Monday, January 4, 2010

මැතිවරණය



මැතිවරණ උණුසුම දැන් හැමතැනකටම දැනෙන්නට පටන් අරගෙන. දකුණු පළාතේ මේක විශේෂයි. මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධානතම අපෙක්ෂකයන් දෙදෙනාම දකුණු පළාතේ වීම මෙයට හේතුවක් වී ඇතැයි ද සිතිය හැකියි. ඒ වගේම දැනට වැඩිම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ද දකුණු පළාතෙන්.
කොහොම වුනත් ගාල්ල ගත්තොත් මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම නම් එළිපිටම සිදුවන බවයි පෙනෙන්නට තිබෙන්නේ.
ගාල්ල පොලීසිය ඉදිරිපිට එක්තරා අපේක්ෂකයකුගේ විශාල ප්‍රමාණයේ දැන්වීම් සවිකරලා තිබෙන ආකාරය දකින්නට පුළුවන්. මේ දැන්වීම් ගලවන්න තමන්ට කම්කරැවන් නැතැයි කියන පොලීසිය ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට පොලිස් මුරකාවල් පවා යොදලා. පොලීසිය ක්‍රියාත්මක වන්නේ රජය කියන විදියට නිසා එහෙම නොකර බැරැව ඇති. ඉතින් මැතිවරණ නීති උල්ලංඝනය කරන්නේ ඒවා වළක්වන් ඉන්න නීතිය සාධාරණය ගොඩනගන්න ඉන්න පොලීසියම නිසා අපිට ඇතිවන්නේ දැඩි පිළිකුලක්. මේවා ගැන බුද්ධිමත්ව හිතලා හොද තීරණයක් ගැනීමේ අවස්ථාව අපිට ජනවාරි 26 දා උදාවෙනවා.

2 comments:

  1. ඒ කිව්වේ ජෙනරාල්ට ඡන්ද දීමෙන්ද?

    සජීව, ඔබ මාධ්‍යවේදියෙක් ලෙස ඉදිරියට යන්න ඕනෙ තරුණයෙක්. ඒකට තෝර ගන්න මාර්ග දෙකක් තියෙනවා. එකක් ලංකා මාධ්‍ය සදාචාරයට අනුව කාට හරි කඩේ යාම. දෙක අම්ම අප්ප කළත් විශේෂත්වයක් දක්වන්නේ නැතිව හා තමන්ගේ පුද්ගලික මතවාදය පතුරන්නේ නැතිව සත්‍ය හා යථාර්තය ඉදිරිපත් කිරීම.

    ඔබේ තෝරා ගැනීම කුමක් වුවත් ඒ හරහා මුදුන් පෙතටම යාමට හේතු වේවා!. වාසනා වේවා!

    දෙවන ක්‍රමය තෝරා ගැනීමට කැමැත්තක් දක්වන්නේනම් මාගේ ක්‍රියාකාරකම් මාධ්‍ය හරහා ඉදිරිපත් කිරීමේ අවස්ථාවත් ඔබට සලකා බැලිය හැකි වේවි.

    ReplyDelete
  2. මම කවදාවත් කාටවත් කියන්නේ නැහැ ඡන්දය දෙන්න ඕනෑ කාටද කියලා. නමුත් මම කියන්නේ බුද්ධිමත්ව තීරණය කරන්න. ජනාධිපති මහින්ද රාජපක්ෂ හෝ ජනරාල් සරත් ‍පොන්සේකා හෝ වෙන කෙනෙක් හෝ ජනාධිපති ධූරයට තෝරාගැනීම තම තමන්ගේ කාර්යයක්. ඒකට මගෙන් කිසිම බලපෑමක් නැහැ. ඔය කව්රැ ලොකු පුටුවට ආවත් අපිට පුද්ගලිකව වාසියක් නැති බවනම් මම දන්නවා. අනික මම පුද්ගලික වාසි බලාගෙන වැඩ කරන්නේ නැහැ.

    ReplyDelete

ඔබේ හිතට නැගෙන අදහස් මට ඉතාමත්ම වැදගත්. අපිට දිරි දෙන්නේ ඔබයි මිතුරනේ.