ගාල්ල කළුවැල්ල පන්සල පිහිටා තිබෙන්නේ නගරය මධ්‍යයේ.
මේ හරිය ඉතාමත්ම ජනාකීර්ණයි.
එක පැත්තකින් තියෙන්නේ මහ මුහුද
දවසක් මහ දවාලේ පන්සලට අමුත්තෙක් ඇතුළු වුනා. ඒ ඉදිරි දොරටුවෙන් නෙවෙයි.
පිටිපස්සේ දොරටුවෙන්.
මෙයා කෙලින්ම ගියේ නායක හාමුදුරැවෝ පෙනෙන තැනකට.
හැබැයි හාමුදුරැවොත් එක්ක කථා කලේ නැහැ.
උන්වහන්සේට පේන්න බිම දිගා වුනා.
නැගිටින්න බැහැ.
කවදාවත් පන්සලට ආවෙ නැති අළුත් අමුත්තා ගාවට හාමුදුරැවෝ ගියා.
එතකොට මෙයා ලේ පෙරාගෙන ඉන්නවා.
කව්දෝ හොදටම ගහලා.
බෙල්ල කැපිලත් තිබුණා.
ඒ නිකන් ගෝරියකට පැටළිලා නෙවෙයි.
එයාගේ මස් අනුභව කරන්න.
මේ අමුත්තා ඉත්තෑවෙක්. පොඩි එකෙක් නෙවෙයි.
හොදට වැඩුණු නිරෝගී ඉත්තෑවෙක්.
මස් වල රහ වැටුණු මිනිස්සු මරන්න එළවද්දි මේ ඉත්තෑව රිංග ගත්තේ ලගම තිබුණු පන්සලට.
හාමුදුරැවෝ මෙයාට හොදට සාත්තු කළා.
ඒත් එයාගේ ජීවිතය බේරගන්න බැරි වුනා.
විනාඩි කිහිපයක් හුස්ම අල්ලගෙන හිටපු ඒ අහිංසක අසරණ සතා මිය ගියා.
මස් කණකොට ඉත්තෑ කටු ඇනෙන්නේ නෑනෙ. ඒකයි ඔහොම කරන්නනෙ.
ReplyDeleteකරන කලට පව් මීරිය මීසේ!
මහරගම පමුනුව පාරෙත් ඉන්නවා හොඳ සයිස් ඉත්තෑ පවුලක්!
koheda innea?
ReplyDelete