ඊයේ. ඒ කියන්නේ 2010 පෙබරවාරි 10 වැනිදා සවස ගාල්ල නගරයේදී ජනරාල් සරත් පොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව උද්ඝෝෂණයක් පැවැත්වෙන බව දැනගන්න ලැබුණා. මම මාධ්‍යවේදියෙක් හැටියට එතැනට ගියේ එය වාර්තා කරන්න. නමුත් උද්ඝෝෂණය විසුරැවා හරින්න පොලීසිය කටයුතු කළා. එක් වියරැ වැටුණු පොලිස් නිලධාරියෙක් තමන්ගේ නිල ඇදුම පිටින්ම ඇවිත් පොල්ලක් අරගෙන මටත් තවත් මාධ්‍යවේදීන් දෙදෙනෙකුටත් අසළ සිටි පිරිසටත් පහර දුන්නා. ඒ පහර දෙද්දී උද්ඝෝෂකයෝ හිටියේ ගාල්ල ක්‍රීඩාංගණය පැත්තේ මම හිටියේ පොලීසිය පැත්තේ. මම මගේ අහලකවත් උද්ඝෝෂකයෝ හිටියේ නැහැ.
මේ පොලීසිය උද්ඝෝෂකයන්ට පහර දීලා ඔවුන් එළවලා අන්තිමේදී දෙනෝ දාහක් දෙනා ඉන්න ගාල්ල බස් නැවතුම්පොළටත් පහර දුන්නා.
මේ අමන රටේ මිනිස්සුන්ව වෙන කොහොම පාලනය කරන්න ද කියලා අපේ සත්පුරැෂ පොලිස් නිලධාරීන් හිතනවා ඇති නේද ?
ඕන්න එහෙනම් ඡායාරෑප ටිකක් බලා ගන්නකෝ. මේවා වාර්තා කිරීම අපේ අතින් සිදුවිය යුතු දෙයක්. නමුත් ඒකට ගිහින් ගුටි කන්නත් වෙනවා. ඉස්සෙල්ලාම දාන්නේ මට ගහපු නිලධාරියා පොල්ලක් අතේ තියාගෙන ඉන්න හැටි. ඒක තියෙන්නේ යටින්ම ඇති ඡායාරෑපය විදියට. එයාගේ අංකය සැරයන් 589-- ඉතුරැ අංක දෙකක් තියෙනවා.
කහ ඉරමත ඉන්න මිනිස්සුවගයක් පේනවා නේද. බස් නැවතුමේ හිටපු අහිංසකයන්ට කදුලු ගෑස් ගහන කොට මේ සාමාන්‍ය මිනිස්සු ඇවිත් පොලීසියට අම්ම අප්ප මතක් කරලා දුන්නා. ඒ වෙලාවේ ලේ පෙරාගෙන තුවාල වෙලා හිටපු කෙනෙකුගේ ඡායාරෑපයත් දාලා තියෙනවා. ඒ කෙනාව රෝහලට ගෙනියන්න ඉදිරිපත් වුන වෙලාවේ ඒ අයටත් කදුලු ගෑස් පාරක් වැදුනා.