Friday, January 27, 2017

ඉතින් මේ රටේ හතරවැනි ආණ්ඩුව රට යහමගට ගන්නේ කෙසේ ද ?

පසුගිය දවසක අපේ මාධ්‍ය සඟයෙක් සමග ටිකක් දුර ගමනක් යන්න මට අවස්ථාව ලැබුණා. මෙයා මගේ හොඳ මිත්‍රයෙක් වගේ ම ලාබාල මාධ්‍ය සඟයෙක්. අපේ මාතෘකාව වුණේ මාධ්‍යය, මාධ්‍යවේදීන්ගේ ගති ස්වභාවයන් හා අපි කළ යුතු කාර්ය භාරයන්.
රට හදන්න අපේ මාධ්‍යවේදීන් විශාල වැඩකොටසක් කරනවා යැයි මගේ මිත්‍රයා කිව්වා.
‘‘මොන විකාර ද මල්ලී. එදා වේල හොයාගන්න ලියනවා වගේ නිකන් අරයා මෙයා කියන දේවල් ලියනවා විතරයි “
‘‘නෑ අයියේ ඔයා එහෙම කියන්න එපා. අපේ අය කොච්චර හොඳට ගේම් දෙනව ද ? “
‘‘ගේම් නම් දෙනවා තමයි මල්ලී. ඒත් මාධ්‍යකාරයන් හැටියට කරන්න ඕන දේ කරන්නේ නැතිව වෙන වෙන ගේම් නම් දෙනවා. “
‘‘ ඒ හැමෝම නෙවෙයි.“
‘‘ඒක හරි මාත් පිළිගන්නවා. නමුත් මේ වනවිට ලංකාවේ ගවේෂණාත්මක මාධ්‍ය කලාව කියන එක නැත්තටම නැතිවෙලා ගිහින්.“
‘‘ඉතින් ඔය පත්තරවල තියෙන්නේ ඕන තරම් ගවේෂණාත්මක ලිපි“
‘‘ඔයා මොනවද ඔය කියන්නේ. සමහර අවුරුදුවල දී පුවත්පත් ආයතනයේ සම්මාන උළෙලේ දී සම්මානක් දෙන්න තරම් සුදුසු ගවේෂණාත්මක ලිපියක් හොයාගන්න බැරි වෙන අවුරුදු තියෙනවා.“
‘‘ ඒ ඉතින් හොඳ අය සම්මාන ඉල්ලන්නේ නැති නිසා. “
‘‘මල්ලී, මගේ අවුරුදු 10ක කාලයේ දී මම හොඳ ගවේෂණාත්මක ලිපි 20-30ක් ලියන්න ඇති ඔයා කීයක් ලියලා තියෙනවා ද ?“
‘‘ අයියෝ ඔයා එච්චර ද ලිවුවේ. මම මාසයකට දෙක තුනක් ලියනවානේ ....“
‘‘ නෑ වෙන්න බෑ, මම නම් ඔයා ලියපු එකක්වත් දැක්කේ නැහැ. එකක් දෙකක් කියන්නකෝ බලන්න.“
‘‘මම ගිය සතියේ පන්සල් දෙකක් ගැනම ගවේෂණාත්මක ලිපි ලියලා ඒවා පත්තරේ ගියා.“
....................................... මට සිනාව නවතාගත නොහැකිය.
අපේ මාධ්‍යවේදීන් ගවේෂණාත්මක මාධ්‍ය කලාව ලෙස වටහාගෙන ඇත්තේ ආගමික සිද්ධස්ථානයකට ගොස් එහි අතීතය කාගෙන් හෝ අසා දැනගෙන ලිවීමයි.
ඉතින් මේ රටේ හතරවැනි ආණ්ඩුව රට යහමගට ගන්නේ කෙසේ ද ?

කප්පම් ගත් තම වාර්තාකරු තමාගේ නොවේ යැයි කියා ඇඟ බේරා ගැනීමේ අපූරු මාධ්‍ය සංදර්ශනය - හෙට දිනයේ හිරු පායන්නාක් මෙන් විශ්වාසයි

////////මාධ්‍යය ගැන දැනගන්න කැමතිනම්, එය ගැන විශ්වාස කරනවානම්. මාධ්‍යයට ගරහනවානම් නැතිනම් මාධ්‍යය විවේචනය කරනවානම් මොනවා කළත් කමක් නෑ. අවසානය දක්වා කියවන්න. ////////
මෙය දෛනිකව තබන මාධ්‍ය ගැන සටහනක් කර ගැනීමට අපේක්ෂිතය. එය ඇතැම් අයගේ හදවත කීරි ගැසීමටත් තවත් පිරිසක් උද්යෝගමත් කිරීමටත් හේතුවනු ඇත. මා මගේම සමකාලීන මාධ්‍ය සහෘදයන් පිරිසක් අතර ගැරහීමටත්, විවේචනයටත් ලක්වන්නක් බව ද මම දනිමි. එමෙන් ම මගේ මරණයටවත් යන්නේ නැතැයි කියමින් ඇතැම් සඟයන් මට බැණ වදිනු ඇත. ඉතා සුළු මාධ්‍ය සඟයන් පිරිසක් අතර පමණක් මා වීරයකු වනු ඇත. නමුත් මෙය මා විසින් කළ යුතුම කාරියක් ලෙස සළකමි. එබැවින් මෙතැනින් යළි පටන් ගනිමි. මෙය කිසිදු බලපෑමක් හේතුවෙන් නවත්වන්නට ආරම්භ කරන්නක් නොවන බව ද සිහිපත් කළ යුතුය.

