Thursday, January 8, 2009

මාධ්‍ය නිදහස

මම හිතාගෙන හිටියේ මේ මාධ්‍ය නිදහස ගැන කථාව ඊයේ රාත්‍රියෙන් නවතා දමන්න. ඒත් අද උදේ වරැවේ ලසන්ත විකමතුංගට වෙඩි තියලා. ඔහු කළුබෝවිල රෝහලේදී මියගියා. මේ වෙලාවේ අපිට මතක්වෙන්නේ රිචඩ් ද සොයිසා වගේ මාධ්‍ය වේදීන් ඝාතනය කරපු හැටි. දැන් තත්ත්වය ඊටත් වඩා එහා ගිහින් වගේ..........
සිරසට ගහපු වෙලාවේ මාධ්‍ය නිදහස නැති වෙනවා. නැති කරන්න හදනවා කියලා අපි කියද්දී ඒකට විරැද්ධ වුනු සහෝදරයොත් හිටියා. සමහරැ කිව්වා සිරස යූ.එන්.පී. එකත් එක්ක එකතුවෙලා කුමන්ත්‍රණයක් කරලාය කියලා. දැන් ඉතින් එයාලා මොකද කියන්නේ............. ලසන්ත වික්‍රමතුංග තමන්ටම වෙඩි තියාගන්න ඇති නේද ?

අද ලංකාදීප පත්‍තරේ ගුරැදා විග්‍රහය අවසන් කරලා තිබුණේ මෙන්න මේ විදියට
මොලර් නම් ජර්මානු ජාතික කවියා ලියපු මේ පද පේලියෙන්.............
ඔවුන් පැමිණ ක්‍රිස්තියානුවන් ඝාතනය කරන විට මම කතා නොකළෙමි.
මා ක්‍රිස්තියා‍නුවෙකු නොවන නිසා
ඔවුන් පැමිණ අසල්වැසියන් ඝාතනය කරන විට මම කතා නොකළෙමි.
ඔවුන් මාගේ නිවසට නොපැමිණි නිසා
ඔවුන් පැමිණ යුදෙව්වන් ඝාතනය කරන විට මම කතා නොකළෙමි.
මම යුදෙව්වෙකු නොවන නිසා.
ඔවුන් පැමිණ ප්‍රජාතන්ත්‍රවාදීන් ඝාතනය කරන විට මම කතා නොකළෙමි.
මා දේශපාලනය නොකරන නිසා.
ඔවුන් පැමිණ මගේ නිවසට තට්ටු කරන විට මා වෙනුවෙන් කතා කරන්න කිසි‍වෙකු නොවුණි.
ඔවුන් සියලු දෙනා ඝාතනය කොට අවසන් නිසා

3 comments:

  1. මරාගෙන මැරෙන කුමන්ත්‍රණයක්

    ReplyDelete
  2. රටට අවශ්‍යවනුයේ මුදලට මාධ්‍ය කියාවලියේ යෙදෙන මාධ්‍යවේදීන් පමනි. යුද්ධයක් පැවැ‍ත්වෙන මොහොතක මෙවැනි දේ පල නොකරන්න

    අනේ කාලේ

    ReplyDelete
  3. @r.suganthan
    රටට අවශ්‍ය පිට කොන්දක් නැති ඕනෑම පදයකට නැ‍ටවිය හැකි මාධ්‍යවේදීන්ද? ඕනෑම ග‍ජබින්නයක් එක කටට ගිලින මෝඩ ජනතාවක්ද?

    ReplyDelete

ඔබේ හිතට නැගෙන අදහස් මට ඉතාමත්ම වැදගත්. අපිට දිරි දෙන්නේ ඔබයි මිතුරනේ.