මේලනයේ සාමාජිකයෙක්ද
ReplyDeleteහරිම වැදගත් තොරතුරු ටිකක්. ඒ පිළිබඳව දැනුවත් කලාට බොහොම ස්තූතියි
ReplyDeleteමනෝජ් මහතා,
ReplyDeleteමේ ඡායාරෑප මම ගන්නවාට එම කැණීම් සිදු කළ කණ්ඩායමේ සිටි විදෙස් මහාචාර්යවරයා කැමැති වුණේ නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අයටවත් මෙහි ඡායාරෑප ගැනීමට ඉඩ දුන්නේ නැහැ. මම උපක්‍රමශීලීව ගත් ඡායාරෑප කිහිපයක් පමණයි මා සතුව තිබෙන්නේ. එයින් මුට්ටියේ සහ වී වල මේ ඡායාරෑප දෙකම පමණයි තිබෙන්නේ. වී ටික දැන් ලංකාවේ නැහැ. පර්යේෂණ කටයුතු සදහා රට ජර්මනියට ගෙනගොස්. ඉතින් ලංකාවේ මෙවැන්නක් තිබුණු බවට ඇති එකම සාක්ෂිය මගේ ඡායාරෑප පමණයි. මෙහි පර්යේෂණ වාර්තාව පිටවන තුරැ ඔබට මේ ඡායාරෑප ලබාදිය නොහැකියි. ඒ නිසා තමයි මම මගේ නම මෙහි මැදට දැම්මේ. අමනාප වන්න එපා. මාව තේරැම් ගන්න.
සරත් ගුණතුංග මහතා,
ReplyDeleteමෙම කැණීම් ස්ථානය හරිම අපූරැ තැනක්. මුලින්ම මෑත කාලීන ඉදිකිරීම් හමුවුනා. ඒවා ඉවත්කළාට පසු ක්‍රි.ව. 1500 පමණ ඉදිකිරීම් හමුවුනා. ඒවා නිවාස සංකීර්ණයක්. ඊට පසු ඒ කොටස් ඉවත් කර යටට කැණීම් කරද්දී ක්‍රි.ව. 300 පමණ බෙහෙත් නිෂ්පාදනාගාරයක් හමුවුනා. මෙය රෝහලක් නොවන බව පැහැදිලි වුණේ එකම බෙහෙත් ඔරැවක්වත් හමුනොවීම හා බෙහෙත් දමන මුට්ටි හා ඇඹරැම් ගල් විශාල වශයෙන් හමුවීම නිසා. එය ඉවත් කැරැණා. ඉන් පසු නැවතත් මතුවුණේ ප්‍රභූ නිවාස සංකීර්ණයක නටඹුන්. මෙහි බිත්ති ඇලවී තිබීම නිසා තීරණය කැරැණේ ඒවා ගං වතුරකින් විනාශ වී තිබූ බව. එය ක්‍රි.පූ. 100 පමණ. ඉන් පසුව තවත් යටට කැණීම් සිදු කරද්දී රවුම් නිවාස වල පාදම් හමුවනවා. වරිච්චි බිත්ති හමුවනවා. ඒ ස්ථානයේදී තමයි වී බහාලූ මුට්ටිය හමුවුණේ. මේ යුගය කාවන්තිස්ස යුගයටත් පෙර විය හැකියි. කාල නීර්ණය අනුව ක්‍රි.පූ. 300 දී පමණ. දේවානම් පියතිස්ස රජු හා සමකාලීනයි. මේ කාලයේ මාගම රාජධානියේ දසබෑ රජවරැ සිටි බව කැයැවෙනවා.
ඔව් මම ගාල්ල දිස්ත්‍රික් විද්‍යා සංගමයේ සාමාජිකයකුව සිටියා.
ReplyDeleteහිතවත් සජීව,
ReplyDeleteපසුගිය දෙසැ.30 දා මම බන්දුල ත් එක්ක අකුරුගොඩ මෙම තැන බලන්න ගියා.
ඉතාම වැදගත් සාධක ලැබුණු තැනක් ,අද බලන්නත් දුකයි..!මුළු කැණීම ම වතුරෙන් යටවෙලා..! අඩුම තරමින් පුරාවිද්‍යා කැණීමක හැටි වත් අපෙ දරුවනට බලන්න ,සංචාරකයන්ට බලාගන්න වත් ක්‍රමයක් සලස්වන්න අපෙ බලධාරීන්ට බැරි වුණා නෙ.( අද තියෙන තත්වය මගෙ බ්ලොග් එකට ගිහින් බලන්න..)- සිසිර
ඇයි සජීව මෙවැනි දේ මහජනතාව අතරට යනවාට 'මහාචාර්යවරු' අකමැති.
ReplyDeleteඔබ මේ ස්ථෘනය පිළිබඳව පුවත්පතකට ලිපි පෙලක් සැපයූවා නේද? එහි පලවූයේ 'මහාචාර්යවරුන්ට' අවශ්‍ය දේ පමණක්ද?
මාධ්‍යවේදීන් 'මහාචාර්යවරුන්ටත්' කඩේ යනවාද?