මේ ලගදි දවසක් මට යාළුවෙක් පොඩි වැඩකට කථා කලා. එයාගේ අක්කගේ යාළුවෝ වගයක් පුංචි ව්‍යාපාරයක් ගැන කතා කරන්න එනවලු මටත් වාසියක් වේවි කියලා එන්න කිව්වා. ඉතින් මමත් ගියා. යනකොටත් මට මේ ගැන ලොකු සැකයක් තිබුණා.
මේ අය ඇවිත් තිබුණේ සුඛෝපභෝගී වාහනයකින්.
ඉතින් එයාලා අපිට පැය තුනක දේශනයක් කළා. ඒ දේශනයේදී භාණ්ඩ අළෙවි කිරීම සදහා ප්‍රචාරක කටයුතු වලට වියදම් කරන හැටි කියා දුන්නා. මේ අය මුලුමනින්ම දේශීය ආයතනයක් කියලත් කිව්වා. පටන් අරගෙන වසරක් යද්දී බිලියන ගානක භාණ්ඩාගාර බිල්පත් ලබාගත් බවත් කිව්වා. අපි අහගෙන හිටියා. ඊට පස්සේ කියනවා එයාලගේ භාණ්ඩ මිලදී ගෙන කෝටිපතියෙක් වෙන්න පුළුවන් කියලා. හැම සතියකම රැපියල් 50000 ක් බැගින් අපේ ගිනුමකට බැර කරනවාලු. පුදුම රසවත් කතාවක්.
අපි එයාලගෙන් 0.5 ක අගයක් ඇති භාණ්ඩයක් මිලදී ගත යුතුයි. ඒ භාණ්ඩයේ සාමාන්‍ය වටිනාකම රැපියල් 50,000 ක් වෙනවා. ඊට පස්සේ අපි අපේ හිතවත්ම මිතුරන් දෙදෙනෙක් මේ සමග සම්බන්ධ කළ යුතුයි. ඒ අයත් අර භාණ්ඩ දෙකක් මිලදී ගත්තොත් අපේ ගිනුමට රැපියල් 5000 ක් බැර වෙනවා. ඔය විදියට යාළුවන් යාළුවන් එකතු කිරීමෙන් තවත් අපූරැ පිරමීඩ ක්‍රමයක් නිර්මාණය වෙනවා. මේකට එකතු වෙන්න මාත් එක්ක හිටපු කිහිප දෙනෙක්ම තීරණයක කළා. මගේ යාළුවාගේ අක්කත් ඒකට දැනටමත් එකතුවෙලා තියෙනවා. ඉතින් මම මෙයාලගෙන් හරස් ප්‍රශ්න අහනකොට මේ අය මට අභියෝග කළා මේක පිරමීඩ ජාවාරමක් නෙවෙයි කියලා. තව සති කිහිපයයි. මම ඔප්පු කර පෙන්වනවා මේක පිරමීඩ ජාවාරමක් තමයි කියලා. ඒ වගේම සමාගම් මැදුරේ ලියාපදිංචි කරල තිබුණත් මේක ලෝකය පුරා ව්‍යාප්ත වුණු ජාවාරමක් බව මට හොයාගන්න පුළුවන් වුනා.
දැන් මම ගේමට බැහැලා ඉන්නේ. ඔබ දන්න මේ වගේ තොරතුරැ මට අවශ්‍යයි.
කරැණාකර ඒ පිළිබද දැනුම් දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
සදාචාරවත් මාධ්‍ය කර්මාන්තයක් මෙරට ජනතාව වෙත තිළිණ කරමින් ජනතාවට වගකියන ජනතා විශ්වාසය දිනාගත් මාධ්‍යයක් වෙනුවෙන් කරනු ලබන කැපවීමකි
Wednesday, March 18, 2009
Tuesday, March 17, 2009
කාලෙකට පස්සෙ................. ලංකාවේ හිටපු රජවරැ
ගොඩක් කාලෙකින් බ්ලොග් එක පැත්තවත් බලන්න බැරි වෙලා හිටියේ.
වැඩ වැඩි නිසාම ඉතින් මේ වැඩේ මග ඇරිල ගියා.
අද පටන් ගත්තෙ මොනව හරි ලියන් ඕන කියල......... ඒත් ලියන් දෙයක් හිතා ගන්න බැහැ. ...............
....................................................................................
ඒත් මෙන්න මේක ලියන්න ඕන කියල හිතුන
අපි අපේ රටේ රජවරැ ගැන හිතාගෙන හිටියෙ කොයිතරම් වැරදි විදියටද කියල මේ අනුව පෙනෙන නිසා මට හිතුනා මේ ගැන සටහනක් තැබිය යුතුයි කියලා.
