ගොඩක් දවසකට පස්සේ මාධ්‍යවේදියාගේ සටහන් නැවත ආරම්භ කරන්න හිතුවා. එන අවුරුද්දේනම් දිනපතා ලියාගෙන යන්න අදිටන් කරනවා. මාධ්‍යවේදියකු ලෙස අපිට මුහුණ පාන්න සිදුවන දේවල් වෙනත් වෘත්තියක නියැලෙන්නන්ට මුහුණපාන්න නොලැබෙන නිසා මේක එක්තරා විදියකට බොහෝ දෙනෙකුට වැදගත් වේවි.
අද උදේ පාන්දරින්ම දුරකථන ඇමතුමක් ආවා. කථා කරපු කෙනා අහනවා අදුන ගන්න බැරිද කියලා. කොහේ අදුනන්නද එයාගේ අංකය මා සතුව තිබුණේ නැහැ. ටිකකින් කියනවා අපූරු ප්‍රවෘත්තියක් දෙන්න තියෙනවා ඒ නිසා එයාගේ කාර්යාලය පැත්තේ එන්න කියලා. කාර්යාලය ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය.
පැයකට විතර පස්සේ මම ගියා. ඔවුන් මා බලාපොරොත්තුවෙන් ඉදලා.
මම පාරිභෝගික අධිකාරියේ ප්‍රවෘත්ති ගන්න නිතර නිතර යන කෙනෙක් නෙවෙයි. නමුත් බීට්ටු වාර්තාකරණයට පුරුදු වෙලා ඉන්න අය ඔවුන් සොයාගෙන නිතර ගිහින් මොනවා හරි ලියනවා.
අපි මේක දෙන්නේ ඔයාටම විතරයි. වෙන කාටවත් දෙන්නේ නැහැ. ඔවුන් මා සමග එසේ කීවා.
ඇයි ඒ මම ඇහුවේ විමතියෙන්.
නෑ මෙහෙට එන අය නිකම්ම නිකම් ප්‍රවෘත්තිය ලියනවා. නමුත් අපිට මේක ටිකක් මිනිස්සුන්ට දැනෙන විදියට ලියන්න ඕන.
අපි අතර වැඩි ඇසුරක් නොතිබුණත් ඔවුන් මගේ ලේඛණය ගැන විශ්වාසය තැබීම සතුටක්. මම වැඩේ බාර ගත්තා.
කතන්දරේ මොකක් ද කියලා මම කියන්නම්
නීති විරෝධී ළදරු කිරිපිටි වර්ගයක් ලංකාවේ වෙළද සැල් වලට ඇවිල්ලා.
යම් කිිපිටි වර්ගයක් මෙරට විකුණනවානම් ඒ කිරපිටි ඇසුරුමේ සදහන් විය යුතු කාරණා කිහිපයක් තියෙනවා
ඉන් එකක් තමයි මව්කිරි ලබාදීම පෝෂ්‍යදායී බව.
ඒ වගේම කිරිපිටි මව්කිරි වෙනුවට ආදේශකයක් බව සදහන් නොවිය යුතුයි. ඒ වගේම මාස හයකට වඩා අඩු දරුවන්ට මේවා ලබාදෙන බවක් සදහන් කරන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. තවත් දෙයක් තියෙනවා කිරිපිටි වර්ගය සාදාගන්නා ආකාරය සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලිව සදහන් විය යුතුයි. ඒ වගේම වරක් සාදාගන්නා ලද පිටි තියාගෙන ඉදලා භාවිතා කරන්න බැරිබවත් මේ ඇසුරුමේම දැක්විය යුතුයි.
