Thursday, February 11, 2010

අමන රට පාලනය කරන පොලීසියේ සත්ගුණවත් ප්‍රහාරය



























ඊයේ. ඒ කියන්නේ 2010 පෙබරවාරි 10 වැනිදා සවස ගාල්ල නගරයේදී ජනරාල් සරත් පොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව උද්ඝෝෂණයක් පැවැත්වෙන බව දැනගන්න ලැබුණා. මම මාධ්‍යවේදියෙක් හැටියට එතැනට ගියේ එය වාර්තා කරන්න. නමුත් උද්ඝෝෂණය විසුරැවා හරින්න පොලීසිය කටයුතු කළා. එක් වියරැ වැටුණු පොලිස් නිලධාරියෙක් තමන්ගේ නිල ඇදුම පිටින්ම ඇවිත් පොල්ලක් අරගෙන මටත් තවත් මාධ්‍යවේදීන් දෙදෙනෙකුටත් අසළ සිටි පිරිසටත් පහර දුන්නා. ඒ පහර දෙද්දී උද්ඝෝෂකයෝ හිටියේ ගාල්ල ක්‍රීඩාංගණය පැත්තේ මම හිටියේ ‍පොලීසිය පැත්තේ. මම මගේ අහලකවත් උද්ඝෝෂකයෝ හිටියේ නැහැ.
මේ පොලීසිය උද්ඝෝෂකයන්ට පහර දීලා ඔවුන් එළවලා අන්තිමේදී දෙනෝ දාහක් දෙනා ඉන්න ගාල්ල බස් නැවතුම්පොළටත් පහර දුන්නා.
මේ අමන රටේ මිනිස්සුන්ව වෙන කොහොම පාලනය කරන්න ද කියලා අපේ සත්පුරැෂ පොලිස් නිලධාරීන් හිතනවා ඇති නේද ?
ඕන්න එහෙනම් ඡායාරෑප ටිකක් බලා ගන්නකෝ. මේවා වාර්තා කිරීම අපේ අතින් සිදුවිය යුතු දෙයක්. නමුත් ඒකට ගිහින් ගුටි කන්නත් වෙනවා. ඉස්සෙල්ලාම දාන්නේ මට ගහපු නිලධාරියා‍ පොල්ලක් අතේ තියාගෙන ඉන්න හැටි. ඒක තියෙන්නේ යටින්ම ඇති ‍ඡායාරෑපය විදියට. එයාගේ අංකය සැරයන් 589-- ඉතුරැ අංක දෙකක් තියෙනවා.
කහ ඉරමත ඉන්න මිනිස්සුවගයක් පේනවා නේද. බස් නැවතුමේ හිටපු අහිංසකයන්ට කදුලු ගෑස් ගහන කොට මේ සාමාන්‍ය මිනිස්සු ඇවිත් පොලීසියට අම්ම අප්ප මතක් කරලා දුන්නා. ඒ වෙලාවේ ලේ පෙරාගෙන තුවාල වෙලා හිටපු කෙනෙකුගේ ඡායාරෑපයත් දාලා තියෙනවා. ඒ කෙනාව රෝහලට ගෙනියන්න ඉදිරිපත් වුන වෙලාවේ ඒ අයටත් කදුලු ගෑස් පාරක් වැදුනා.

17 comments:

  1. සජීව, එදා කිව්වේ ආපහු බ්ලොග් ලියන්නේ නෑ කියලා නේද? අනේ බොල තොට ඕවා කියනවට වැඩිය හොදයි, කට බිම උලා ගත්තා නම්..

    පොලු පාරක් ඔළුවට වැදුනා නම්, මේ මම කියන්නේ මොකද්ද කියලා යාන්තමින් වත් තේරෙයි..

    ReplyDelete
  2. පැත්ත ගියත් ඇත්ත කියන ගුටි කකා හරි රාජකාරිය කරන ඔයාල වගේ මාධ්‍යවේදියෝ දැකීමත් සතුටක්. ඒත් පුතෝ පරිස්සමෙන්.

    ReplyDelete
  3. කෙදිනක හො සියල්ල හැර දමා යායුතුය... මේ සියලු දෙනාම මිනිසුන්ය. පිරිසිදු බුදු දහම ඇති මේ රටේ තවෙකෙක් හිංසනයට පත් කරන්නේ ඇයි?

    ReplyDelete
  4. මේ වගේ වාර්තාකරණයක් ගෙන එන මුල්ම බ්ලොග් සටහන තමයි මේ. බොහොම ආසාවෙන් බලන්නෙ. දිගටම ලියන්න, හැබැයි ඉතින් පරෙස්සමෙන්.

    ReplyDelete
  5. දෙන දේ කාල වෙන දේ බලන් හිටිය නං හරි...
    අපිට ලොකු මිනිස්සුන්ව හදන්න යන්න බැහැ...
    එහෙම කරනවා නං රියන් 4 ක් පල්ලෙහ නිදාගන්න ලෑස්තිවෙලා යන්න ඕනේ...
    පරිස්සමින්... ඔයා අද මොන කැප කිරීම කලත් හෙට, ඒ හැම දේම මිනිස්සුන්ට අමතකයි....
    ඒ දේ මතක තියා ගන්න....!