අපි හිතාගෙන හිටියේ ලංකාව පාලනය කළේ මහා ඒකාධිපති පාලකයෙක් කියලා........
නමුත් තත්වය ඊට වඩා බොහෝ සෙයින් වෙනස් බව මේ අනුව පැහැදිලි වෙනවා.
මහනුවර රජකරපු නරේන්ද්‍රසිංහ රජු වරක් විසූවේ පනික්කියා නම් බෙරගසන මිනිසකුට කබායක් පිරිනමා තිබෙනවා.
මෙය සම්ප්‍රදාය විරෝධීලු මෙය දුටු රම්මොලක මහ නිලමේ එම කබාය බෙරකරැ හැද සිටියදීම ඉරා දමා ඔහු සිරගත කළේලු.
අවසානයේ රජු කරපු මේ ක්‍රියාව ගැන තීරණයක් ගත් අදිකාරම ඇතුළු සෙසු ප්‍රධානීහු රජු වරදක් කළ බව තීරණය කර තිබෙනවා. අවසානයේ ඔවුන්ගේ තීරණය වී ඇත්තේ රජු ඒ සදහා දඩුවම් විදිය යුතු බවයි. ඒ අනුව රජුට දඩයක් නියම කර තිබෙවනා. එම දඩය රජු විසින් මහ දේවාලයට ගෙවිය යුතුයැයි තීරණය වූ පසු රජු විසින් එය ගෙවා දමා තිබෙනවා.
අපි හිතාගෙන හිටියේ.............. ලංකාවේ රජවරැ ගැන අපිට මවා තිබූ ප්‍රතිරෑපයේ දැක්වුණේ මෙවැනි රජවුරැ නොවෙයි නේද ? අපි හිතාගෙන හිටියේ අන්තනෝමතික වැඩකරන ඒකාධිපති රජවරැ ලංකාව පාලනය කළ බවක් නේද ?
සංවාදයට විවෘතයි. ............................
වැඩ වැඩි නිසාම ඉතින් මේ වැඩේ මග ඇරිල ගියා.
අද පටන් ගත්තෙ මොනව හරි ලියන් ඕන කියල......... ඒත් ලියන් දෙයක් හිතා ගන්න බැහැ. ...............
....................................................................................
ඒත් මෙන්න මේක ලියන්න ඕන කියල හිතුන
අපි අපේ රටේ රජවරැ ගැන හිතාගෙන හිටියෙ කොයිතරම් වැරදි විදියටද කියල මේ අනුව පෙනෙන නිසා මට හිතුනා මේ ගැන සටහනක් තැබිය යුතුයි කියලා.
අපි හිතාගෙන හිටියේ ලංකාව පාලනය කළේ මහා ඒකාධිපති පාලකයෙක් කියලා........
නමුත් තත්වය ඊට වඩා බොහෝ සෙයින් වෙනස් බව මේ අනුව පැහැදිලි වෙනවා.
මහනුවර රජකරපු නරේන්ද්‍රසිංහ රජු වරක් විසූවේ පනික්කියා නම් බෙරගසන මිනිසකුට කබායක් පිරිනමා තිබෙනවා.
මෙය සම්ප්‍රදාය විරෝධීලු මෙය දුටු රම්මොලක මහ නිලමේ එම කබාය බෙරකරැ හැද සිටියදීම ඉරා දමා ඔහු සිරගත කළේලු.
අවසානයේ රජු කරපු මේ ක්‍රියාව ගැන තීරණයක් ගත් අදිකාරම ඇතුළු සෙසු ප්‍රධානීහු රජු වරදක් කළ බව තීරණය කර තිබෙනවා. අවසානයේ ඔවුන්ගේ තීරණය වී ඇත්තේ රජු ඒ සදහා දඩුවම් විදිය යුතු බවයි. ඒ අනුව රජුට දඩයක් නියම කර තිබෙවනා. එම දඩය රජු විසින් මහ දේවාලයට ගෙවිය යුතුයැයි තීරණය වූ පසු රජු විසින් එය ගෙවා දමා තිබෙනවා.
අපි හිතාගෙන හිටියේ.............. ලංකාවේ රජවරැ ගැන අපිට මවා තිබූ ප්‍රතිරෑපයේ දැක්වුණේ මෙවැනි රජවුරැ නොවෙයි නේද ? අපි හිතාගෙන හිටියේ අන්තනෝමතික වැඩකරන ඒකාධිපති රජවරැ ලංකාව පාලනය කළ බවක් නේද ?
සංවාදයට විවෘතයි. ............................