පාරිභෝගික අධිකාරියේ නිලධාරී මහත්වරුන්ට හමුවෙලා තියෙන මේ කිරිපිටි වර්ගය මේ ඉහත මම කියපු කාරණා සියල්ල උල්ලංඝනය කරලා. මේ කිරිපිටි ඇසුරුමේ එකම සිංහල වචනයක්වත් නැහැ. ඒ විතරක් නොවෙයි ඉංග්‍රීසි භාෂාවත් මෙහි දක්නට නැහැ. අරාබි රටවල් වෙනුවෙන් නිෂ්පාදනය කරපු කිරිපිටි වර්ගයක් තමයි මේ විදියට ගෙන්වලා තියෙන්නේ. ඔවුන් මගෙන් ඉල්ලා සිටියේ ලංකාව පුරා දෙමාපියන් මේ පිළිබදව දැනුම්වත් වන පුවතක් පලකරන්න කියලා. ඔන්න මම වැඩේ බාරගත්තා. බලමු මොනවද වෙන්නේ කියලා.
සදාචාරවත් මාධ්‍ය කර්මාන්තයක් මෙරට ජනතාව වෙත තිළිණ කරමින් ජනතාවට වගකියන ජනතා විශ්වාසය දිනාගත් මාධ්‍යයක් වෙනුවෙන් කරනු ලබන කැපවීමකි
Wednesday, December 28, 2011
Wednesday, September 29, 2010
වදුරාට කළ ශල්‍යකර්මය
ෙම් ෙද් සිදුෙවලා ටික දවසක් ෙවනවා. හදිසිෙය්ම මට දුරකථන අැමතුමක් අාවා. ඒයින් කියවුෙණ් උණවටුන ගුරැ විද්‍යාලෙය් වදුෙරක් ඉන්නවා කියලා. අපි වහාම ගියා. ඒ් වදුරෙග් අතක ෙලාකු තුවාලයක්.අපි වදුරා අල්ලලා ෙෙවද්‍ය වරියක් ලගට ගිහින් ශල්‍ය කර්මයක් කළා.
වදුරා තුවාල වුෙණ් ෙකාෙහාමද කියලනම් අපි දන්ෙන් නැහැ. ඒ්ත් ෙම් වදුරා බිම ඉන්නෙකාට තමන් ලගින් යන හැෙමා්ටම තුවාල ෙවච්ච අත ෙපන්නලා. ඊට පස්ෙස තමයි ගුරැ විද්‍යාලෙය් ශිෂ්‍ය ගුරැවරැ අපිට කථා කෙෙළ් . ඉතින් අපි අෙප් යුතුකම් ෙකාටස ඉටු කළා.
Tuesday, August 24, 2010
ෙබාෙහා් කාෙලකට පස්ෙස්
මාස තුනක පමණ කාලයක් බ්ෙලාග් ඒක ලියන්න බැරි වුනා. දැන් අකුරැ වදින්ෙනත් වැරදි විදියට. ඒ් නිසා ඉක්මනටම ඒ් අඩුපාඩු හදාෙගන අායිත් ඉතින් ෙනාකඩවා ෙම්ක ලියන්න ඔ්ෙන්.
Sunday, May 9, 2010
තනිවූ සීගිරිය සමුගනියිද ..................?

බ්‍රහස්පතින්දා දවසේ පත්තර කන්තෝරුවෙන් ලැබුණේ ඉතාමත්ම අසුබ ආරංචියක්..... මම ටික වෙලාවක් එකතැනක නැවතිලා කල්පනා කළේ සිදුවෙලා තියෙන විනාශය ගැන. මේ වෙනුවෙන් අපිට මොකක් ද කරන්න පුළුවන් කියලා හිතුවත් අන්තිමේ දී තේරුම්ගියා අපිට කිසිම දෙයක් කරන්න බැහැ කියලා.
ඕනම කෙනෙක් ඕනම වෙලාවක මගෙන් ඇහුවොත් මේ ලෝකේ වැඩියෙන්ම ඇළුම් කරන්නේ කොතනට ද කියලා. මම කිසිම පැකලීමකින් තොරව කියන්නේ ඒ සීගිරියට කියලා. ඒත් දැනගන්න ලැබුණා සීගිරියේ චිත්‍ර වලට කෘමි විශේෂයක් හානි කරන බව.
