Monday, December 29, 2008

මිලිනවන මල් කැකුළු

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව වාර්තාවන ළමා මරණ වලින් සැළකිය යුතු ප්‍රමාණයක් සිදුවෙන්නේ අනාරක්ෂිත ලිං තුලට වැටීමෙන්. මෙය සැබැවින්ම වළක්වා ගත හැකි මරණ.
පසුගියදා මට අසන්නට ලැබු‍ණේ ඊටත් වඩා දුක හිතෙන කථාවක්.
අම්ම සිංහල තාත්තා දෙමළ පවුලක එක දියණියක් හිටියා.
අම්ම දෙමළ තාත්තා සිංහල පවුලක කොල්ලෙක් එක්ක විවාහ වුණු ඇය දරැවන් හතර දෙනෙක් වැදුව.
මේ පිරිමියා තම බිරිදගේ නංගිවත් ගෙදර නවත්ත ගත්ත.
ලැයිම් කාමර ජීවිතේට ලිංගිකත්වය කියන එක පුද්ගලික දෙයක් වුණේ නැහැ.
ඉතින් නංගිටත් ළමයෙක් ලැබුණා. තාත්තා අර එකම පිරිමියා.
එක තාත්තගේ අම්මලා දෙන්නගේ ළමයි හැදුණෙ වැඩුනේ එකම ලැයිමෙ. එක පොල් පොදියට.
තමන්ගෙ දරැවන්ගෙ දරැවො බලාගත්තෙ සිංහල අම්මා ඇවිත්.
එක දවසක් මේ අත්තම්ම එක දරැවෙක් නිදිකරවන්න ලැයිම ඇත්තුලට ගියා.
අවුරැදු 11 වයස එක මිණිපිරියක් බාලම මුණුපුරා (වයස අවුරැද්දයි) බලාගෙන හිටිය.
ටික වෙලාවකින් අර මිණිපිරිය ගේ ඇතුලෙ
අත්තම්ම දුවල ගිහින් ගේ පිටිපස්සෙ බලනකොට මිණිපිරිය පිගන් හෝදන්න ගෙනාපු වතු භාජනේට අර දරැව වැටිලා.
හැමදේම ප්‍රමාද වෙලා. රෝහලට ගෙන ගිහින් දරැවගේ ජීවිතේ බේරගන්න බැරි වුනා.
මරණ පරීක්ෂණ‍යෙද තීරණය වුණේ දියේ ගිලී මිය යාමක් ලෙසින්.
ඒත් මරණය අතරතුර අහන්න ලබුණේ වෙනත් කථාවක්.
එක තාත්තා බෙදා ගන්න අම්මල දෙන්න අතර තිබුණු සීතල යුද්ධය නිසා ඒ දරැව ජීවිතෙන් වන්දි ගෙව්ව කියල ගමේ මිනිස්සු කියන්න පටන් ගත්තා.

3 comments:

  1. මොකක්? මට තේරුනේ නෑ අත්තටම කතාව. කොහොම වුනත් අමුතු කතාවක් වගෙ!

    මේ Word verification එක අයින් කරන්නකෝ.

    ReplyDelete
  2. ඒ කියන්නේ දියේ ගිලීමක් නෙවෙයි ගිල්ලවීමක් ද?

    අනේ ඔව් මේ ඉංග්‍රිසි අකුරු ටයිප් කරන වැඩේ හරියන්නේ නෑ..

    ReplyDelete
  3. මේ කථාවේදී දරැවා මරා දමන්නට ඇතැයි ඕනෑම කෙනෙකුට සාධාරණ සැකයක් ඇති වෙනවා. අඩක් වතුර පිරවූ ප්ලාස්ටික් බාල්දියක එල්ලී ළමයා ඇතුලට වැටෙන්න ඉස්සෙල්ලා බාල්දිය පෙරලෙනවා.

    ReplyDelete

ඔබේ හිතට නැගෙන අදහස් මට ඉතාමත්ම වැදගත්. අපිට දිරි දෙන්නේ ඔබයි මිතුරනේ.