Friday, January 16, 2009
අවසන් නිමේශය
ගාල්ල කළුවැල්ල පන්සල පිහිටා තිබෙන්නේ නගරය මධ්‍යයේ.
මේ හරිය ඉතාමත්ම ජනාකීර්ණයි.
එක පැත්තකින් තියෙන්නේ මහ මුහුද
දවසක් මහ දවාලේ පන්සලට අමුත්තෙක් ඇතුළු වුනා. ඒ ඉදිරි දොරටුවෙන් නෙවෙයි.
පිටිපස්සේ දොරටුවෙන්.
මෙයා කෙලින්ම ගියේ නායක හාමුදුරැවෝ පෙනෙන තැනකට.
හැබැයි හාමුදුරැවොත් එක්ක කථා කලේ නැහැ.
උන්වහන්සේට පේන්න බිම දිගා වුනා.
නැගිටින්න බැහැ.
කවදාවත් පන්සලට ආවෙ නැති අළුත් අමුත්තා ගාවට හාමුදුරැවෝ ගියා.
එතකොට මෙයා ලේ පෙරාගෙන ඉන්නවා.
කව්දෝ හොදටම ගහලා.
බෙල්ල කැපිලත් තිබුණා.
ඒ නිකන් ගෝරියකට පැටළිලා නෙවෙයි.
එයාගේ මස් අනුභව කරන්න.
මේ අමුත්තා ඉත්තෑවෙක්. පොඩි එකෙක් නෙවෙයි.
හොදට වැඩුණු නිරෝගී ඉත්තෑවෙක්.
මස් වල රහ වැටුණු මිනිස්සු මරන්න එළවද්දි මේ ඉත්තෑව රිංග ගත්තේ ලගම තිබුණු පන්සලට.
හාමුදුරැවෝ මෙයාට හොදට සාත්තු කළා.
ඒත් එයාගේ ජීවිතය බේරගන්න බැරි වුනා.
විනාඩි කිහිපයක් හුස්ම අල්ලගෙන හිටපු ඒ අහිංසක අසරණ සතා මිය ගියා.
Thursday, January 15, 2009
මේක ඉතා වැදගත් තැනක්.............
Tuesday, January 13, 2009
කැබැල්ලෑවා.......
මේ පුංචි කැබැල්ලෑ පැටියා හමුවෙලා තිබුණේ කැලෑවේ ඇවිදින්න ගියපු තරැණයන් පිරිසකට. ඔවුන් දැනගෙන හිටියේ නැහැ මේ මොකෙක්ද කියලා. ඔවුන් කිසිම දිනයක කැබැල්ලෑවෙක් දැකල තිබුණේ නැහැ. මේ අමුතු සතාව ඔවුන් ගෙදර ගෙනාවා. ගෙදර හිටපු සීයා තමයි කීවේ මේ ඉන්නේ කැබැල්ලෑ පැටියෙක් කියලා. ඒකා සුදුම සුදුයි. ලොකු වෙනකොට දුඹුරැ පාට වුනත් තවමත් පොඩි එකානේ........... .
කැබැල්ලෑවෙක් නිවසක හදන්න බැහැ. ඒක නීති විරෝධී කටයුත්තක්. මේ තරැණයන් ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයට කැබැල්ලෑ පැටියව භාර දුන්නා. දැන් කැබැල්ලෑවා කිරි බොමින් වැඩෙනවා.
කැබැල්ලෑවා සත්ත්ව විද්‍යාත්මකව හදුන්වන්නේ මානිස් ක්‍රැසිකෝඩාටා ලෙසිනි. මේ අහිංසක සත්ත්වයා මේ වනවිට වදවී යාමේ තර්ජනයට මුහුණ පා ඇති සත්ත්වයෙකුද වනවා. ඒ වගේම කැබැල්ලෑවා විශේෂ සතකු වන්නේ සිරැරේ රෝම නොමැති එකම ක්ෂීරපායී (කිරි බී වැඩෙන) සත්ත්වයාද වන නිසා.
මස් සදහා කැබැල්ලෑවා මරා දැමීම සහ වනාන්තර විනාශය නිසා ඔවුන් ඉතා නුදුරැ අනාගතයේදී ලංකාවෙන් වදවී යාමට ඉඩ තිබෙනවා.
Friday, January 9, 2009
ආසියාවේ පැරණිම නැව ශ්‍රී ලංකාවෙන්....................







