Thursday, January 14, 2010

දූෂණ අනාවරණය කළාට කටඋත්තර දීමට සිදුවීම

ඊයේ සවස කව්දෝ පුද්ගලයන් දෙදෙනෙක් අපේ ගෙදර ඇවිල්ලා මගේ නම කියලා කථා කළා. ‍මම එළියට ගියා විතරයි මෙන්න බොලේ මෙයාලා කියනවා අපි සී.අයි.ඩී. එකෙන්ලු. මට ඒ අය නුහුරැ නුපුරැදු අයත් නෙවෙයි. මොකද එයාලා මම යන එන තැන් කථා කරන දේවල් කියන කරන සියළුම දේ ගැන හොද සෝදිසියකින් ඉන්න බවත් මම දන්න නිසා. ඒ විතරක් නෙවෙයි දැන් සී.අයි.ඩී එකේ ගොඩක් අයව අප අදුනනවා. ඒ ඉතින් අපේ රස්සාවෙ හැටි තමයි.
මෙයාලා මට කොලයක් පෙන්නලා අහනවා මේ කොලේ සිරස ටී.වී. එකට යැව්වේ ඔයාද කියලා. මම ගත් කටටම කිව්වා ඔව් කියලා. මගෙන් කට උත්තරයක් ගන්න ඕනෑලු.
පසුගිය 12 වැනිදා රාත්‍රී 7.00 ට සිරස පුවත් විකාශනයේදී පොලිස්පති තුමාගෙන් මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළා ඔබ සියළු දෙනාම දකින්න ඇති. ඒ ඇහුවේ ගාල්ලේ පොලිස් අධිකාරී කාර්යාලයෙන් සියළුම පොලිස් ස්ථානාධිපතිවරැන්ට යවා තිබුණු පැක්ස් පණිවිඩයක් ගැන. ඒ පණිවිඩයෙන් කියා තිබුණේ කළගුණ සැළකීම සදහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්දය දෙන්න කියලා.
මේ ලිපිය මම දැක්කේ උඩුගම පැවැති ජනරාල් සරත් පොන්සේකා ගේ රැස්වීමේදී එදා චන්ද්‍රසේන විජේසිංහ මන්ත්‍රීවරයා මේ ලිපිය ඉදිරිපත් කරමින් කථාකළා. මම ඒ මන්ත්‍රීවරයාගෙන් ලිපියේ පිටපතක් ඉල්ලාගත්තේ මේ ඉදිරිපත් කිරීමට ලිඛිත සාක්ෂියක් මාධ්‍යවේදියකු වන මට අවශ්‍ය නිසා.
මම සිරසට කැසට් පටිය යැව්වහම එහේ හිටපු නිලධාරියෙක් මට කිව්වා ඒ ලිපිය එවන්න කියලා. මම ඒක පැක්ස් කරා. ඒ ලිපිය තමයි එදා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පොලිස්පති වරයාට ලැබුණේ. ප්‍රතිඵලය වුනේ රහස් පොලීසිය ඒ ලිපියේ තිබුණු පැක්ස් කරපු අංකය හොයාගෙන ඇවිත් මාව සොයා ගැනීම මගෙන් ඇහුවේ පොලීසියේ කාගෙන්ද මේ පැක්ස් පණිවුඩය ලැබුණේ කියලා. මම ඉතින් මට ලිපිය ලැබුණේ චන්ද්‍රසේන විජේසිංහ මන්ත්‍රීවරයාගෙන් බව කිව්වා.
ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා. කිසිම රටක මාධ්‍යවේදීන්ගෙන් තමන්ට තොරතුරැ ලැබුණේ කොහෙන්ද කියලා ප්‍රශ්න කරන සිරිතක් නැහැ. මාධ්‍ය නිදහසක් තියෙනවා. අපේ රටේ මාධ්‍ය නිදහස වලපල්ලට ගිහින් බව මේකෙන් නැවත වතාවක් තහවුරැ වෙනවා. පසුගිය දකුණු පළාත් සභා මැතිවරණය ආරම්භ වූවාට පසුව මගෙන් රහස් පොලීසිය තුන් වතාවක් ප්‍රශ්න කළා. පොලීසිය එක් වතාවක් ප්‍රශ්න කළා. මාධ්‍ය නිදහසේ උපරිමය වෙන්න ඇති ඒ.
තවත් ප්‍රශ්නයක් තියෙනවා. මාධ්‍යමගින් පොලීසියේ සිදුවූ අක්‍රමිකතාවයන් හෙළිකරාම ඒ අක්‍රමිකතා කරපු නිලධාරියාට දඩුවම් නොදී ඔහුට නීතිය ක්‍රියාත්මක නොකර ඒ හෙළිකිරීමට දායක වූ අයගෙන් ප්‍රශ්න කිරීම ගැටළුවක්.