@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

පසුගිය සතියේ දිනක මාතර මාධ්‍ය සඟයකුගෙන් අැමතුමක් ලැබුණා. ඉන් කියවුණේ ගාල්ලේ අපේ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස සිටි මිත්‍රයෙක් කාන්තාවකගෙන් කප්පම් ගැනීමට ගොස් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව. පසුව ඔහු රිමාන්ඩ් කළ බව ද දැනගන්නට ලැබුණා. එය කෙනෙකුට පුවතක් පමණක් වුව ද මට එය විවේචනාත්මක විග්‍රහයකට හොඳ වස්තු බීජයකි.
මා ඔහු ගැන යමක් කිව යුතුයි. මේ තැනැත්තා මාධ්‍යයට ආවේ කවර සුදුසකමක් නිසා දැයි මා දන්නේ නැහැ. නමුත් ඔහුට වීඩියෝ කළ හැකි කැමරාවක් තිබුණා. එයින් කවර හෝ ආකාරයේ රූපරාමු ගන්නා බව ද පෙනුනා. මේ තැනැත්තා මුලින් ම ගාල්ලේ හිරු මාධ්‍යවේදියා ලෙස කටයුතු කළා. මගේ කාර්යාලයෙන් ද ඔශු හිරු ආයතනයට පුවත් සැපයුවා. පසුව ඔහු ස්වර්ණවාහිනිය හා දෙරණ සමගත් එක්වූ බව මට මතකයි. ඉතා කෙටි කාලයක් ලංකාදීප වෙබ් අඩවියට පුවත් සැපයුවා.
ටික කාලයකින් කාටවත් ගන්නට බැරි විෂුවල් ඔහු එවනවා යැයි කියා ඔහු සේවය කළ මාධ්‍ය ආයතන ඔහුට වැඩි වගකීම් පැවරීමත් සමග ඔහු ගාල්ලේ පොරක් වෙද්දී ඒ තැනැත්තාගේ හැසිරීම් බොහෝ දෙනෙකුට දිරෙව්වේ නැහැ.
කාලය ක්‍රමයෙන් ගෙවී යද්දී දිනක් අපේ ම ගාල්ලේ මාධ්‍ය සඟයකුගේ කැමරාවක් නැතිවුණා. මේ නැතිවූ කැමරාව හමුවුණේ අපේ කතානායකයා ගේ සන්තකයේ තිබී. නමුත් කැමරාවේ සැබෑ හිමිකරුවා තම මාධ්‍ය මිත්‍රයා හොරකු වුවත් ඔහුට සමාව දුන්නා. අපි මාධ්‍ය ආයතනවලට දැනුම් දුන්නා මේ පුද්ගලයාගේ කෙරුවාව. දින කිහිපයක් ඔහුගේ සේවාව නවතා දැමූ මාධ්‍ය ආයතන නැවතත් ඔහු සේවයේ පිහිටවූයේ නිල්ලජ්ජිතව. මේ මාධ්‍ය ආයතනවලට අවශ්‍ය වූයේ ඔහුගෙන් ලැබෙන කිසිදු විචාරයක් නැති, සදාචාරය උල්ලංඝනය කරන විෂුවල් පමණයි.
හිරු පුවත් සේවයේ CIA වැඩසටහනේ වාර්තාකරු ලෙස බද්දේගම ප්‍රදේශයේ අනවසර වැලි ගොඩදැමීමක් වීඩියෝ කළ මේ පුද්ගලයා ඒ වාර්තාව විකාශය නොකිරීමට රුපියල් 25,000ක කප්පමක් ඉල්ලා තිබුණා.
කරාපිටිය රෝහලේ රථ ගාලේ වැඩිපුර මුදල් අයකරන පුවත හිරු CIA මගින් විකාශය නොකිරීමට රුපියල් 5000ක් කප්පම් ඉල්ලා තිබුණා. අපි මේ ගැන අදාල මාධ්‍ය ආයතන සියල්ල දැනුම්වත් කරත් ඔවුන් ඔහු විශ්වාස කළා අප සැකකළා. අපි ඉරිසියාවට චෝදනා කරනවා කීවා.
මාස කිහිපයක් ගත වුණා. ගාල්ලේ පදිංචි දුප්පත් රෝගී දරුවකු සුව කිරීමට දෙමාපියන් විදින වේදනාව සම්බන්ධයෙන් මේ පුද්ගලයා මාධ්‍ය ආයතන දැනුම් දීමකට අනුව ප්‍රවෘත්තියක් සකසා යවා තිබුණා. මේ පුවත දුටු එක්තරා සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් එම පවුලට ලොකු පරිත්‍යාගයක් කළා මාසිකව මුදල් දෙන්නත් පොරොන්දු වුණා.
ඒ නිවසට ගිය මේ වාර්තාකරුවා මේ අහිංසක දෙමාපියන්ගෙන් රුපියල් 50,000 ක කප්පමක් ගත්තා. පසුව යළි පැමිණ සෑම මාසයක ම තමන්ට රුපියල් 10,000 බැගින් අවශ්‍යයැයි තර්ජනය කළා. මේ ගැන දැනගත් මාධ්‍ය ආයතන ඔහුගේ සේවය ලබා ගැනීම නවතා දැම්මා. ස්වර්ණවාහිනිය ඔහුගේ මයික් ලෝගෝවත්, හැඳනුම්පතත් යළි ලබා ගත්තේ නිවසට නිලධාරියකු යවමින්.
නමුත් මේ තැනැත්තා තවත් දින කිහිපයකට පසු මාතර හක්මන ප්‍රදේශයෙන් යළි සිය සුපුරුදු ප්‍රාදේශීය මාධ්‍ය වෘත්තියට පිවිසුණේ කවුරුත් පුදුම කරමින්. දෙරණ ආයතනය ඔහුගේ සේවය ලබාගත්තා. හිරු ආයතනයත් තම වාර්තාකරු (ගාල්ල හිරු රිපෝටර්) සතු හැඳුනුම්පත් හෝ ආයතනික මයික් ලෝගෝව ලබාගත්තේ නැහැ. අප දන්නා තරමින් ඔහු හක්මන සිට අදාල මාධ්‍ය ආයතන කිහිපයකට පුවත් සපයා තිබෙනවා.
අවසානයේ හක්මන දී තම සුපුරුදු කප්පම් මාෆියාවට යළි පණ පොවන මොහු කරන්නේ විවාහ ලේකම්වරියක අයථා මුදල් ගනුදෙනුවක යෙදීමක් තමන් වීඩියෝ කර ඇති බවත් එය හිරු CIA වෙත නොදීමට නම් රුපියල් 50,000 ක කප්පමක් ඉල්ලා සිටීම. ඔහුට රුපියල් 10,000ක් දුන් ඇය ඒ බව හිරු නාලිකාවට දැනුම් දීමෙන් මේ වාර්තාකරුගේ කප්පම් සෙල්ලම පොලිසිය දක්වා ගමන් කරනවා.
නමුත් මාධ්‍ය සංදර්ශනය ඇරඹෙන්නේ ඉන් පසුව
වසර ගණනාවක් ගාල්ලේ හිරු ප්‍රාදේශීය වාර්තාකරු ලෙස මේ කප්පම් කරුවා කටයුතු කළා.
හිරු CIA වෙත ඔහු නිබඳව නිවුස් සැපයුවා.
ඔහුට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් මාධ්‍ය හැඳුනුම්පතක් ද නිකුත් කර තිබෙනවා.
මේ හැඳුනුම්පත සඳහා ඔහුගේ නම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට නිර්දේශ කර ඇත්තේ ද හිරු ආයතනය විසින්
අප අවස්ථා කිහිපයක දී ම ඔහු කප්පම් කරුවෙක් හා වංචා කරුවෙක් බව හිරු ආයතනයට කීව ද ඒ ගැන නොසළකා හරිමින් ඔහුගෙන් ප්‍රවෘත්ති ලබා ගත්තා.
හදිසියේම මේ සියල්ල අමතක කරන හිරු නාලිකාව හිරු CIA වැඩසටහනෙන් යළි මෙරට මහජනතාව ගොනාට අන්දනවා.
ඒ හිරු නාලිකාවේ වාර්තාකරුවකු යැයි පෙනී සිටින තැනැත්තකු ව්‍යාජ හැඳනුම්පත් ද සකස් කර හිරු CIA වෙනුවෙන් යැයි කියමින් විවාහ ලේකම් වරියකගෙන් කප්පම් ගත් බව පවසමින්.
ඇත්තටම ඔහු හිරු නාලිකාවේ වාර්තාකරුවකු නොවේ ද ?
 හිරු මේ සිදුකළේ කුමක් ද ?
තමන්ගේ ප්‍රාදේශීය වාර්තාකරුවා කප්පම් ගත් විට ඒබව දැන දැනත් ඔහුගේ සේවය දිගින් දිගටම ලබාගෙන ඔහුට යළි යළිත් අවස්ථාව දී පසුව ගැලවීමක් නැතිම තැන දී ඔහු තම නාලිකාවේ නම විකුණූ ව්‍යාජ පුද්ගලයකු බව පවසා ප්‍රශ්නයෙන් ඇඟ බේරාගැනීම නොවේ ද ?
මෙය ජනතාව ගොනාට ඇන්දවීමකි.
පොදු දේපල වූ සංඛ්‍යාත පරාසයන් භාවිතා කරමින් මාද්‍ය සංදර්ශන කිරීමකි.
සැකයක් ඇත. මේ වාර්තාකරු ලබාගත් කප්පම් ගත්තේ ඔහුටම ද නැතිනම් ආයතනික නිලධාරීන්ගේ වුවමනාවට ඔවුන්ගේ ද දැනුම්වත් බව ඇතිව ද ?
මේ ගැන අප සොයා බැලිය යුතුය. 