පරිසරයට විනාඩියක් වැඩසටහන කිරීමෙන් ලබාගත් පාරිසරික දැනුමත්, පුරාවිද්‍යාව හැදෑරීමෙන් ලැබූ පුරාවිද්‍යාත්මක දැනුම්ත් සංකලනය වූ මට එකවරම මතක් වුණේ සීගිරියේ කෘමීන් ආක්‍රමණයට පෙර එහි සිටි බඹරැන් ඉවත් කිරීම ගැන. මම මගේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ තුමාට කථා කරලා මේ ගැන කිව්වා.
සජීව, ඔයාට සියයට සියයක්ම විශ්වාසනම් වැඩේට බහින්න. අහුමුළු නැතිවෙන්න හොයන්න. ඔහු කිව්වේ මාව නැවත නැවතත් දිරිමත් කරමින්. මම ඉන්නේ ගාල්ලේ සීගිරියේ සිදුවන දේ සොයන්න අමාරුයි ඒත් මම වැඩේට බැස්සා.
බඹරුන් ගැන ලියවුණු පර්යේෂණ පත්‍රිකා සොයා බැලුවා. සීගිරියට අළුතෙන් ආවායැයි කියන කුඹලුන් ගැන විස්තර හෙව්වා. මම විශ්ව විද්‍යාල මහාචාර්යවරැ ගණනාවකට කථා කළා. ඔවුන් සියළු දෙනාම කිව්වේ ඒක වෙන්න පුළුවන් වැඩක් කියලා. මගේ මතය වුණේ පරිසරයේ ආහාරදාමයේ එක් පුරැකක් වූ බඹරැන් ඉවත් කිරීම නිසා වෙනත් කෘමියෙක් ඉස්මතුවෙලා කියන එකයි. අවසානයේදී මගේ දැනුම ආචාර්ය මහාචාර්ය වරැන්ගේ උදව්වෙන් තහවුරැ කරගන්න හැකියාව ලැබුණා. ඒ අනුව සිරස රෑපවාහිනී සේවයේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ ප්‍රධාන පුවතක් වුනේ සීගිරියේ චිත්‍ර වලට හානි සිදුකරන කෘමින් පැමිණියේ බඹරැන් ඉවත් කිරීම නිසා බවයි. සෙනසුරාදා ලංකාදීප පුවත් පතේත් ඉරිදා ලංකාදීප පුවත් පතේත් මගේ මේ හෙළිදරව් කිරීම පළවනවා. මේ සම්බන්ධව අනිත් මාධ්‍ය ආයතනත් අවදි විය යුතුයි.
ඔබගෙන් අපි ඉල්ලා සිටින්නේ එකම එක දෙයයි. සීගිරියට කෘමි හානිය සිදුවූයේ බඹරුන් ඉවත් කිරීම නිසා බව අපි විද්‍යාත්මක පැහැදිලිකිරීම් අනුව ප්‍රකාශ කර තිබෙනවා. මෙයට එරෙහිව අපි දැවැන්ත හඩක් නැගිය යුතුයි. අද සීගිරිය වගේ හෙට තවත් ස්ථාන විනාශ වන්නට ඉඩ නොදිය යුතුයි. ඒ වගේම බඹරුන් ඉවත් වී තනිවූ සීගිරිය සමුගන්න ඉඩ නොදිය යුතුයි.
Sunday, April 25, 2010
මගේ අළුත් පොත් - කාන්තාරයේ දරුවෝ
මානව කාන්තාරයේ දරැවවෝ කතුවරිය වන වාරිස් ඩයරි සිය මිතුරිය වන මාධ්‍යවේදිනී කොරින්නා සමග එක්ව ස්ත්‍රී චර්මඡේදනයට විරුද්ධව යුරෝපය තුළ ඇය ගෙන යන අරගලය මෙම කෘතියට විෂය වී ඇත.
