






මීට අවුරැදු ගණනාවකට පෙර ගොඩවාය ප්‍රදේශයේ බෙල්ලන් එකතුකිරීමට කිමිදෙන දෙදෙනෙකුට මුහුදේදී අපූරැ වස්තුවක් ලැබුණා. ඒක ගල්බංකුවක්. මේකේ සළකුණක් තිබුණා. ඒකට කියන්නේ නන්දිපාද සළකුණ කියලා. මේ සළකුණ භාවිතා කළේ ක්‍රි.පූ. 300 ත් ක්‍රි.ව. 300 ත් අතර කාලයේදී.
පසුගිය දවස්වල සමුද්‍ර පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් මේ ගල් බංකුව ලැබුණු ස්ථානයේ මුහුද ගවේෂණය කළා. පුදුමයක්. ගිලී ගිය නැවක නටඹුන් එම ස්ථානයේ දක්නට ලැබුණා. මේ නැවේ නෂ්ඨාවශේෂ අතර කළු රතු මැටි බදුන් ලෙස හදුන්වන එක පැත්තක් රතු අනෙක් පැත්ත කළු පැහැති මැටි බදුන් ගොඩක් දක්නට ලැබුණා. ඒ වගේම අතීතයේ මැටි බදුන් ඔබදමන්න භාවිතා කළ ද්‍රව්‍ය රැසකුත් එම ස්ථානයේ තිබුණා.
ඒ වගේම දැඩි ලෙස දිරාගිය ලී නැවක අවශේෂ එම ස්ථානයේ තිබෙන බව පුරාවිද්‍යාඥයන් තේරැම් ගත්තා. අතීතයේ භික්ෂූන් වහන්සේලා අසුන් ගැනීමට භාවිතා කළ දෙයක් තමයි අර ගල් බංකුව. ගොඩවාය පැරණි වරාය පිහිටි ස්ථානයේ සිට කිලෝ මීටර හතරක් ඈත මුහුදේ අඩි 110 ක් ගැඹුරෙන් හමුවූ මේ ගල් බංකුව, එතැන තිබූ මැටි බදුන් නිෂ්පාදනය කළ ආකාරය හා එහි ඇති අවශේෂ අනුව පුරාවිද්‍යාඥයන් නිගමනය කළේ ක්‍රිස්තු පූර්ව 300 දී පමණ ගිලී ගිය නැවක නටඹුන් තමන්ට හමුවී ඇති බවයි.
එසේනම් මේ හමුවී තිබෙන්නේ මෙතක් ලොව හමුවූ පැරණිතම නැව නොවුනත් එය අනිවාර්යයෙන්ම ආසියානු කලාපයේ දී හමුවූ පැරණිතම නැව බවටනම් විවාදයක් නැහැ.
අපේ රටේ පුරාවිද්‍යාත්මක වටිනාකම ඓතිහාසික වටිනාකම ඒ අනුව සිය දහස් ගුණයකින් ඉහළ ගියා.