Saturday, December 20, 2014

ඡන්දය ගැන ඇහෙන, දකින, හිතෙන දේ

දැන් කාටත් මාර චූන්ය. ඒ තමන්ගේ පාලකයා තෝරාගැනීමේ අවස්ථාව ලැබී ඇති බැවිනි. රටේ නායකයා තෝරාගන්නවා යනු ලෙහෙසි කටයුතුක් යැයි මා නම් සිතන්නේ නැත. දැන් ඒ ගැන බොහෝ දෙනා කතා කරන්නේ වෙනත් කිසිදු වැඩක් තමන්ට ඇතැයි නොසිතමිනි. රටේ පාලකයා පත්කළ යුත්තේ කතා කරමින් නොව ඡන්දය පාවිච්චි කරමිනි. මේ බව අපේ බොහෝ දෙනකු එක්කෝ දන්නේ නැත. නැතිනම් ඒ ගැන හිතන්නේ නැත.
කෙසේ වෙතත් දැන් තිබෙන්නේ අපූරු සංදර්ශනයකි. හැමෝම හිතන්නේ ඔළුගෙඩි ටික ඒ පැත්තට මේ පැත්තට මාරු කරලා ඡන්දය දිනන්නය. ඔවුන් එසේ සිතීම ද නිවැරදිය. මට හිතෙන හැටියටනම් මෙරට මජහනයා තමන්ගේ ඡන්දයේ නියම වටිනාකම නොදන්නා බැවින් ඔවුන් එසේ කරයි.
ඒ පැත්තට මේ පැත්තට පනින්නන්ට කිසිදු ස්ථිර ප්‍රතිපත්තියක් නැත. එයට හොඳම උදාහරණය පසුගිය දා පැන්න විපක්ෂයේ ප්‍රබලයෙකි. ඔහු පනින්නට දින කිහිපයකට පෙරත් ආණ්ඩුව පතුරු ගැහුවේය. දැන් අන් සියළු දෙනාට වඩා ආණ්ඩුවේ ගුණ ගයන්නේ ඔහුය.
මේ අපේ රටේ තකතීරු දේශපාලනයයි. මේ විහිළු බලා සිට අපේ අය ද තකතීරු විදියට ඡන්දය පාවිච්චි කරන බව පසිගිය සෑම මැතිවරණය ක දී ම අපට පෙණුනේය. අපි ඡන්දය දිය යුත්තේ වැඩිපුර පිරිසක් පැන එකතු වූ පක්ෂය ට ද ? පැනීමේ රැල්ලට ද ?
නැත අපි තෝරන්නේ ඒ අවස්ථාවාදීන්ගේ බඩගෝස්තරය වර්ධනය කළ හැකි නායකයා නොවේය. අපේ නායකයාය. අපේ නායකයා තෝරන්නට ඒ කිසිවක් අපට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ අපේ සිහි බුද්ධියෙන් හිතා බලා ඡන්දය දිනයේ පැන්සල් කොටය භාවිතා කිරීම පමණි.
අඩුම ගණනේ රටේ නායකත්වය වෙනුවෙන් තරඟයක් දිය හැකියැයි සිතිය හැකි ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන, අරමුණු අපේක්ෂාවන් හා අතීතයේ කළ කී දෑ ගැන සොයා බලා සිතා බලා තක්සේරු කර ඡන්දය දෙන්නට අපි පුරුදු වෙමු
 නමුත් වේදනාව වන්නේ එය එසේ සිදු නොවීමයි. අද ලංකාවේ බොහෝ දෙනාගේ දේශපාලනය පැවත එන්නේ පවුලෙනි. ඒ බණ්ඩාරනායක පවුල හෝ රාජපක්ෂ පවුල හෝ සේනානායක පවුල ගැන හෝ කීවක් නොවේ.
තාත්තාගේ අම්මාගේ දේශපාලන දර්ශනය පුතාට හෝ දුවට ලැබීමයි. ඔවුන් දන්නේ තාත්තාගෙන් හා අම්මාගෙන් ඇසුණු දේශපාලන දර්ශනයක් පමණි. ඉන් එහාට සිතුවානම් සිතුවේ අම්මලා තාත්තලා නොකළ දේශපාලනයක් කළ ජේවීපී කාරයෝය. 
මේ පවුල් දේශපාලන ක්‍රමය නිසා ම ලංකාවේ යූඑන්පී කාරයෝ හා එස්එල්එෆ්පී කාරයෝ කියා හංවඩු ගැසුණු අය සිටිති. ඉන්නේ ඔවුන් පමණක් නම් රටේ කෝටි ගණන් මුදල් වියදම් කර ඡන්දයක් තිබිය යුතු නැත. අවශ්‍ය වන්නේ ජන සංඛ්‍යාලේඛණ දත්ත පමණි.
නමුත් එසේ නොවේ. ඉදහිට එක් පැත්කට හෝ අනෙක් පැත්තකට ඡන්දය දෙන්නවුන් සිටිති. නැතිනම් නොදීම ඉන්නවුන් ද කුරුටු ගාන්නවුන් ද සිටිති.
මා නම් සිතන්නේ සැවොම ඡන්දය භාවිතා කළ යුතුය. තමන් කැමති අපේක්ෂකයාට ඡන්දය දිය යුතුය. මේ කැමැත්ත තීරණය විය යුත්තේ වැඩි දෙනාගේ කැමැත්ත ලැබීම අනුව නොව ප්‍රතිපත්ති හා ඔවුන් ගැන විශ්වාසය තැබීමේ හැකියාව මතය.
රැල්ලට, පරණ පුරුද්දට, ඡන්දය නොදී අනාගතය, ප්‍රතිපත්ති, හැකියාව ගැන සොයා බලමු.
ඡන්දයක නියම ප්‍රයෝජනය ගනිමු.

