Showing posts with label ළමයි පාරට බැහැපු මොහොතක්. Show all posts
Showing posts with label ළමයි පාරට බැහැපු මොහොතක්. Show all posts

Wednesday, January 7, 2009

ටකරං මඩුවේ දුක්විදින පාසල් සිසුන්






සුනාමියෙන් විනාශවූ ගිංතොට මහා විද්‍යාලයත්, කොග්ගල මාටින් වික්‍රමසිංහ විද්‍යාලයත් තාම පවත්වාගෙන යන්නේ ටකරන් මඩු වල. මේ පාසල් දෙකම හදන්න කොතෙකුත් රාජ්‍ය නොවන සංවිධාන ඉදිරිපත් වුනත් ඒවා ගොඩනගන්න පාලකයන්ට වුවමනාවක් තිබුණෙ නැහැ. ඔවුන්ට ලැබෙන කොමිස් මුදල මදි නිසාද කියලා හොයලා බලන්න ඕන. දැන් සුනාමියට අවුරැදු හතරක් ගෙවිලා නව පාසල් වාරයත් ආරම්භ වුනා. ඒත් මේ පාසල් දෙකේ දරැවන්ට තවමත් ඉගෙනගන්න පන්තිකාමර නැහැ. ගිය අවුරැද්දේ ගිංතොට ළමයි පාරට බැස්සේ තමන්ට පාසලක් ඉල්ලලා. ඒ වෙලාවේ එතෙන්ට ආපු මහ ඇමැති තුමා නලව නලවා කථා කරලා සුරංගනා පොරොන්දු ටිකක් දුන්නා. ඊට පහුවදා ළමයින්ව උසාවි ගෙනිහින් කලහ කරන්න එපා කියලා උසාවි නියෝගයක් ගත්තා. ගුරැවරැ කිහිපදෙනෙකුට මාරැවීම් ආවා. විදුහල්පති තුමා තම කැමැත්තෙන් විශ්‍රාම ගත්තා. තාමත් විදුහල හැදිල නැහැ. අපි කිහිප වතාවක් මේ විදුහල් ගැන කරැණු අනාවරණය කළා. ඒ හැම වතාවකදීම මහ ඇමැති තුමාට බොහොම රිදුණා. සුනාමි වතුර දැක්කෙවත් නැති එතුමාගේ ගමේ පාසල් කිහිපයකටම සුනාමි සල්ලි වලින් ගොඩනැගිලි හදල. අපි නැවත සංවිධානාත්මකව කරැණු අනාවරණය කරන්න තීරණය කළා....................
හඩක් නැති පාසල් සිසුන්ට හඩක් වෙන්න අපි සූදානම්.......................................
සිරස විමර්ශන මෙය අනාවරණය කරන්න කැමැත්ත පල කිරීමත් ශක්තියක් වුනා.