    ReplyDelete
  6. http://sllive5.blogspot.com/

    ReplyDelete
  7. ගාල්ලේ දී පොලිසිය වැඩපෙන්වයි...
    http://sllive5.blogspot.com/

    ReplyDelete
  8. ඕවා කියන්න ඔනේ නුව‍්ර පාරටයි නුවන්ස් ලේ වගේ කල ගුණ දන්න අයට

    ReplyDelete
  9. ඕවාට පොලීසියටම දොස් කියන්න බැහැ.. මොකද අද කාලේ පොලීසි වැඩ කරන්නෙත් දේශපාලකයන්ට ඕන විදියට.. ඒ අණට අකීකරු උනොත් දුෂ්කර සේවා.. කවුද කැමති ඒ වගේ දේවලට?

    ReplyDelete
  10. දේෂද‍්රෝහියෙක්ව නිදගස් ක‍රන්න කියල උද්ගෝශනය ක‍රනකොට ගහල මදි........
    (ඒත් ඕකට විකල්ප විධි යොදා ගත්තොත් හොදයි ඒ කිවෙ කිතුල් ඇට දිය කල වතුර ගහන්න වගේ.....)

    ReplyDelete
  11. පොලීසිය කරන්නේ පවරපු රාජකාරිය කියලා මට හිතෙන්නේ.

    ReplyDelete
  12. ඕක JVP ‍එකේ සිල්ලර උපක්‍රමයක් නේ.

    දැක්කෙ නැද්ද ඕක කියවුණු උණුසුම යන්නත් කලින් විජිත හේරත් (හංස අගමැති තුමා) තමන් කරමින් ඉන්න රූපවාහිනී සාකච්ඡාව මැද්දෙම බෙරිහන් දුන්නා මේකෙන් හමුදාව දෙකඩ වෙනවය, දැන් අපි මේකට එරෙහිව පියවර ගන්න ඕන, වහාම සියලුම ජනතාවගෙන් ඉල්ලනවා පාරට බැහැලා මේකට විරුද්ධව උද්ඝෝෂණය කරන්න කියලා.

    එල්ලෙන්න වැල් නැතිව හිටපු JVP එකටත් දැන් වැලක් හොයලා දීලා ආණ්ඩුව.

    ඒකෙ ඊළඟ පියවර තමයි මේ වගේ සංවිධානාත්මක උද්ඝෝෂණ. (ලංකාවේ දේශපාලන පක්ෂයක් නැතිව වෙන මොකෙක්වත් ඉදිරිපත් වෙලා කෙරෙන ජනතා උද්ඝෝෂණ කියලා ජාතියක් නෑ කියලා 10 පන්තියේ ළමයෙක් වුණත් දන්නවනේ.)

    ඊලඟට පොලිසිය මේක විසුරුවන්න try කරනවා.

    ඔය අස්සේ ආණ්ඩුවේ ඉන්න මෝඩ තකතීරුවෝ ටික පුස් චණ්ඩි ටිකක් දාලා "දෙමු ඕකුන්ට වැඩක්" කියලා උන්ට ගල් ගහනවා.

    දැන් නියමයි වැඩේ.

    JVP එකට ඕනිත් ඕකමයි. රජය මර්දනකාරී ලෙස ක්‍රියාත්මකයි තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදයක් නැත කියලා පතුරු ගහන්න පුලුවන් ඔය වැඩෙන්.

    ඒ වගේම තවදුරටත් තමන්ගේ පැවැත්ම තහවුරු කර ගන්නත් පුලුවන්.

    ඕං ඕකයි කතාව. "ලවා ගස්සවා" කියලා නාට්‍යයකුත් ආවේ ඔන්න ඔය ගැන තමයි. (හැබැයි ඒ ඉලවු නාට්‍යය නම් සත පහකට වැඩක් ඇති එකක් නෙවෙයි.)

    ඒත් මේ සෙල්ලම තේරුම් ගන්න නම් මල් ගහන එක නවත්තලා ටිකක් හිතන්න වෙයි. (මල් මාමලාට කිවුවේ)

    තේජාන්
    http://lankanthoughts.blogspot.com

    ReplyDelete
  13. JVP එකට ඕනිත් ඕකමයි.

    ඒ කියන්නේ තේජාන් කොළුවෝ ජේවීපී කාරයෝ කියන දේත් ඇත්තක් තියනවා නේද ? මධ්‍ය මර්දනය කිව්වහම එක්නැලිගොඩව උස්සන් ගිහින් එකත් කරලා ජේවීපී කථාව ඇත්තක් කලා. දැන් ඉඩි අමීනුත් එලියට බැහැලා නේද ? තව මොනවා වෙයිද දන්නේ නෑ.

    ReplyDelete
  14. මට පේන්නේ ආණ්ඩුවෙත් ඉන්නවද කොහෙද ජේ.වී.පී එකට හිතවත් අය. නැත්නම් මොකටද ජේ.වී.පී එකේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්නේ.

    ReplyDelete

ඔබේ හිතට නැගෙන අදහස් මට ඉතාමත්ම වැදගත්. අපිට දිරි දෙන්නේ ඔබයි මිතුරනේ.