Monday, October 15, 2012

දැරිය මියගියාද ? අත්වැරදීමකින් මරා දැමුනාද ?

‘‘ අනේ අම්මේ ඉන්ජෙක්ෂන් ගහන්න එපා මට කරන්ට් එක වදිනවා වගේ ‘‘ කියපු පුංචි කවීෂා ඉන් විනාඩි කිහිපයකට පස්සේ සදහටම දෙනෙත් පියා ගත්තේ කරාපිටිය රෝහලේදී.

දැරියගේ මරණයට හේතුව එන්නතක් විෂ වීමයැයි තීරණය කරපු රෝහල් බලධාරීන් ඒ දැරියගේ මරණයට හේතු වූවායැයි කියන එන්නත තවදුරටත් භාවිතා කිරීම එදිනම නවතා දැමුවා. දැන් එය ලංකාවේ සියළුම රෝහල් වලින් ඉවත් කරලා.
මේ මරණය සම්බන්ධ මරණ පරීක්ෂණයේදී වැඩි යමක් කියවෙලා නැහැ. හදිසි මරණ පරීක්ෂකවරයා අධිකරණ වෛද්‍ය විශේෂඥ වරයාගේ වාර්තාවත් ඉදිරිපත්වූ සාක්ෂිත් සැළකිල්ලට ගනිමින් විවෘත තීන්දුවක් ලබාදී තිබෙන්නේ දැරියගේ අවසන් කටයුතු සිදුකරන්නට. අද ( සඳුදා ) ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ හතරවැනි පන්තියේ ඉගෙනුම ලබමින් සිටි මේ පුංචි දැරිය අවසන් ගමන් යනවා.
සති තුනක් ඇතුලත කරාපිටිය රෝහලේ සිදුවූ අනිවාර්යයෙන්ම සොයා බැලිය යුතු තුන්වැනි ළමා මරණයයි මේ.
සාමාන්‍යෙයන් ලංකාවේ මරණ සම්බන්ධයෙන් ක්‍රියාකරන්නා වූ නීතියක් තිබෙනවා. හදිසි මරණයකදී මරණ පරීක්ෂණයක් පැවැත්වෙනවා. මරණය සම්බන්ධ සැකයක් ඇත්නම් ඒ ගැන මරණ පරීක්ෂණයේදී පැවසිය යුතුයි.
දැරිය මියගියේ සෙෆ්ට්‍රිඇක්සෝන් නමැති ඖෂධය තුන්වෙනි වතාවට ශරීරයට ඇතුළු කරද්දී. සාමාන්‍යයෙන් බෙහෙත් ඇලජික් වනවානම් එය පලමුවැනි එන්නත දීමේදීම ඇලජික් වන බව තමයි සාමාන්‍ය පිළිගැනීම. එසේනම් මෙය කෙසේ ද ඇලජික් වුනේ කියා අප සොයා බැලිය යුතුයි. මම ඒ ගැන සොයා බැලුවා.
මේ දැරිය රෝහල් ගත කරන්නේ පසුගිය 10 වැනිදා. වමනය සහ බඩ යාම නිසා. දැඩි විජලන තත්ත්වයකින්. කරාපිටිය රෝහලේදී මේ දැරියගේ රුධිර සාම්පල ගැනීමෙන් පසු තීරණය කරනවා බැක්ටීරියාවක් ශරීරගතවී දැරිය රෝගාතුරවී ඇති බව.
12 වැනිදා උදේ බඩේ අමාරුව සුව වී වමනයත් නැවතී තිබූ නිසා මේ පුංචි කවීෂා ඉඳිආප්ප 10 ක් උදේ ආහාරයට ගත්තට පස්සේ තමයි හෙදියන්ගේ කුටියට ඇය කැඳවන්නේ. කවීෂා ඇඳෙන් බැහැලා අම්මා සමග එතැනට යනවිට සිලින්ජර තුනක් මේසය මත බෙහෙත් පුරවා තිබෙනවා.
‘‘ ඇයි මිස් තුන් පාරක් දෙන්න තියෙන බෙහෙත එකපාරටම දෙනවා ද ? ‘‘ එහෙම ඇහුවේ අම්මා.
‘‘ නෑ. මිලි මීට 10 සිලින්ජර කබඩ් එකේ තිබුණත් මෙයාලා ගන්න කම්මැලියි. ඒ නිසා මම පොඩි තුනකට බෙහෙත් දැම්මා.‘‘ ඒ හෙදියගේ පිළිතුරයි.
මේ සෙෆ්ට්‍රිඇක්සෝන් ගැනත් යමක් කිව යුතුයි. එය එන්නේ කොටස් දෙකකින්. එක් කොටසක් ජලය සහිත ඕනෑම ද්‍රාවකයක පහසුවෙන් දියවන කුඩක්. අනික එයට නිශ්චිත ද්‍රාවකයක්. කුඩු ඒ ද්‍රාවකයේ දිය කළ යුතුයි.
කෙසේ වෙතත් මේ හෙදිය දැරියගේ අතේ සේලයින් දීමට සවිකැර තිබූ කටුවට මේ එන්නත ඇතුල් කරනවාත් සමගම අර පුංචි දියණිය කෑ ගසනවා.
