
බ්‍රහස්පතින්දා දවසේ පත්තර කන්තෝරුවෙන් ලැබුණේ ඉතාමත්ම අසුබ ආරංචියක්..... මම ටික වෙලාවක් එකතැනක නැවතිලා කල්පනා කළේ සිදුවෙලා තියෙන විනාශය ගැන. මේ වෙනුවෙන් අපිට මොකක් ද කරන්න පුළුවන් කියලා හිතුවත් අන්තිමේ දී තේරුම්ගියා අපිට කිසිම දෙයක් කරන්න බැහැ කියලා.
ඕනම කෙනෙක් ඕනම වෙලාවක මගෙන් ඇහුවොත් මේ ලෝකේ වැඩියෙන්ම ඇළුම් කරන්නේ කොතනට ද කියලා. මම කිසිම පැකලීමකින් තොරව කියන්නේ ඒ සීගිරියට කියලා. ඒත් දැනගන්න ලැබුණා සීගිරියේ චිත්‍ර වලට කෘමි විශේෂයක් හානි කරන බව.
පරිසරයට විනාඩියක් වැඩසටහන කිරීමෙන් ලබාගත් පාරිසරික දැනුමත්, පුරාවිද්‍යාව හැදෑරීමෙන් ලැබූ පුරාවිද්‍යාත්මක දැනුම්ත් සංකලනය වූ මට එකවරම මතක් වුණේ සීගිරියේ කෘමීන් ආක්‍රමණයට පෙර එහි සිටි බඹරැන් ඉවත් කිරීම ගැන. මම මගේ ප්‍රාදේශීය ප්රවෘත්ති කර්තෘ තුමාට කථා කරලා මේ ගැන කිව්වා.
සජීව, ඔයාට සියයට සියයක්ම විශ්වාසනම් වැඩේට බහින්න. අහුමුළු නැතිවෙන්න හොයන්න. ඔහු කිව්වේ මාව නැවත නැවතත් දිරිමත් කරමින්. මම ඉන්නේ ගාල්ලේ සීගිරියේ සිදුවන දේ සොයන්න අමාරුයි ඒත් මම වැඩේට බැස්සා.
බඹරුන් ගැන ලියවුණු පර්යේෂණ පත්‍රිකා සොයා බැලුවා. සීගිරියට අළුතෙන් ආවායැයි කියන කුඹලුන් ගැන විස්තර හෙව්වා. මම විශ්ව විද්‍යාල මහාචාර්යවරැ ගණනාවකට කථා කළා. ඔවුන් සියළු දෙනාම කිව්වේ ඒක වෙන්න පුළුවන් වැඩක් කියලා. මගේ මතය වුණේ පරිසරයේ ආහාරදාමයේ එක් පුරැකක් වූ බඹරැන් ඉවත් කිරීම නිසා වෙනත් කෘමියෙක් ඉස්මතුවෙලා කියන එකයි. අවසානයේදී මගේ දැනුම ආචාර්ය මහාචාර්ය වරැන්ගේ උදව්වෙන් තහවුරැ කරගන්න හැකියාව ලැබුණා. ඒ අනුව සිරස රෑපවාහිනී සේවයේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ ප්රවෘත්ති ප්‍රකාශයේ ප්‍රධාන පුවතක් වුනේ සීගිරියේ චිත්‍ර වලට හානි සිදුකරන කෘමින් පැමිණියේ බඹරැන් ඉවත් කිරීම නිසා බවයි. සෙනසුරාදා ලංකාදීප පුවත් පතේත් ඉරිදා ලංකාදීප පුවත් පතේත් මගේ මේ හෙළිදරව් කිරීම පළවනවා. මේ සම්බන්ධව අනිත් මාධ්‍ය ආයතනත් අවදි විය යුතුයි.
ඔබගෙන් අපි ඉල්ලා සිටින්නේ එකම එක දෙයයි. සීගිරියට කෘමි හානිය සිදුවූයේ බඹරුන් ඉවත් කිරීම නිසා බව අපි විද්‍යාත්මක පැහැදිලිකිරීම් අනුව ප්‍රකාශ කර තිබෙනවා. මෙයට එරෙහිව අපි දැවැන්ත හඩක් නැගිය යුතුයි. අද සීගිරිය වගේ හෙට තවත් ස්ථාන විනාශ වන්නට ඉඩ නොදිය යුතුයි. ඒ වගේම බඹරුන් ඉවත් වී තනිවූ සීගිරිය සමුගන්න ඉඩ නොදිය යුතුයි.
හිත කඩන් වැටුනා මේක කියවලා.අපේ රටට මහත් වූ අඩම්බරයක්, ප්‍රසිද්දියක් ගෙනා සීගිරිය , සිගිරි චිත්‍ර දවසින් දවස විනාස වෙනවා.අපේ උරුමයන් මේ විදිහට විනාස වෙන්න දිලා අපිට බලන් ඉන්න වෙලා...
ReplyDeleteසල්ලි පස්සෙ ගිහින් බඹරු මරා දැම්ම අයගෙ අතේම තමා සීගිරියෙ අනාගතයත් තියෙන්නෙ.
ReplyDeleteබඹරු මරපු ඒකට මමත් විරුද්ධයි.
ReplyDeleteඅනේ සීගිරියට තිෙයන කරදර
ReplyDeletekawuruwath sigiriye taragapu wistara ehema dannawanam ane post karannaa..
ReplyDeletehari haman wistarayak hoyaganna amaruy eke...tiyenne ekama eka pinturayaya....
ekale pattarayk wath hoyaganan beheneee....pl help me..