10 comments:

  1. okata thamai kiyanne sanwedi kama kiyala...

    ReplyDelete
  2. සංවේදි නායකයන්ගේ පොලීසිය අධිසංවේදියි කියලයි අපට නම් හිතෙන්නේ.

    සුභ අනාගතයක්....

    ReplyDelete
  3. ආයුබෝවේවා...මහරජාණනී...

    ReplyDelete
  4. ඔබට කිසිවක් සිදු නොවීම ගැන සතුටුයි!


    මේ ගැන කතා නොකර ඉන්න තරමට ලේ කෝප නොවී ඉන්නට හොඳයි, එච්චර එපා වෙලා තියෙන්නේ.

    ReplyDelete
  5. ඔබ කළ දේ ගැන ඔබට ස්තූති කිරීමට කැමැත්තෙමි. බලන්න ඔය තරම් සූක්ෂම අපේ පොලීසියට තාමත් මාධ්‍යවේදී ලසන්ත මැරුවෙ කවුද කියලා හෝ සිරසට ගැහුවේ කවුද කියලා හෝ පෝද්දලට හා අනෙකුත් මාධ්‍යවේදීන්ට ගැහුවේ කවුද කියලා හෝ හොයාගන්න බැරිවුණ හැටි. වෙලාවකට දුකත් හිතෙනවා මෙහෙම පොලීසියකින් ලැබෙන ආරක්ෂාවක් ගැන. එ්ත් ඔබ වැන්නවුන් ප‍්‍රශ්ණ කරන විට මාර සිරා පොලීසියක් නේද කියලත් හිතෙනවා.

    හැබැයි කවදා හරි ආණ්ඩුව පෙරලූනාම ඔය ලසන්ත මරපු උන් තමයි අමාරුවේ වැටෙන්නේ. මොකද ඔබව අද හෙව්වා වගේ එදාට හොයන්නේ උන්ව නිසා. එ්ත් එ්කත් කෝප් වාර්තාව වගේ උනොත් තමයි මාර කේස් එක. මැරයෝ පගා කාරයෝ හැමදාම ආණ්ඩුවේ. ලසන්ත-ඔබ සහ අපි සදාකාලික විපක්ෂයේ.

    ReplyDelete
  6. ඔහොම තමයි..... මේ රටතුල ඇති මාධ්‍ය නිදහස

    ReplyDelete
  7. /*
    මාධ්‍යමගින් පොලීසියේ සිදුවූ අක්‍රමිකතාවයන් හෙළිකරාම ඒ අක්‍රමිකතා කරපු නිලධාරියාට දඩුවම් නොදී ඔහුට නීතිය ක්‍රියාත්මක නොකර ඒ හෙළිකිරීමට දායක වූ අයගෙන් ප්‍රශ්න කිරීම ගැටළුවක්.
    */

    කිසි ගැටළුවක් නැත. ඒ ඔය සේරම වෙන්නේ ලංකාව නම් ලෝකෙන් උතුම් රටේ නිසා ය.

    අනේවාසික
    http://anewasika.blogspot.com/

    ReplyDelete

ඔබේ හිතට නැගෙන අදහස් මට ඉතාමත්ම වැදගත්. අපිට දිරි දෙන්නේ ඔබයි මිතුරනේ.