ඇය කෑ ගැසුවේ අනේ අම්මේ කරන්ට් වදිනවා කියමින්. අපි කවදාවත් අසා නැහැ එන්නතක් ඇතුළු කරනවාත් සමගම කරන්ට් වදිනවා යැයි කෑ ගැසූ කිසිදු අවස්ථාවක්. එවැන්නක් සිදුවීමට ඉඩක් නැහැ. මේ දැරියගෙ කෑ ගැසීමත් සමගම හෙදිය කරන්නේ අනිත් අතට කැනියුලා එකක් දාලා නැවත අර එන්නත ලබාදීම. හෙදිය කියා ඇත්තේ කැනියුලා එකේ ගැටළුවක් නිසා රිදෙන බවයි. මේ අවස්ථාවේදීත් අර පුංචි දියණිය අනේ අම්මේ මට කරන්ට් වදිනවා වගේ ඉන්ජෙක්ෂන් ගහන්න එපා කියා ලතෝනි තියනවා.
අන්තිමේදී ඒ එන්නත ශරීරගතවී මොහොතකින් ඇගේ හෘදය නවතිනවා. දැරිය මරණය කරා යද්දී වහාම ක්‍රියාත්මක වූ වෛද්‍යවරු හෘද තෙරපුම ලබාදීලා දැරිය යළි පියවි තත්ත්වයට ගත්තා. ඒ අවස්ථාවේ වේදනාවෙන් කෑ ගහපු දැරිය අනේ අම්මේ මට බෙහෙත් විදින්න එපා කියමින් වමනය කරනවා. පසුව වෛද්‍යවරුන්ගේ තීරණය වන්නේ දැරිය දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කළ යුතු බවයි.
මේ දැරිය දැඩි සත්කාර ඒකකයට ට්‍රොලියක තබාගෙන යමින් සිටියදී සිදුවූයේ බලාපොරොත්තු නොවූ දෙයකි. දැරිය ගෙන යද්දී මොනිටරයක් ගෙන ආවේ නැතැයි කියූ මේ රෝහලේ පුදුම සේවකයෝ දැඩි සත්කාර ඒකකටය ගෙන යන හදවත වරක් නැවතුනු දැරිය රෝහලේ කොරිඩෝවේ තබා මොනිටරය ගෙන ඒමට යළි වාට්ටුවට දිව ගියේ ගතවන තත්ත්පරත් දැරියගේ ජීවිතය බේරාගැනීමට අත්‍යාවශ්‍ය බව නොසිතා විය යුතුය. දැරිය කොරිඩොවේ සිටි කාලය විනාඩි 5-10 ත් අතර බව ඇගේ මව පවසයි.
දැඩි සත්කාර ඒකකයට දැරිය ඇතුළු කළ විට එතැනින් කියා ඇත්තේ අත්‍යාවශ්‍ය එන්නතක් ලබාදීමට එන්නත් කටු නොමැති බවයි. අවසානයේ මේ මරණය සමගම පොරබදන දැරියට එන්නත් කිරීම සඳහා කරාපිටියේ දැඩි සත්කාර ඒකකයට එන්නත් කටු 10 ක් සපයා ඇත්තේ දැරියගේ පියා විසිනි. අවසානයේ දැරිය මියගියාය.
දැරියගේ ඥාතීන් වටකැරගත් රෝහල් සේවකයෝ මරණය සිදුවූයේ එන්නත විෂවීමෙන් බවත් මේ මරණය සම්බන්ධයෙන් සැකයක් නොමැති බව කියා අද සවසම සිරුර නිදහස් කැරගන්නා මෙන් බල කර සිටියේ රෝහලෙන් සිදුවූ සියළු වැරදි වසා ගැනීමෙ අරමුණෙනි.

මෙහිදී අප අවධානයට ලක්කළ යුතු කරුණු කිහිපයක්ම තිබේ.
එන්නතක් පළමු වතාවේ විෂ නොවී තුන්වන වතාවේ එන්නත් කළ විට විෂ වන්නේ කෙසේද ?
දැරිය ට්‍රොලියක තබා මොනිටරයක් ගෙන ඒමට රස්තියාදු නොවී දැඩි සත්කාර ඒකකයට ගෙන ගියානම් දැරියගේ ජීවිතය බේරා ගත නොහැකි ද ?
දැඩි සත්කාර ඒකකයේ එන්නත් කටු තිබුණානම් කඩිනමින් ප්‍රතිකාර ලබාදී දැරිය බේරාගත නොහැකි ද ?

තවත් දෙයක් මෙහිදී පැවසිය යුතුය.

මේ එන්නත කොටස් දෙකකි. කුඩක් සහ ද්‍රාවකයකි. රෝහලේ නම හෙළි කිරීමට අකමැති සේවකයකු පවසන්නේ මෙම දැරියට දීමට එන්නත සැකසූ හෙදිය භාවිතා නොකළ නිශ්චිත ද්‍රාවකය ඇගේ මේසය මත තිබූ බවයි. එසේනම් මේ හෙදිය එන්නත සකසා ඇත්තේ දැරිය සිටි ස්ථානයේම තුවාලයක් සහිත දරුවකුගේ තුවාලය පිරිසිදු කිරීමට ගෙන ආ සර්ජිකල් වලින්දැයි සොයා බැලිය යුතුය. සර්ජිකල් ද්‍රාවණයක බෙහෙත් දියකොට එන්නත් කිරීමෙන් මේ දැරියට කරන්ට් වදිනවා සේ දැනුනේ ද යන්න සොයා බැලිය යුතුය. නැතිනම් හෙට දිනයේ තවත් දරුවන් කරාපිටියේදී මෙසේ මියයනවා ඇත. 


