Monday, February 8, 2010

සාගරයක් මැද අමන රටක් ඇත. මෙහෙම අමනකම් ලෝකෙ තවත් නැත.

මේ අමන රටේ මේ වගේ බ්ලොග් එකක් ලියලා වැඩක් නැත. ඒ නිසා මෙය ලිවීම මම අද මේ මොහොතේ සිට නවතා දමමි. මෙතෙක් මගේ බ්ලොග් සටහන් බැලූ සහ එයට අදහස් දැක්වූ සියළුම අයට අනේක වාරයක් ස්තූති කරමි.

9 comments:

  1. රටෙ බහුතරයක් බලාපොරොත්තු උනෙ මෙකයි නෙද..... මිනිස්සුන්ට වැරදි පාර පෙන්නුවෙ කවුද... ඔයා මෙක නවත්තන්න එපා. මැරුනත් තමුන්ගෙ යුතුකම රට වෙනුවෙන් කරන්න. මිනිස්සු දන්නවා දකිනවා. මෙ දෙවල්. නමුත් රාජ්‍ය මාධ්‍ය මෙ ආකාරයට මිනිස්සුන්ව නොමග අරින එක කවදා නවත්තයිද....?

    ReplyDelete
  2. තමා උපන් රටට මෙසේ කියන්නන්ට අවසානයේ සියල්ල අත‍රමග දමා යාමට සිදුවීම .....(මටත් කියන්න දෙයක් එන්නෙ නෑ)
    එක්කො කියන්නම් ඇත්තටම සතුටුයි.
    මේක ඔබේ වැරැද්දක් නොව ඔබේ ____ වැරැද්දක්

    ReplyDelete
  3. පෞද්ගලිකව, මම කැමතියි උඹ මේක ලියන එක නවත්වන එක ගැන.
    මොකද උඹ 'මම' කවුද කියලා නොදන්නවට, මම 'උඹව' දන්න නිසා..

    all the best මචෝ!!!

    ReplyDelete
  4. තමන්ගේ රට අමන රටක් කියල හිතන එහෙම කියන කෙනෙක් හැටියට මේක ලියන එක ඔයා නවත්තනවනම් මමත් කැමතියි.

    ReplyDelete
  5. ඔය උඩින් කමෙන්ට් දාල තියෙන සමහරු තමන්ගෙ බ්ලොග් වල ලියන දේවල් දැක්කහම නම් මේ රට අමන රටක් කියල හිතෙන එක පුදුමයකට කාරණාවක් නෙවෙයි.

    - Taboo

    ReplyDelete
  6. අපි ලියන එක නැවැත්තුව කියලා ලොකු වෙනසක් වේ කියල හිතන්න බෑනේ...ඒ වුනාට දිගටම ලිවුවොත් සමහර විට හිතුවාට වඩ ලොකු දෙයක් කරන්න පුලුවන් වේවී....

    ReplyDelete
  7. ලංකාව අමන රටක් කිරීමේ ගෞරවය වැඩියම හිමිවිය යුත්තේ මාධ්‍යයට. ඒ ගැන සතුටු වෙයල්ලා. විශේෂයෙන් ඔය ප්‍රවෘත්ති කියල රස කර කර පෙන්නන දේවල් වලින් බිහිවෙන්නේ අමන ජාතියක් කියන එක අමතක කරන්න එපා. මොකෙක් හරි අමනයෙක් ගිරිය පුප්පගෙන මොකක් හරි කුණු කතාවක් කිව්වහම 'දවසේ කතාව' කියල දවසේ වඩාත්ම මිල අධික 'ටයිම් බෙල්ට්' එකේ ඒක ප්‍රචාරය කරන්නේ මාධ්‍යයේ තමා. මොකෙක් හරි අමනයෙක්, තුන් හතර දෙනෙක් අමානුශික විදිහට මරල දැම්මහම පත්තර පිටු පුරවලා පාට පාට පින්තූරත් එක්ක උදේ පාන්දර අපේ අතට දෙන්නෙ මාධ්‍ය තමා. කන්න හොඳ මේවා, බොන්න හොඳ මේවා, ගාන්න හොඳ මේවා, හෝදන්න හොඳ මේවායෙන්, මදින්න හොඳ මේවායෙන්, .... ඔය විදිහට ජිවත් වෙන හැටි අකුරක් නෑර කියල දීල මේ අමන රට බිහි කළේ මාධ්‍ය. මාධ්‍යවේදියෙක් බ්ලොග් මාධ්‍යයේ රැඳී සිටීම හෝ ඉවත්ව යාම අමන කම අඩු කිරීමට හෝ වැඩි කිරීමට හේතු වෙන්නේ නෑ. ඒ නිසා නිකං මෝඩ තීරණ ගන්නේ නැතුව නිදහස් මාධ්‍යවේදියෙක් විදිහට නිවැරදි දේ පුළුවන් තරමට කරපන්.
    අනික් කාරනය මිනිහෙක් හැටියට දේශපාලනයක්-දේෂපාලන මතයක් තිබුනට නියම මාධ්‍යවේදියෙක් පක්ෂග්‍රාහි වෙන්නේ නැති බවත් මතක තියා ගනින්. ඒ නිසා ඡන්දෙ දෙන්න විතරක් පක්ෂය තියාගෙන (මම පුද්ගලිකවම දන්නා පරිදි) කොන්දක් තියෙන මාධ්‍යවේදියෙක් හැටියට, මාධ්‍යවලින් අමන රැලක් කරනා මේ විනාශය නතර කරන්න පුළුවන් දෙයක් කරපන්. බ්ලොග් කියන්නේ උඹ වගේ මිනිහෙක්ට හොඳ මාධ්‍යයක්.

    ReplyDelete
  8. මේකේ අමන වැඩ කරන්න කරන්න ඒ පුද්ගලයගේ පිලිගැනීම වැඩිවෙනවා හැබැයි කවුරු හරි කිව්වොත් අන්න අරය අමන වැඩක් කරනවා කියලා එතනින් පස්සේ අර කියපු කෙන අමනයෙක් වෙනවා. මේක අමන රටක්ම තමා.

    ReplyDelete

ඔබේ හිතට නැගෙන අදහස් මට ඉතාමත්ම වැදගත්. අපිට දිරි දෙන්නේ ඔබයි මිතුරනේ.