Tuesday, March 17, 2009

කාලෙකට පස්සෙ................. ලංකාවේ හිටපු රජවරැ

ගොඩක් කාලෙකින් බ්ලොග් එක පැත්තවත් බලන්න බැරි වෙලා හිටියේ.
වැඩ වැඩි නිසාම ඉතින් මේ වැඩේ මග ඇරිල ගියා.
අද පටන් ගත්තෙ මොනව හරි ලියන් ඕන කියල......... ඒත් ලියන් දෙයක් හිතා ගන්න බැහැ. ...............
....................................................................................
ඒත් මෙන්න මේක ලියන්න ඕන කියල හිතුන
‍අපි අපේ රටේ රජවරැ ගැන හිතාගෙන හිටියෙ කොයිතරම් වැරදි විදියටද කියල මේ අනුව පෙනෙන නිසා මට හිතුනා මේ ගැන සටහනක් තැබිය යුතුයි කියලා.
අපි හිතාගෙන හිටියේ ලංකාව පාලනය කළේ මහා ඒකාධිපති පාලකයෙක් කියලා........
නමුත් තත්වය ඊට වඩා බොහෝ සෙයින් වෙනස් බව මේ අනුව පැහැදිලි වෙනවා.

මහනුවර රජකරපු නරේන්ද්‍රසිංහ රජු වරක් විසූවේ පනික්කියා නම් බෙරගසන මිනිසකුට කබායක් පිරිනමා තිබෙනවා.
මෙය සම්ප්‍රදාය විරෝධීලු මෙය දුටු රම්මොලක මහ නිලමේ එම කබාය බෙරකරැ හැද සිටියදීම ඉරා දමා ඔහු සිරගත කළේලු.
අවසානයේ රජු කරපු මේ ක්‍රියාව ගැන තීරණයක් ගත් අදිකාරම ඇතුළු සෙසු ප්‍රධානීහු රජු වරදක් කළ බව තීරණය කර තිබෙනවා. අවසානයේ ඔවුන්ගේ තීරණය වී ඇත්තේ රජු ඒ සදහා දඩුවම් විදිය යුතු බවයි. ඒ අනුව රජුට දඩයක් නියම කර තිබෙවනා. එම දඩය රජු විසින් මහ දේවාලයට ගෙවිය යුතුයැයි තීරණය වූ පසු රජු විසින් එය ගෙවා දමා තිබෙනවා.

අපි හිතාගෙන හිටියේ.............. ලංකාවේ රජවරැ ගැන අපිට මවා තිබූ ප්‍රතිරෑපයේ දැක්වුණේ මෙවැනි රජවුරැ නොවෙයි ‍නේද ? අපි හිතාගෙන හිටියේ අන්තනෝමතික වැඩකරන ඒකාධිපති රජවරැ ලංකාව පාලනය කළ බවක් නේද ?

සංවාදයට විවෘතයි. ............................

7 comments:

  1. මේ කතන්දරේ කොහෙන්ද හොයා ගත්තෙ ?
    මෙහෙම කතාවක් ඇහුවමයි.

    ReplyDelete
  2. රජුට වඩා ප්‍රබල වන්නේ පැවැති චාරිත්‍රයයැයි 1829 දී තමන්ගේ වරප්‍රසාද කඩ වූ බව ප්‍රකාශ කරමින් මුස්ලිම්වරැන් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් විභාග කළ මොල්ලිගොඩ ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ සෙසු නිලමේවරැ මෙම සිද්ධිය සිහිපත් කළ බව කවේරෝස් නැමැති ඉංග්‍රීසි ජාතිකයා විසින් ලියා තිබෙනවා.

    ReplyDelete
  3. කවේරෝස් නැමැති ඉංග්‍රීසි ජාතිකයා විසින් ලියා තිබෙන සටහන හොයා ගන්නේ කොහොමද ? මට ඒක කියවලා බලන්න ආසයි

    ReplyDelete
  4. Ceylon : THE PORTUGUESE ERA කියන පෝල් ඊ.පීරිස් ගේ පොතේ තියෙන්නේ. පුස්තකාලයකින් බලන්න පුළුවන් වේවි.

    ReplyDelete
  5. ස්තුතියි පොතේ නමත් එක්ක දුන්නට. එක් සිදුවිමක් සටහනක් නිසා මේ බව පිලි ගන්නට අමාරුයි නේද? තවත් සාක්ෂි ඇත්ත්නම් ඒවා ලියලා දෙන්න පුළුවන්ද? අපි දැන ගන්න ආසයි. කොහොම වුණත් මම කියන්නෙත් නෑ අපේ රජවරු සියල්ලන්ම කෑරයි. තවත් මම දන්නා උදාහරණක් තමා එළාර රජු.

    ReplyDelete
  6. එකෙන් පේනවා අපේ රටේ ඇමතියෝ රජාට වඩා ලොක්කෝ කියලා.
    කොහොම උනත් ඒ රජතුමා නම් හොද කෙනෙක් වගේ.. අද කාලේ ජනාධිපතිට විරුද්ධව උසාවි යනවා නම් බලයෙන් පහවෙනකම් ඉන්න එපෑයැ..

    ReplyDelete

ඔබේ හිතට නැගෙන අදහස් මට ඉතාමත්ම වැදගත්. අපිට දිරි දෙන්නේ ඔබයි මිතුරනේ.