Tuesday, January 3, 2012

නව වසර උදාවුනා

ජනවාරි 01

අළුත් අවුරුද්ද උදාවුනා. මේක කැලැන්ඩර් වර්ෂයක ආරම්භය. කැලැන්ඩරය කියන්නේ අවස්ථා ගණනාවක් වෙනස්කම් වලට භාජනය වෙලා නිර්මාණය වුනු දෙයක්. දැන් මුළු ලෝකයම එකම කැලැන්ඩරයක් පිළිගත්තත් අපි කොහොමද දන්නේ ඉස්සර අවුරුද්දට තිබුණේ දින 365 ක්මද කියලා.
කොහොම වුනත් අළුත් අවුරුද්ද කියන්නේ වෙළෙන්දන්ගේ නිර්මාණයක් කියලයි මටනම් හිතෙන්නේ. අවුරුද්ද ඒ තරමටම වාණිජ්‍ය වෙලා.
අද පළමුවැනිදා කියලා මටනම් විශේෂ වැඩක් තිබුණේ නැහැ. උදේ පත්තරේට ලිපි දෙක තුනක් ලියන්න කරුණු හෙව්වා. හවස තිබුණා එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමක් කතළුව හන්දියේ. මෛත්‍රී ගුණරත්න මහතාගේ සංවිධානත්වයෙන්. රනිල් වික්‍රමසිංහට විරුද්ධව තිබුණු මේ රැස්වීමට සිරස නාලිකාවත් සහභාගීවෙලා තිබුණා. ඔවුන්ට රනිල් වික්‍රමසිංහ ප්‍රධානය කරපු ගලත් අරගෙන රට වටේ යන්න පටන් අරගෙන.
මෙතන කැපී පෙනුනු චරිතයක් තමයි සෝම අක්කා.
සෝමා අක්කා කියන චරිතය එක්සත් ජාතික පක්ෂයේ ගාල්ලේ රැස්වීම් වාර්තා කරන ඕනම කෙනෙක් දන්නවා.
ඇය පක්ෂය වෙනුවෙන්ම කැප වෙලා ඉන්නවා. හබරාදුව ආසනයට පක්ෂයෙන් මොන සංවිධායක ආවත් එයා වෙනුවෙන් දිවි හිමියෙන් වැඩකරන සෝම අක්කාට එක්සත් ජාතික පක්ෂයෙන් ලැබුණු දෙයකුත් නැහැ. එයා දන්නේ අලියා හොදයි. කොළ පාට හොදයි . අපි කැපුවත් කොළ කියන්න විතරයි. රටේ දේශපාලන ප්‍රවාහය ගැන, ආර්ථිකය ගැන කිසිම දැනුමක් එයාට නැහැ. ඒ අහිංසක සෝම අක්කාට විතරක් නෙවෙයි රටේ බහුතරයකට මේ දැනුම නැති නිසා තමයි අපිට මේ තරම් කෙල වෙලා තියෙන්නේ

ජනවාරි 02

අද පත්තරේ අද දවසට නොමිළේ බෙදනවා. මමත් නොමිලයේම එකක් ගත්තා. අළුත් පත්තරේට තියෙන්නේ අළුත් මුහුණුවරක්. දැකපු ගමන්ම ආස හිතුනා. ඇත්තටම ඒකට ගොඩක් දේවල් ලියන්න පුළුවන් කියලා හිතුන නිසා දවල් වෙලා පත්තර කන්තෝරුවට කෝල් කරලා ප්‍රධාන කර්තෘ කාංචන දසනායක සම්බන්ධ කර ගත්තා. ‘‘අපිට ලංකාදීපෙ රාමුවෙන් වෙනස් වෙන්න කියලා තියෙන්නේ. ඒ නිසා තවම ලංකාදීපයේ අයත් එක්ක වැඩ කරන්න පටන්ගත්තේ නැහැ.‘‘ ඔහු එහෙම කිව්වා.
ඇත්තටම ඒක හොද දෙයක් කියලා මට හිතෙනවා. අපේ බොහොමයක් මාධ්‍යවේදීන් පත්තර කිහිපයකට විවිධ නම්වලින් ලියනවා. ඒ නිසා හැම පුවත් පතේම යන්නේ එකම ලිපිය. ඇතැම් අය මීට මාස කිහිපයකට පෙර එක පත්තරයකට ලියපු විශේෂාංගය පොඩ්ඩක් වචන එහා මෙහා කරලා තවත් එකකට ලියනවා. තව සතියකින් දෙකකින් තවත් එකකට ඒකම ලියනවා. මේක ලොකු වරදක්. එහි ප්‍රතිඵල භයානකයි. ඒ නිසා විජය පුවත් පත් සමාගමෙන් ආරම්භ කරපු අද පුවත්පතේ ස්ථාවරය හොදයි කියල මම හිතනවා.

ජනවාරි 03

අද උදේම කිතුලම්පිටිය ආනන්ද විදුහලේ ළමුන් සහ දෙමාපියන් පිරිසක් පාරට බැහැලා. ඔවුන් තමන්ගේ පාසල යළිත් ඉල්ලනවා. ආනන්ද විද්‍යාලයේ හයවැනි වසර ඊයේ සිට ඉවත් කරලා. ඊයේ පාසල් ගියාට පස්සේ තමයි ඒ ළමයි දන්නේ තමන්ට පාසලේ ඉඩක් නැති බව. ඔවුන්ට වාඩිවෙන්න පුටුවක් නැහැ. උගන්වන්න ගුරුවරයෙක් නැහැ. අද දෙමාපියන් සමග මේ ළමුන් එළියට බැහැලා. ඔවුන්ට උළුවිටිකේ රිචඩ් පතිරණ විද්‍යාලයට යන්න සිදුවෙනවා කියා දෙමාපියන් මැසිවිලි නගනවා. මේ අවස්ථාව වාර්තා කරන්න අපේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ම ගිහින් හිටියා.
මෙතෙන්දී අපේ අය අනුමත කළ නොහැකි දේවල් කරනවා. කොහේ හරි පාසලක් වෙනුවෙන් යම් පිරිසක් උද්ඝෝෂණය කරනවානම් විද්‍යුත් නාලිකා වලින් කියන්නේ ලොකු දෙයක් වුනේ නැතොත් වැඩක් නැහැ කියලා . දැන් අපේ අය මේ අහිංසක මිනිසුන් ලවා ලොකු දේවල් කරවනවා. අදත් ඒ දේම වුනා. අහිංසක විදියට පාසල ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදුණු අය කලේගානේ පිහිටි කලාප කාර්යාලයට ගියේ පා ගමණෙන්. විද්‍යුත් නාලිකා වලට මේ නිසා හොද රූප රාමු ලැබුණා.
ඒ වගේම ටික වේලාවකින් පාර මැද ටයර් කිහිපයක් ගිනිබත් වුනා. ටයර් ගිනි තියපු එක පිටිපස්සෙත් අපේම මාධ්‍යවේදියෙක් ඇති කියල තමයි මට හිතෙන්නේ.

