Wednesday, March 18, 2009

පිරමීඩ ජාවාරම

මේ ලගදි දවසක් මට යාළුවෙක් පොඩි වැඩකට කථා කලා. එයාගේ අක්කගේ යාළුවෝ වගයක් පුංචි ව්‍යාපාරයක් ගැන කතා කරන්න එනවලු මටත් වාසියක් වේවි කියලා එන්න කිව්වා. ඉතින් මමත් ගියා. යනකොටත් මට මේ ගැන ලොකු සැකයක් තිබුණා.
මේ අය ඇවිත් තිබුණේ සුඛෝපභෝගී වාහනයකින්.
ඉතින් එයාලා අපිට පැය තුනක දේශනයක් කළා. ඒ දේශනයේදී භාණ්ඩ අළෙවි කිරීම සදහා ප්‍රචාරක කටයුතු වලට වියදම් කරන හැටි කියා දුන්නා. මේ අය මුලුමනින්ම දේශීය ආයතනයක් කියලත් කිව්වා. පටන් අරගෙන වසරක් යද්දී බිලියන ගානක භාණ්ඩාගාර බිල්පත් ලබාගත් බවත් කිව්වා. අපි අහගෙන හිටියා. ඊට පස්සේ කියනවා එයාලගේ භාණ්ඩ මිලදී ගෙන කෝටිපතියෙක් වෙන්න පුළුවන් කියලා. හැම සතියකම රැපියල් 50000 ක් බැගින් අපේ ගිනුමකට බැර කරනවාලු. පුදුම රසවත් කතාවක්.
අපි එයාලගෙන් 0.5 ක අගයක් ඇති භාණ්ඩයක් මිලදී ගත යුතුයි. ඒ භාණ්ඩයේ සාමාන්‍ය වටිනාකම රැපියල් 50,000 ක් වෙනවා. ඊට පස්සේ අපි අපේ හිතවත්ම මිතුරන් දෙදෙනෙක් මේ සමග සම්බන්ධ කළ යුතුයි. ඒ අයත් අර භාණ්ඩ දෙකක් මිලදී ගත්තොත් අපේ ගිනුමට රැපියල් 5000 ක් බැර වෙනවා. ඔය විදියට යාළුවන් යාළුවන් එකතු කිරීමෙන් තවත් අපූරැ පිරමීඩ ක්‍රමයක් නිර්මාණය වෙනවා. මේකට එකතු වෙන්න මාත් එක්ක හිටපු කිහිප දෙනෙක්ම තීරණයක කළා. මගේ යාළුවාගේ අක්කත් ඒකට දැනටමත් එකතුවෙලා තියෙනවා. ඉතින් මම මෙයාලගෙන් හරස් ප්‍රශ්න අහනකොට මේ අය මට අභියෝග කළා මේක පිරමීඩ ජාවාරමක් නෙවෙයි කියලා. තව සති කිහිපයයි. මම ඔප්පු කර පෙන්වනවා මේක පිරමීඩ ජාවාරමක් තමයි කියලා. ඒ වගේම සමාගම් මැදුරේ ලියාපදිංචි කරල තිබුණත් මේක ලෝකය පුරා ව්‍යාප්ත වුණු ජාවාරමක් බව මට හොයාගන්න පුළුවන් වුනා.
දැන් මම ගේමට බැහැලා ඉන්නේ. ඔබ දන්න මේ ව‍ගේ තොරතුරැ මට අවශ්‍යයි.
කරැණාකර ඒ පිළිබද දැනුම් දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

9 comments:

  1. තණ්හාව නිසා ගොඩක් අය වැඩ වරද්දගන්නවා. කවදා හැදෙයිද මේ මිනිස්සු...

    අපට පුළුවන් උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න විත‌රයි...

    ReplyDelete
  2. මොනාද මේ භාන්ඩ තව මේ පිලිබද සම්පුර්ණ පැහැදිලි කිරිමක් කරන්න මේ පිලිබද එතකොට අපිට හරි අවබොදයක් ගන්න පුලුවන් මේ පිලිබදව ඇයි වටෙන් ගහන්නේ කෙලාන් කියන්නකො.

    ReplyDelete
  3. මේ වගේ ඒවා මේ කැනඩාවේත් වෙනවා, ඒත් ඒවා සුකෂ්මයි, ලංකාවේ වෙන මේ ජාවාරම් ගැන මට කියන්න දන්නේ නෑ, ඒත් මට කියන්න තියෙන්නේ ශාකු අයියා කිව්ව දේමයි. පුළුවන් නම් මේ ගැන විස්තර කෙලින් කියන්න ප්‍රමාද වෙන්න කලිං.

    ReplyDelete
  4. අනෙ මන්දා අපේ අය කවදා පාඩමක් ඉගෙන ගනීද් කියලා

    ReplyDelete
  5. (මට ඔබේ විද්්‍යුත් ලිපිනය ලබාදෙන්න පුලුවන්ද?)

    ReplyDelete
  6. ඒ යාළුවට කියන්න, ගොනා වුනාට කමක් නෑ උම්බෑ කියන්න එපා කියලා.

    ReplyDelete
  7. මේ සම්බන්දව තවත් තොරතුරු අනාවරනය කරන්න

    ReplyDelete
  8. හරියට දැනගෙන කරන දෙයක්.. නොදැන කැගහන එකත් වැරදියි

    ReplyDelete
  9. අපේ ඔක්කොම නෑදෑයො බැදුනා..අපේ පවුලේ අක්කා කෙනෙකුයි අය්යා කෙනෙකුයි ගෙනාවේ... එගොල්ලො දැන් ඔක්කොම මාරු වෙලා.. එකෙන් නෑදෑයො ඔක්කොම තරහා උනා.. එකට මන් දන්න තරමින් විශාල ප්‍රමානයක් බැදුනා.. එකේ නම guideline marketing..කවුරුත් ඒකට අහුවෙන්න එපා..

    ReplyDelete

ඔබේ හිතට නැගෙන අදහස් මට ඉතාමත්ම වැදගත්. අපිට දිරි දෙන්නේ ඔබයි මිතුරනේ.