පසුගිය දවසක අපේ මාධ්‍ය සඟයෙක් සමග ටිකක් දුර ගමනක් යන්න මට අවස්ථාව ලැබුණා. මෙයා මගේ හොඳ මිත්‍රයෙක් වගේ ම ලාබාල මාධ්‍ය සඟයෙක්. අපේ මාතෘකාව වුණේ මාධ්‍යය, මාධ්‍යවේදීන්ගේ ගති ස්වභාවයන් හා අපි කළ යුතු කාර්ය භාරයන්.
රට හදන්න අපේ මාධ්‍යවේදීන් විශාල වැඩකොටසක් කරනවා යැයි මගේ මිත්‍රයා කිව්වා.
‘‘මොන විකාර ද මල්ලී. එදා වේල හොයාගන්න ලියනවා වගේ නිකන් අරයා මෙයා කියන දේවල් ලියනවා විතරයි “
‘‘නෑ අයියේ ඔයා එහෙම කියන්න එපා. අපේ අය කොච්චර හොඳට ගේම් දෙනව ද ? “
‘‘ගේම් නම් දෙනවා තමයි මල්ලී. ඒත් මාධ්‍යකාරයන් හැටියට කරන්න ඕන දේ කරන්නේ නැතිව වෙන වෙන ගේම් නම් දෙනවා. “
‘‘ ඒ හැමෝම නෙවෙයි.“
‘‘ඒක හරි මාත් පිළිගන්නවා. නමුත් මේ වනවිට ලංකාවේ ගවේෂණාත්මක මාධ්‍ය කලාව කියන එක නැත්තටම නැතිවෙලා ගිහින්.“
‘‘ඉතින් ඔය පත්තරවල තියෙන්නේ ඕන තරම් ගවේෂණාත්මක ලිපි“
‘‘ඔයා මොනවද ඔය කියන්නේ. සමහර අවුරුදුවල දී පුවත්පත් ආයතනයේ සම්මාන උළෙලේ දී සම්මානක් දෙන්න තරම් සුදුසු ගවේෂණාත්මක ලිපියක් හොයාගන්න බැරි වෙන අවුරුදු තියෙනවා.“
‘‘ ඒ ඉතින් හොඳ අය සම්මාන ඉල්ලන්නේ නැති නිසා. “
‘‘මල්ලී, මගේ අවුරුදු 10ක කාලයේ දී මම හොඳ ගවේෂණාත්මක ලිපි 20-30ක් ලියන්න ඇති ඔයා කීයක් ලියලා තියෙනවා ද ?“
‘‘ අයියෝ ඔයා එච්චර ද ලිවුවේ. මම මාසයකට දෙක තුනක් ලියනවානේ ....“
‘‘ නෑ වෙන්න බෑ, මම නම් ඔයා ලියපු එකක්වත් දැක්කේ නැහැ. එකක් දෙකක් කියන්නකෝ බලන්න.“
‘‘මම ගිය සතියේ පන්සල් දෙකක් ගැනම ගවේෂණාත්මක ලිපි ලියලා ඒවා පත්තරේ ගියා.“
....................................... මට සිනාව නවතාගත නොහැකිය.
අපේ මාධ්‍යවේදීන් ගවේෂණාත්මක මාධ්‍ය කලාව ලෙස වටහාගෙන ඇත්තේ ආගමික සිද්ධස්ථානයකට ගොස් එහි අතීතය කාගෙන් හෝ අසා දැනගෙන ලිවීමයි.
ඉතින් මේ රටේ හතරවැනි ආණ්ඩුව රට යහමගට ගන්නේ කෙසේ ද ?
No comments:
Post a Comment
ඔබේ හිතට නැගෙන අදහස් මට ඉතාමත්ම වැදගත්. අපිට දිරි දෙන්නේ ඔබයි මිතුරනේ.