Wednesday, December 28, 2011

මාධ්‍යවේදියා තෝරාගන්නා නිලධාරීන්

ගොඩක් දවසකට පස්සේ මාධ්‍යවේදියාගේ සටහන් නැවත ආරම්භ කරන්න හිතුවා. එන අවුරුද්දේනම් දිනපතා ලියාගෙන යන්න අදිටන් කරනවා. මාධ්‍යවේදියකු ලෙස අපිට මුහුණ පාන්න සිදුවන දේවල් වෙනත් වෘත්තියක නියැලෙන්නන්ට මුහුණපාන්න නොලැබෙන නිසා මේක එක්තරා විදියකට බොහෝ දෙනෙකුට වැදගත් වේවි.
අද උදේ පාන්දරින්ම දුරකථන ඇමතුමක් ආවා. කථා කරපු කෙනා අහනවා අදුන ගන්න බැරිද කියලා. කොහේ අදුනන්නද එයාගේ අංකය මා සතුව තිබුණේ නැහැ. ටිකකින් කියනවා අපූරු ප්‍රවෘත්තියක් දෙන්න තියෙනවා ඒ නිසා එයාගේ කාර්යාලය පැත්තේ එන්න කියලා. කාර්යාලය ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය.
පැයකට විතර පස්සේ මම ගියා. ඔවුන් මා බලාපොරොත්තුවෙන් ඉදලා.
මම පාරිභෝගික අධිකාරියේ ප්‍රවෘත්ති ගන්න නිතර නිතර යන කෙනෙක් නෙවෙයි. නමුත් බීට්ටු වාර්තාකරණයට පුරුදු වෙලා ඉන්න අය ඔවුන් සොයාගෙන නිතර ගිහින් මොනවා හරි ලියනවා.
අපි මේක දෙන්නේ ඔයාටම විතරයි. වෙන කාටවත් දෙන්නේ නැහැ. ඔවුන් මා සමග එසේ කීවා.
ඇයි ඒ මම ඇහුවේ විමතියෙන්.
නෑ මෙහෙට එන අය නිකම්ම නිකම් ප්‍රවෘත්තිය ලියනවා. නමුත් අපිට මේක ටිකක් මිනිස්සුන්ට දැනෙන විදියට ලියන්න ඕන.
අපි අතර වැඩි ඇසුරක් නොතිබුණත් ඔවුන් මගේ ලේඛණය ගැන විශ්වාසය තැබීම සතුටක්. මම වැඩේ බාර ගත්තා.
කතන්දරේ මොකක් ද කියලා මම කියන්නම්
නීති විරෝධී ළදරු කිරිපිටි වර්ගයක් ලංකාවේ වෙළද සැල් වලට ඇවිල්ලා.
යම් කිිපිටි වර්ගයක් මෙරට විකුණනවානම් ඒ කිරපිටි ඇසුරුමේ සදහන් විය යුතු කාරණා කිහිපයක් තියෙනවා
ඉන් එකක් තමයි මව්කිරි ලබාදීම පෝෂ්‍යදායී බව.
ඒ වගේම කිරිපිටි මව්කිරි වෙනුවට ආදේශකයක් බව සදහන් නොවිය යුතුයි. ඒ වගේම මාස හයකට වඩා අඩු දරුවන්ට මේවා ලබාදෙන බවක් සදහන් කරන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. තවත් දෙයක් තියෙනවා කිරිපිටි වර්ගය සාදාගන්නා ආකාරය සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලිව සදහන් විය යුතුයි. ඒ වගේම වරක් සාදාගන්නා ලද පිටි තියාගෙන ඉදලා භාවිතා කරන්න බැරිබවත් මේ ඇසුරුමේම දැක්විය යුතුයි.
පාරිභෝගික අධිකාරියේ නිලධාරී මහත්වරුන්ට හමුවෙලා තියෙන මේ කිරිපිටි වර්ගය මේ ඉහත මම කියපු කාරණා සියල්ල උල්ලංඝනය කරලා. මේ කිරිපිටි ඇසුරුමේ එකම සිංහල වචනයක්වත් නැහැ. ඒ විතරක් නොවෙයි ඉංග්‍රීසි භාෂාවත් මෙහි දක්නට නැහැ. අරාබි රටවල් වෙනුවෙන් නිෂ්පාදනය කරපු කිරිපිටි වර්ගයක් තමයි මේ විදියට ගෙන්වලා තියෙන්නේ. ඔවුන් මගෙන් ඉල්ලා සිටියේ ලංකාව පුරා දෙමාපියන් මේ පිළිබදව දැනුම්වත් වන පුවතක් පලකරන්න කියලා. ඔන්න මම වැඩේ බාරගත්තා. බලමු මොනවද වෙන්නේ කියලා.

Wednesday, September 29, 2010

වදුරාට කළ ශල්‍යකර්මය






ෙම් ෙද් සිදුෙවලා ටික දවසක් ෙවනවා. හදිසිෙය්ම මට දුරකථන අැමතුමක් අාවා. ඒයින් කියවුෙණ් උණවටුන ගුරැ විද්‍යාලෙය් වදුෙරක් ඉන්නවා කියලා. අපි වහාම ගියා. ඒ් වදුරෙග් අතක ෙලාකු තුවාලයක්.අපි වදුරා අල්ලලා ෙෙවද්‍ය වරියක් ලගට ගිහින් ශල්‍ය කර්මයක් කළා.
වදුරා තුවාල වුෙණ් ෙකාෙහාමද කියලනම් අපි දන්ෙන් නැහැ. ඒ්ත් ෙම් වදුරා බිම ඉන්නෙකාට තමන් ලගින් යන හැෙමා්ටම තුවාල ෙවච්ච අත ෙපන්නලා. ඊට පස්ෙස තමයි ගුරැ විද්‍යාලෙය් ශිෂ්‍ය ගුරැවරැ අපිට කථා කෙෙළ් . ඉතින් අපි අෙප් යුතුකම් ෙකාටස ඉටු කළා.

