මම අද උදේ තැබූ සටහනකින් එක්තරා මාධ්‍යවේදියකු ගැන කියා සිටියා. ඔහු මොනවා කළත් අපේ සිතේ ඔහු ගැන වෛරයක් තිබුණේ නැහැ. අපි අද හවස මාධ්‍ය මර්ධනයට එරෙහිව ගාල්ල නගරයේ උද්ඝෝෂණයක යෙදී ආපසු නිවෙස් කරා යද්දී අපේ අර මාධ්‍යවේදියාගේ නිරැවත හෙළි වුනා.
ඉහත ඡායාරෑපයෙන් දක්වා ඇත්තේ ඔහු කළ වැඩක්.
යුද හමුදාවට, පොදුවේ ලබාගත් යුධමය ජයග්‍රහණ සියල්ලටම අපි සුබ පතනවා.
අපි සියළු දෙනාම කොන්දේසි විරහිතව රණවිරැවන් සමග ඉන්නවා. නමුත් මේ කරපු වැඩේ අසික්කිතයි. නින්දිතයි. චුත්තයි. (මට කියන්න වචන නැහැ)
මේ යකා අපේ සියළු මාධ්‍යවේදීන් පාවාදීලා.
මේ පුවරැවේ රණවිරැවන්ට උපහාර පිදීම ගැන අපිට ගැටළුවක් නැහැ. ඒත් ජාතික නිදහස් පෙරමුණ කියන විමල් වීරවංශගේ දේශපාලන පක්ෂයක් එක්ක එකතුවෙලා කටවුට් ගහන්න අපි මේ යකාට අවසරයක් දුන්නේ නැහැ. මූ මේ විමල්ට පාවාදීලා තියෙන්නේ මාධ්‍යවේදීන් සියළු දෙනාගේම ආත්මගරැත්වය.
මේක යට මීට වඩා පසුබිම් කථාවක් තියෙනවා.
මූ හැමදාමත් කීයක් හරි හොයාගන්නේ මාධ්‍ය පාවාදීලා කියලා අපිට සැකයක් තිබුණා.
බැනර් එකක් ගහන්න. පිකටින් එකක් කරන්න ඕන කියලා නීතීඥයන්ගෙන්, ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි කීයක් හරි ඉල්ල ගන්න තරම් නින්දිතයෙක් වුණු මේ මාධ්‍යවේදියායැයි කියා ගත්තු එකාට අපි තවදුරටත් මාධ්‍යවේදියෙක් ලෙස සලකන්නේ නැහැ.
ඒ යකා වචනයෙන් කියන්න බැරි තරම් පාහරයෙක්
අපි මේ පුවරැව දැකපු වෙලාවේ ඒ යකාගේ මාධ්‍ය සංගමයේ ලේකම් සමන් සී. ලියනගේ සහෝදරයාත් අපිත් සමග හිටියා. ඔහු මේ පුවරැව දැකලා පුදුමයට පත්වුනා. අනේ අපිනම් මෙහෙම දෙයක් දන්නේ නැහැ..... කියලා කියපු ඔහු අපි මේ යකාට විරැද්ධව වැඩ කළ යුතුයි කියලත් කිව්වා.
සිරසට අනිකුත් මාධ්‍ය වේදීන් සලකන විදියයි ;ඔබලාට වෙලා තියෙනදේයි දැක්කම "මාධ්‍යවේදියා" කියන්නේ දේශපාලකයන් වගේම විස්වාසකරන්න බැරි අමුතුම පිරිසක් කියල හිතෙනවා
ReplyDeleteYet another Judas.
ReplyDeleteමාධ්‍ය වේදියො කියන්නෙත් සාමාන්‍ය මිනිස් කොට්ටාශයක්. ඔවුන් වෙලාවකට හෙන පොරවල් වගේ පේන්න හැදුවට ඇත්ත ඒක නෙමෙයි.
ReplyDeleteමේ රටේ මාධ්‍ය වේදීන් - මාධ්‍ය ආයතන ගැන මට තියෙන්නෙ කල කිරීමක්. ඔවුන් ඉන්න හදන්නෙ හැමතැනම සර්ව සාධාරණ පුද්ගලයො විදිහට. ඔවුන් ඔක්කොම එකයි.
වික්ටර් අයිවන්ලා, සුනන්ද දේශප්‍රිය ලා, චමුදිත ලා වගේම මේ කියන පුද්ගලයා කරල තියෙන්නෙත් .... "මාධ්‍ය වේදියාගේ උරුමය" ඉදිරියටත් පවත්වා ගැනීම.....
