Monday, December 29, 2008

මේ තමයි මගේ ආරම්භක සටහන

නවීන තාක්ෂණය පුදුම එළවන සුළුයි. අපි පොඩි කාලේ මෙහෙම වැඩකරන්න හිතාගෙනවත් හිටියෙ නැහැ. ඒත් අපිට ඕන වුනා රට හදන්න. මේ රටේ පවතින විදිය වෙනස් කරන්න. ඒත් අපි ඒකට විප්ලවය තෝරගත්තේ නැහැ. මට හිතාගත්ත මාධ්‍යවේදියෙක් වීමෙන් මේ රටේ ජනතාවට යම් සේවයක් කරන්න පුළුවන් කියල. කොන්ද පණ තියෙන නිදහස්ව නිවහල්ව හිතන්න පුළුවන් මාධ්‍යවේදියෙක් වීම මගේ එකම අභිලාෂය වුනා. මම සාර්ථකද අසාර්ථකද කියන එක අද හෙට තීරණය කරන්න බැහැ. ඒත් මම හැමතිස්සෙම උත්සාහ කළේ සාර්ථක මාධ්‍යවේදියෙක් වෙන්න. මේ ඒ සේවයේ අන්තර්ජාල මෙහෙවරේ දෙවැනි පියවර. පළමු පියවර වුනේ අපි කිහිප දෙනෙක් එක්වෙලා මේ වන විට අත්හදා බලමින් තිබෙන enews.lk කියන වෙබ් අඩවිය.
අපිට ලැබෙන අත්දැකීම් රටේ තොටේ සිදුවන දේවල් වගේම අන්තර් ජාලයෙන් යම් මතවේදයක් ගොඩනගන්න මේ විදියත් හොදින් ගැලපෙනව කියන එක මගේ අදහසක්. ඉතින් අද 2008 දෙසැම්බර් 27 වැනිදා. මේ තබන පළමු සටහන දීර්ඝ මාධ්‍ය චාරිකාවක තවත් එක් අපූරැ අත්දැකීමක් වේවි කියලයි මගේ අදහස. මෙයට ආරම්භක ශක්තිය දීපු බන්දුල සහෘද්දයාට අනේක වාරයක් ස්තූතියි.

9 comments:

  1. හරි,
    නියමයි!
    සංතෝෂයි!
    ඊදිරියටම යමු.

    ReplyDelete
  2. හොඳ වැඩේ.
    දිගටම කරගෙන යන්න

    ReplyDelete
  3. සුබ පතමි

    ReplyDelete
  4. සත්‍යය පමණක් අදහන්න. ඔබට සුභපැතුම්!(නියම මාධ්‍යවේදියකු වන්නට නම් තම මතය අනුනට පෙවීමට නොව අන් මත තුලින් සැබෑ තත්වය ලොවට පහදා දීමට උත්සුක වන්න.)

    ReplyDelete
  5. තුෂාර අඉයගෙ කතාව ඇත්තක් තමා. අපි ඔබ එක්කයි. සත්‍ය විකුණා බොරු කරන අය මැද්දේ සත්‍යම පතුරවන්න.

    ReplyDelete
  6. සියළු දෙනාටම ස්තූති වේවා ! ඔබේ ධෛර්ය මගේ ශක්තියයි.....

    ReplyDelete

ඔබේ හිතට නැගෙන අදහස් මට ඉතාමත්ම වැදගත්. අපිට දිරි දෙන්නේ ඔබයි මිතුරනේ.