අප්‍රිකානු කාන්තාවෝ එවුන්ගේ චාරිත්‍රයකට අනුව ස්ත්‍රී චර්මඡේදනය නමැති ව්‍යසනයට ගොදුරැ වෙති. යුරෝපීය කාන්තාවෝ සිය ලිංගේන්ද්‍රිය අලංකාර කරගැනීම සදහ චර්මධේදනය කරවා ගනිති. අප්‍රිකානුවන් පසුගාමී ම්ලේච්ඡ කොටසක් වහයෙන් සලකන මේ ශිෂ්ට සම්පන්න යැයි කියාගන්නා යුරෝපීය කාන්තාවෝ බුරුතු පිටින් කෘතිම රූපලාවන්‍ය සායනයන් වෙත ගොස් නීත්‍යානුකූලව චර්මඡේදනය කරවා ගනිති. යුරෝපීය කාන්තාවන් අතර සිදුවන ස්ත්‍රී ලිංගේන්ද්‍රයේ පෙනුම සම්බන්ධව ඔවුන් තුළ කිස්යම් පරමාධ්‍යාශයක් නැතිනම් කල්පිතයක් තිබබෙන බවයි. ස්ත්‍රී චර්ම ඡේදනය ගැන කතාකරන බොහෝ අවස්ථාවල බොහොමයක් දෙනා කියා සිටින්නේ අප්‍රිකාවේ චර්මඡේදනය සිදුවන්නේ පුරැෂ පක්ෂයේ අවශ්‍යතාවයක් මත බවයි. එසේ නම් යුරෝපයේ තත්ත්වය කෙසේ ද ? යුරෝපය තුළ ද පුරැෂ පක්ෂය තුළ ඇති සෞන්දර්යය සංකල්පයට අනුව ස්ත්‍රිය ක්‍රියාකරන බැව් පැහැදිලිව පෙනෙන්නට තිබේ. එසේ නැතිනම් ස්ත්‍රී ලිංගේන්ද්‍රිය අලංකාර කරගනු වස් මෙවැනි කෘත්‍රිම රූපලාවන්‍ය සදහා වෛද්‍ය සායන පවතින්නේ කෙසේද ?
ෂල්මන් රෂ්ඩි නමැති ශ්‍රේෂ්ඨ ගත්කරුවා මෙසේ පවසා ඇත. "ඔබ පින්තූරයෙන් පිටතට පැමිණෙන තුරැ ඔබට සම්පූර්ණ පින්තූරය දැකගැනීමට නොහැකිවනු ඇත". පන්තූරයෙන් පිටතට පැමිණෙන්නට දැන් කාලය එළඹ ඇත.
පරිවර්තනය - රංජිත් කුරුප්පු
ප්‍රකාශනය - ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්, සුරස පොතක්
මිල - රු.225.00
ISBN 978-955-1822-66-8
පරිවර්තකගේ වෙනත් පරිවර්තන
මරණයේ දොරටුව
යුද්ධයේ අතුරු කතාවක්
හිට්ලර්ගේ අවසානය
කාන්තාරයේ කුසුම
ගිනි මැද සක්මන

කළු මුද්දේ අභිරහස
කළු මුද්දේ අභිරහස
සිංහලයේ ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ GOOSEBUMPS කතා පොත් පෙළ ලියූ අර්.එල්.ස්ට්න්ගේ "HORRORS OF THE BLACK RING" නම් ප්‍රකට කතාවක සිංහල පරිවර්තනය "කළු මුද්දේ අභිරහස" නමින් ප්‍රකාශයට පත් වී තිබේ.