මීට අවුරැදු ගණනාවකට පෙර ගොඩවාය ප්‍රදේශයේ බෙල්ලන් එකතුකිරීමට කිමිදෙන දෙදෙනෙකුට මුහුදේදී අපූරැ වස්තුවක් ලැබුණා. ඒක ගල්බංකුවක්. මේකේ සළකුණක් තිබුණා. ඒකට කියන්නේ නන්දිපාද සළකුණ කියලා. මේ සළකුණ භාවිතා කළේ ක්‍රි.පූ. 300 ත් ක්‍රි.ව. 300 ත් අතර කාලයේදී.
පසුගිය දවස්වල සමුද්‍ර පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් මේ ගල් බංකුව ලැබුණු ස්ථානයේ මුහුද ගවේෂණය කළා. පුදුමයක්. ගිලී ගිය නැවක නටඹුන් එම ස්ථානයේ දක්නට ලැබුණා. මේ නැවේ නෂ්ඨාවශේෂ අතර කළු රතු මැටි බදුන් ලෙස හදුන්වන එක පැත්තක් රතු අනෙක් පැත්ත කළු පැහැති මැටි බදුන් ගොඩක් දක්නට ලැබුණා. ඒ වගේම අතීතයේ මැටි බදුන් ඔබදමන්න භාවිතා කළ ද්‍රව්‍ය රැසකුත් එම ස්ථානයේ තිබුණා.
ඒ වගේම දැඩි ලෙස දිරාගිය ලී නැවක අවශේෂ එම ස්ථානයේ තිබෙන බව පුරාවිද්‍යාඥයන් තේරැම් ගත්තා. අතීතයේ භික්ෂූන් වහන්සේලා අසුන් ගැනීමට භාවිතා කළ දෙයක් තමයි අර ගල් බංකුව. ගොඩවාය පැරණි වරාය පිහිටි ස්ථානයේ සිට කිලෝ මීටර හතරක් ඈත මුහුදේ අඩි 110 ක් ගැඹුරෙන් හමුවූ මේ ගල් බංකුව, එතැන තිබූ මැටි බදුන් නිෂ්පාදනය කළ ආකාරය හා එහි ඇති අවශේෂ අනුව පුරාවිද්‍යාඥයන් නිගමනය කළේ ක්‍රිස්තු පූර්ව 300 දී පමණ ගිලී ගිය නැවක නටඹුන් තමන්ට හමුවී ඇති බවයි.
එසේනම් මේ හමුවී තිබෙන්නේ මෙතක් ලොව හමුවූ පැරණිතම නැව නොවුනත් එය අනිවාර්යයෙන්ම ආසියානු කලාපයේ දී හමුවූ පැරණිතම නැව බවටනම් විවාදයක් නැහැ.
අපේ රටේ පුරාවිද්‍යාත්මක වටිනාකම ඓතිහාසික වටිනාකම ඒ අනුව සිය දහස් ගුණයකින් ඉහළ ගියා.
ලොව පැරණිම වී......... ශ්‍රී ලංකාවෙන්



තිස්සමහාරාමයේ කැණීම් වලින් අපූරැ වස්තුවක් හමුවුණා.
පියනකින් වසා තිබූ මුට්ටයක්.
හුගක් දෙනෙක් හිතුවේ මෙහි කාසි ඇති කියලා.
ප්‍රවේශමෙන් උඩට අරගෙන පියන ඇරලා බලන කොට ඒක ඇතුලේ වී පුරවලා.
මේ මුට්ටිය හමුවුනේ ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට අයත්යැයි කාල නිර්ණය කරපු පස්තට්ටුවකින්.
සමහර විටක පසුකාලයකදී මෙය වළලන්නට ඇති.
නමුත් මේ මුට්ටියේ තියෙන සංකේත කිහිපයක් හා මුට්ටිය සෑදූ තාක්ෂණය අනුව එය අයත් වන්නේ ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට
එහෙමනම් මේ වී තොගය අදින් අවුරැදු 2300 ක් පැරණියි.
මුට්ටියට කිසිදු හානියක් සිදුවී නොමැති නිසා වී තොගය ඉතා පිරිසිදුව තිබුණා.
නමුත් වී බොල් වෙලා.
දැන් මේ සියල්ල තිබෙන්නේ ජර්මනියේ.
වැඩිදුර පරයේෂණ සදහා රැගෙන ගිහින්.
තවත් වසරකින් පමණ අපට නිවැරදි තොරතුරැ ලැබේවි.
කොහොම වුනත් මේ වී ටික ලෝකයේ පැරණිම ධාන්‍ය තොගය විය හැකියි.
මෙය වැදගත් වන්නේ අපේ අතීත මුතුන් මිත්තන්ගේ ආහාර රටාව අධ්‍යයනය කරන්න තියෙන හොදම සාක්ෂියක් නිසා
Subscribe to:
Posts (Atom)