Tuesday, January 13, 2009

කැබැල්ලෑවා.......




මේ පුංචි කැබැල්ලෑ පැටියා හමුවෙලා තිබුණේ කැලෑවේ ඇවිදින්න ගියපු තරැණයන් පිරිසකට. ඔවුන් දැනගෙන හිටියේ නැහැ මේ මොකෙක්ද කියලා. ඔවුන් කිසිම දිනයක කැබැල්ලෑවෙක් දැකල තිබුණේ නැහැ. මේ අමුතු සතාව ඔවුන් ගෙදර ගෙනාවා. ගෙදර හිටපු සීයා තමයි කීවේ මේ ඉන්නේ කැබැල්ලෑ පැටියෙක් කියලා. ඒකා සුදුම සුදුයි. ලොකු වෙනකොට දුඹුරැ පාට වුනත් තවමත් පොඩි එකානේ........... .
කැබැල්ලෑවෙක් නිවසක හදන්න බැහැ. ඒක නීති විරෝධී කටයුත්තක්. මේ තරැණයන් ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයට කැබැල්ලෑ පැටියව භාර දුන්නා. දැන් කැබැල්ලෑවා කිරි බොමින් වැඩෙනවා.
කැබැල්ලෑවා සත්ත්ව විද්‍යාත්මකව හදුන්වන්නේ මානිස් ක්‍රැසිකෝඩාටා ලෙසිනි. මේ අහිංසක සත්ත්වයා මේ වනවිට වදවී යාමේ තර්ජනයට මුහුණ පා ඇති සත්ත්වයෙකුද වනවා. ඒ වගේම කැබැල්ලෑවා විශේෂ සතකු වන්නේ සිරැරේ රෝම නොමැති එකම ක්ෂීරපායී (කිරි බී වැඩෙන) සත්ත්වයාද වන නිසා.
මස් සදහා කැබැල්ලෑවා මරා දැමීම සහ වනාන්තර විනාශය නිසා ඔවුන් ඉතා නුදුරැ අනාගතයේදී ලංකාවෙන් වදවී යාමට ඉඩ තිබෙනවා.

8 comments:

  1. කැබැල්ලෑව නම් තොහෙදෝ දැකල තියෙන මතකයක් තියෙනවා(දෙහිවල සත්තු වත්තෙදි වෙන්න ඇති). කැබැල්ලෑ පැටියෙක් නම් දැක්කමයි ඔය.


    කරුණාකර මෙහි word verification අයින් කරන්න.

    ReplyDelete
  2. මාධ්‍යවේදීන් දිනපතාම ලියනවානේ. කෝ ඒත් මේ සටහන හැමදාම නෑනේ!

    ReplyDelete
  3. හෝඩි පොතේ 'ඈයා' කියල තිබුනෙත් මූටමද? පින්තූරෙන් නම් එක වගේ... :)

    ReplyDelete
  4. ඔව් ශානු, ඈයා කියන්නේත් කැබැල්ලෑවම තමා. මෙයා අනතුරක් ඇති විට රෝදයක් වගේ ඇකිලෙනවා. ඉබ්බා කටුවට යනවා වගේ. 'මස්වැද්දෝ' ඉතා ක්‍රෑර ක්‍රම උපයෝගී කරගන්නවා මේ අහින්සක සතාව මරාගන්න. මෙයාගේ කොරපොතු ඉතා තදයි. වෙඩි වදින්නේ වත් නෑ කියල කියන්නේ.

    ReplyDelete
  5. මෙයාගේ කොරපොතුවලින් කබා හදලා තියෙනවා ඉස්සර (දැන්නම් කොහොමද දන්නේ නෑ)
    http://commons.wikimedia.org/wiki/File:Coat_of_Pangolin_scales.JPG

    ReplyDelete
  6. මම දැක්කා ටීවී එකෙත්‍‍.. හරිම හුරතල් පාටයි..හෝඩි පොතේ දැක්කට පස්සේ මම මෙහෙම එක්කෙනෙක්ව දැක්කමයි..
    ඔයාගේ විස්ත‍‍රේ තිබ්බ හින්දා හොදයි.. නැත්තං මං හිතන් හිටියේ මේකා සුදු කබල්ලැවෙක් වෙලා ඉදියි කියලා හැමදාම

    ReplyDelete
  7. wow...! what that...! what name this animal...?

    hi my name rifki from indonesia..!

    ReplyDelete
  8. බොහොම ස්තූකියි. මේ දැන් මගේ දුවට පෙන්නුවෙ. මොකද්ද මෙම සතාගේ ඉංග්‍රීසි නාමය? Armadillo මේ වගේ සතෙකි. http://www.youtube.com/watch?v=HuizUMAnq98&feature=related

    ReplyDelete

ඔබේ හිතට නැගෙන අදහස් මට ඉතාමත්ම වැදගත්. අපිට දිරි දෙන්නේ ඔබයි මිතුරනේ.