දරුවන් තුළ කියවීමේ පුරුද්ද ඇති කිරීමේලා ප්‍රධාන සාධකය වනුයේ ඔවුනටම උචිත භාෂාවකින්, ඔවුන් සිත් ඇද ගන්නා කතාවක් ඉදිරිපත් කිරීමය. සැබෑ ලොව යතාර්ථයන් හි, අත්දැකීම් විදීමට පෙර ළමා මනස ආකර්ෂණය කරගත හැකි අත්දැකීමක් ඔවුනට තිළිණ කිරීමට ගත් පරිවර්තකගේ උත්සාහය ඇගැයිය යුතුය.
පරිවර්තනය - සුධර්මන් සතරසිංහ
ප්‍රකාශනය - ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ් , සුරස පොතක්
මිල - රු.175.00
ISBN 955-1188-54-3

මගේ අළුත් පොත් - අපේ ගම මාතර
මාතරට නුදුරු ගමක උපතලැබූ කතුවරයා කල් ගතවේද්දී මාතරට සමුදී වෙනත් නගරයක පදිංචියට ගිය පසු තමන් දුටු මාතර ගැන ලියූ ග්‍රන්ථයකි. මව්බිම අතහැර දමා පිටරටක පදිංචියට ගිය බොහෝ දෙදනා තමන් අතහැර ආ මව්බිම සිහිනයෙන් දකිති. සිහිනයෙන් දකින මව්බිමම්ෙ හැම දෙයක්ම සුන්දරය. කෑ බිව් හැම දෙයක්ම සුමිහිරිය. ඇසට දුටු හැම දසුනක්ම මනහරය. මව්බිම නොව උපන්ගම අත්හැර දමා වෙනත් නගරයක පදිංචියට ගිය කතුවරයා එක්දහස් නමසිය පනස් ගණන් වලදී මාතර දුටු අයුරු ඔහුගේ සිතේ ඇදී ඇති ආකාරයෙන් මෙහි සටහන් තබා ඇත.
කතුවරයා පවසන්නේ තමන් ග්‍රන්ථයේ සටහන් තබා ඇති ඇතැම් චරිත පිළිබදව එහුගේ මතකයෙහි පටලැවිල්ලක් තිබිය හැකි බවයි. එමෙන්ම මාතර පැවැති කුල භේදය ගැන මෙහි විවෘතව කථා කර තිබේ. ඇතැම් සිද්ධි හා පුද්ගලයන් ගැන ඔහු ලියන දේවල් හේතුවෙන් යමකුට චිත්ත පීඩාවක් ඇතිවේයැයි සිතෙන විට ඒ නම් යම් පමණකින් වෙනස් කළ බවද කතුවරයා සදහන් කොට තිබේ.
ලේඛකයා - සමරසිංහ ගුණසේකර
ප්‍රකාශනය - සුනෙර ප්‍රකාශකයෝ
මිල - රු.260.00
ISBN 978-955-9128-93-9
සමරසිංහ ගුණසේකර මහතා
සමරසිංහ ගුණසේකර මහතා මාතර රාහුල විද්‍යලයෙන් මූලික අධ්‍යාපනය ලබා තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පිවිසුණේය. කොළඹ , විද්‍යොදය යන දේශීය විශ්වවිද්‍යාලවලද එක්සත් රාජධානියේ හැරියට් වොට්, ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් යන විදෙස් විශ්වවිද්‍යාල වල උසස් අධ්‍යාපන ලබා ඇත. ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුණු ග්‍රන්ථ රැසක් සිංහලයට පරිවර්ථනය කරන ලද ගුණසේකර මහතා නීතිඥයෙකි.
කතුවරයාගේ වෙනත් පොත්
තනි කූඹියා
ගහකොළ අපේ යාළුවෝ
අමුතු වැඩට කැමති අයට
පමා වුණත් එමි අකුරටමෙන්න අපේ අමුතු සේන
හිනායන කතාවක්,
එයි අම්මා විගසකිනේ

Subscribe to:
Posts (Atom)