මමනම් නිරුවත දැක්කොත් අහක බලා ගන්නවා
ReplyDeleteඊඊඊයා
ඉහත පෙන්වා ඇති දැන්වීම් පුවරුවේ ඇති දැන්වීමෙ වැරැද්දක් මට නම් පේන්නෙ නැහැ. මගේ අදසේ හැටියට එය අපේ හමුදා රණවිරුවන්ට ප්‍රණාමය පුදන උදාර දැන්වීමක්. (මෙහි වරදක් ඇත්නම් මට කරුණාකර පෙන්වා දෙන්න.) ඒ බව, පහත ඇති සටහන නොකියවා ඒ දෙස බැලුව හොත් ඔබට පෙනෙනු ඇත. සටහන කියවා ඒ දෙස බැලුව හොත් ඔබේ සිත වික්ෂිප්ත වනු ඇත. මාධ්‍ය වේදියෙකුගේ බලය, මිනිස් සිත ව්‍යාකූල කිරීමේ බලයක් ඔබට නොපෙනේද? පින්තූරයේ ඇත්තේ අපේ සෙබලුන්ට ප්‍රණාමය පුද කිරීමක්. සටහනේ ඇත්තේ පුද්ගලික අදසක්. ඒ සටහනෙන් ඒ මතය සධාරණ බවට ඒත්තු ගැන්වීමටද ක්‍රියාකර ඇත. මේ තමා මාධ්‍ය වේදීන්ගේ බලය!!!
ReplyDeleteහිතවත් සරත් ගුණතුංග මහතාට,
ReplyDeleteරණ විරැවන්ට ප්‍රණාමය පුදකළ යුතුයි. ඒ සදහා දැන්වීමක් පලකිරීමේ කිසිදු වැරැද්දක් නැහැ. නමුත් ගැටළුව තියෙන්නේ මොහු මේ සදහා අපගේ මාධ්‍ය සංවිධානයේ කිසිවෙකුගේ අදහස් නොවිමසා ඔහු පමණක් තනිවම මේ දැන්වීම පලකර ඇත්තේ විමල් වීරවංශගේ පක්ෂය සමග එක්වී බව දැන්වීමේ සදහන් වෙනවා.
අපි විරැද්ධව සිටින්නේ එම දේශපාලන පක්ෂයත් සමග එක්වීම ගැනයි.
විජේවීර මහත්මයා, මම පුද්ගලික වශයෙන් කිසිවෙක් සඳහන් කරලා නැහැ. ඒ නිසා කලබල වෙන්න එපා. මම මහත්මයාගේ නම සඳහන් කරලත් නැහැ. මහත්මයා සඳහන් කරන පුද්ගලයා කවුද කියා දන්නෙත් නැහැ. ලංකාවෙ දේශපාලනේ ගැන මම දන්නෙ බොහොම් ටිකයි. අන්තර්ජාලයේ එන පුවත්පත් වලින් පමණයි. වීරවංශ කියල දේශපාලනඥයෙක් ඉන්නව කියල නම් දන්නව ඇරෙන්න වෙන දෙයක් දන්නෙ නැහැ. මම කියන්නෙ රණ විරුවන්ට ප්‍රණාමය පුදන ලද දැන්වීමක් ආයුධයක් කර ගෙන මාධ්‍යවේදියෙක් තමන්ගේ අදහස ලොවට පෙන්වීමට උත්සාහ කර ඇති බව පමනයි. විජේවීර මහත්මයා පවසන පුද්ගලයා කවරෙකු වුවත් ඔහුටත්, වීරවංශ මහත්මයාටත්, ඔවුන්ගේ පක්ෂයටත්, ඔබටත්, මේ රටේ ඕනෑම පුරවැසියෙකුටත්, රණවිරුවන්ට ප්‍රණාමය පුද කිරීමට අයිතියක් තිබෙන බව මගේ විශ්වාසයයි. එය මානව අයිතිවාසිකමක් කියලයි මට හිතෙන්නෙ. මම වැරදි නම් සමාවෙන්න.
ReplyDeleteසරත් මහතා ඔබ කියන දේ හරි. අපේ ප්රශ්නය වෙනත් දෙයක්. ඔහු සංගමයක නම භාවිතා කිරීම වැරදියි කියලයි අපි කියන්නේ.
ReplyDelete