
අදින් වසර පහකට පෙර සුනාමියෙන් ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ විනාශ වෙලා ගියා. ඒක නපුරැ හීනයක් වගේ. මම සුනාමියට සෘජුවම හසු නොවුනත් එහි භයංකර බව අත්වින්දා. අද උදේ 9.25 ට මුළු ලංකාවම විනාඩි දෙකක් නිශ්ශබ්දව සිටිමින් සුනාමිය නැවත සිහිපත් කළා. ඒ වෙලාවේ මම හිටියේ ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට.
එදා සුනාමියට බිමට සමතලා වුණ බස්නැවතුම් පොළ අවුරැදු පහක් ගිහිල්ලවත් හදන්න අපේ නායකයන්ට හැකියාවක් ලැබුණෙ නැහැ.
බස් නැවතුම්පොළ හදනවා කියල පුරසාරම් දොඩපු එක්තරා ඇමතිවරයෙක් සුනාමියේ අවුරැදු පහ සමරන වෙලාවේ ගාල්ල සමනළ ක්‍රීඩාංගණේ සැණකෙළික් සූදානම් කරලා. ගාලු සමය කියල ඒකට කිව්වට අපිනම් කියන්නේ ගාලු සමයම කියලා. සුනාමියෙන් මියගියපු අය සමරන්න සිදුවූ විනාශය සමරන්න කරන සැණකෙළියක්.
ඒ සම්බන්ධයෙන් අද අපූරැ වැඩක් වුණා. මේ ඇමතිවරයා කවදාවත් ගාල්ලේ ඉන්න මාධ්‍යවේදීන්ට තමන්ගේ වැඩ කිසිවක් කියන්නේ නැහ. වලව්වට අනිත් අය ගැලපෙන්නේ නැති නිසා වෙන්න ඇති. එත් අද සුනාමි නිසා කොළඹින් ලොකු ලොකු මාධ්‍යවේදීන් ගෙන්නව ගන්න බැරැව ඊයේ රාත්‍රී අපේ අයට දුරකථනයෙන් දැනුම් දීලා. ඒ කියල තියෙන්නෙත් තෝරාගත්තු කිහිප දෙනෙකුට විතරයි.
අපි සාමූහික තීරණයකට එළඹුනා. කිසිම මාධ්‍යවේදියෙක් ගාලු සමයමට ගියේ නැහැ. කවුරැ හරි ගියානම් ඒ ඉතින් ......................................... අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
සුනාමියට පස් වසරක් සම්පූර්ණ වුණු වෙලාවේ ගාල්ල නගරය නිශ්ශබ්ද වුණු හැටි දැක්වෙන ඡායාරෑපයක් තමයි මේකේ පල කළේ.
සුනාමි සිහිවටනයේ දැන් කොච්චර පෝස්ටර් අලවලද? :(
ReplyDeleteගාලු සමයමට වියදම් කරන සල්ලි වලින්, බස් ස්ටෑන්ඩ් 2ක් හදන්න බැරියැයි...
ReplyDeleteහොදම වැඩේ තමයි, පබ්ලිසිටි නොදීම ඉන්න එක,මේ හරක් වැඩ වලට... පහුගිය ජන්දෙන් වත් ගාල්ලේ මිනිස්සු ගැන තේරිලා නෑ වගේ... නැත්නම් ඕවා කරාවියැ? හෙ හේ...
මාධ්‍යවේදීන් කියන්නේ සමාජයේ ගාමක බලවේගයක්. පුදුම විභව ශක්තියක් ඔබ තුල ගැබ් වෙලා තියෙනවා. ඒක හොඳින්ම හඳුනා ගත් නායකයෙක් තමා අපේ ජනාධිපතිතුමා. ඒ නිසයි මතට තිත තියන්න තීරණය කරල තියෙද්දිත් මාධ්‍යවේදීන්ව ගෙන්නල හොඳට බොන්න දුන්නේ. හිටපු ජනාධිපතිතුමිය බලයට ගේන්න විශාල කාර්යයක් ඉටු කළෙත් මාධ්‍යවේදීන්. ඔවුන් ඉතා සාර්ථක විදිහට එජාපය විනාශ කරල දැම්මා. ඒත් එතුමිය ඒ බව අමතක කළා. ඔබ ඔය කියන ඇමතිතුමාත් ඒ ජාතියේ කෙනෙක්.
ReplyDeleteහැබැයි සංජීව අද ඔබේ පුවත් පතේ (ඉරිදා ලංකාදීප) ලිපියක් තියෙනවා ඔය සමයම ගැන!
ReplyDelete