ගාල්ල කරාපිටියේ පිහිටි ශික්ෂණ රෝහල කියන්නේ දකුණු පළාතේම ඇති ප්‍රධානතම රෝහල බව නොරහසක්. ඒත් දැන් මේකට අළුතෙන් ආපු අධ්‍යක්ෂවරිය නිසා රෝහලට හෙනහුරා ලබල කියලා පැහැදිලියි. පහුගිය දවස්වල මේ රෝහලේ කාර්ය මණ්ඩලය එක දිගට උණ රෝගයකින් පෙළෙන්න වුණා. මේ වැඩි දෙනෙක් ඩෙංගු රෝගීන් බව පැහැදිලි වුණා.
අවසානයේ නගර සභාව කළේ රෝහල් භූමිය, වෛද්‍ය හා හෙදි නේවාසිකාගාර පරීක්ෂා කිරීම. නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු රෝහලේ ඇති ඩෙංගු මදුරුවා බෝවන ස්ථාන රැසක් සොයාගත්තා. ඔවුන් ඒ ස්ථානවල ඡායාරූපත් ගත්තා. මේ ඡායාරූපත් ඉදිරිපත් කරමින් නගර සභාව කරාපිටිය රෝහලේ අධ්යක්ෂ ප්‍රියානි සේනාධීර මහත්මිය ලිඛ්තව දැනුම් දුන්නේ ඒ ස්ථාන විනාශ කිරීම හෝ පිරිසිදු කිරීම කරන ලෙසයි.
ඒ දැනුම් දිම කරල තියෙන්නේ පසුගිය මාර්තු අටවැනිදා. ඒත් ඒ ස්ථාන තවමත් තියෙන්නේ ඒ විදියටමයි. කිසිම කෙනෙක් කියන කිසිම දෙයක් අහන්න කිසිම කැමැත්තක් නැති අධ්‍යක්ෂතුමිය රෝහල ගැන මම බලාගන්නම් ඔයාලා තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්න කියලා මට කිව්වේ මාධ්‍යවේදියෙක් ලෙස මේ උද්ගතව ඇති භයානක තත්ත්වය ගැන විමසන්න ගියපු වෙලාවේ. මෙහෙම අධ්යක්ෂවරියක් ඉන්න කරාපිටියට සිදුවන දේ අනාගතයේදී දැකගන්න පුළුවන් වේවි ! අනේ අහිංසක රෝගීන්....................
දාන්න කො ප්‍රියානි ගෙ ෆොටෝ එකක් අපිට බලන්න.
ReplyDeleteDapan ko
ReplyDeleteඑයාට හොඳ අනාගතයක් තියෙන ලක්ෂණ පෙන්නුම් කරනව වගේ
ReplyDeleteප්‍රියානි නෝනලා ඉන්නකං අපේ රට ගොඩ ගන්නවා බොරු. දේශපාලකයින්ටත් බෑ මේ අයව වෙනස් කරන්න. ඒ අය ඊට හපන්නේ. අපරාදේ ප්‍රියානිගෙ නම. දෙමාපියො මේ නම තියන්න ඇත්තෙ කොච්චර බලාපොරොත්තු ඇතුවද?
ReplyDelete