Tuesday, August 24, 2010

ෙබාෙහා් කාෙලකට පස්ෙස්

මාස තුනක පමණ කාලයක් බ්ෙලාග් ඒක ලියන්න බැරි වුනා. දැන් අකුරැ වදින්ෙනත් වැරදි විදියට. ඒ් නිසා ඉක්මනටම ඒ් අඩුපාඩු හදාෙගන අායිත් ඉතින් ෙනාකඩවා ෙම්ක ලියන්න ඔ්ෙන්.

Sunday, May 9, 2010

තනිවූ සීගිරිය සමුගනියිද ..................?


බ්‍රහස්පතින්දා දවසේ පත්තර කන්තෝරුවෙන් ලැබුණේ ඉතාමත්ම අසුබ ආරංචියක්..... මම ටික වෙලාවක් එකතැනක නැවතිලා කල්පනා කළේ සිදුවෙලා තියෙන විනාශය ගැන. මේ වෙනුවෙන් අපිට මොකක් ද කරන්න පුළුවන් කියලා හිතුවත් අන්තිමේ දී තේරුම්ගියා අපිට කිසිම දෙයක් කරන්න බැහැ කියලා.
ඕනම කෙනෙක් ඕනම වෙලාවක මගෙන් ඇහුවොත් මේ ලෝකේ වැඩියෙන්ම ඇළුම් කරන්නේ කොතනට ද කියලා. මම කිසිම පැකලීමකින් තොරව කියන්නේ ඒ සීගිරියට කියලා. ඒත් දැනගන්න ලැබුණා සීගිරියේ චිත්‍ර වලට කෘමි විශේෂයක් හානි කරන බව.
පරිසරයට විනාඩියක් වැඩසටහන කිරීමෙන් ලබාගත් පාරිසරික දැනුමත්, පුරාවිද්‍යාව හැදෑරීමෙන් ලැබූ පුරාවිද්‍යාත්මක දැනුම්ත් සංකලනය වූ මට එකවරම මතක් වුණේ සීගිරියේ කෘමීන් ආක්‍රමණයට පෙර එහි සිටි බඹරැන් ඉවත් කිරීම ගැන. මම මගේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ තුමාට කථා කරලා මේ ගැන කිව්වා.
සජීව, ඔයාට සියයට සියයක්ම විශ්වාසනම් වැඩේට බහින්න. අහුමුළු නැතිවෙන්න හොයන්න. ඔහු කිව්වේ මාව නැවත නැවතත් දිරිමත් කරමින්. මම ඉන්නේ ගාල්ලේ සීගිරියේ සිදුවන දේ සොයන්න අමාරුයි ඒත් මම වැඩේට බැස්සා.
බඹරුන් ගැන ලියවුණු පර්යේෂණ පත්‍රිකා සොයා බැලුවා. සීගිරියට අළුතෙන් ආවායැයි කියන කුඹලුන් ගැන විස්තර හෙව්වා. මම විශ්ව විද්‍යාල මහාචාර්යවරැ ගණනාවකට කථා කළා. ඔවුන් සියළු දෙනාම කිව්වේ ඒක වෙන්න පුළුවන් වැඩක් කියලා. මගේ මතය වුණේ පරිසරයේ ආහාරදාමයේ එක් පුරැකක් වූ බඹරැන් ඉවත් කිරීම නිසා වෙනත් කෘමියෙක් ඉස්මතුවෙලා කියන එකයි. අවසානයේදී මගේ දැනුම ආචාර්ය මහාචාර්ය වරැන්ගේ උදව්වෙන් තහවුරැ කරගන්න හැකියාව ලැබුණා. ඒ අනුව සිරස රෑපවාහිනී සේවයේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ ප්‍රධාන පුවතක් වුනේ සීගිරියේ චිත්‍ර වලට හානි සිදුකරන කෘමින් පැමිණියේ බඹරැන් ඉවත් කිරීම නිසා බවයි. සෙනසුරාදා ලංකාදීප පුවත් පතේත් ඉරිදා ලංකාදීප පුවත් පතේත් මගේ මේ හෙළිදරව් කිරීම පළවනවා. මේ සම්බන්ධව අනිත් මාධ්‍ය ආයතනත් අවදි විය යුතුයි.
ඔබගෙන් අපි ඉල්ලා සිටි‍න්නේ එකම එක දෙයයි. සීගිරියට කෘමි හානිය සිදුවූයේ බඹරුන් ඉවත් කිරීම නිසා බව අපි විද්‍යාත්මක පැහැදිලිකිරීම් අනුව ප්‍රකාශ කර තිබෙනවා. මෙයට එරෙහිව අපි දැවැන්ත හඩක් නැගිය යුතුයි. අද සීගිරිය වගේ හෙට තවත් ස්ථාන විනාශ වන්නට ඉඩ නොදිය යුතුයි. ඒ වගේම බඹරුන් ඉවත් වී තනිවූ සීගිරිය සමුගන්න ඉඩ නොදිය යුතුයි.

Sunday, April 25, 2010

මගේ අළුත් පොත් - කාන්තාරයේ දරුවෝ

මානව කාන්තාරයේ දරැවවෝ කතුවරිය වන වාරිස් ඩයරි සිය මිතුරිය වන මාධ්‍යවේදිනී කොරින්නා සමග එක්ව ස්ත්‍රී චර්මඡේදනයට විරුද්ධව යුරෝපය තුළ ඇය ගෙන යන අරගලය මෙම කෘතියට විෂය වී ඇත.

අප්‍රිකානු කාන්තාවෝ එවුන්ගේ චාරිත්‍රයකට අනුව ස්ත්‍රී චර්මඡේදනය නමැති ව්‍යසනයට ගොදුරැ වෙති. යුරෝපීය කාන්තාවෝ සිය ලිංගේන්ද්‍රිය අලංකාර කරගැනීම සදහ චර්මධේදනය කරවා ගනිති. අප්‍රිකානුවන් පසුගාමී ම්ලේච්ඡ කොටසක් වහයෙන් සලකන මේ ශිෂ්ට සම්පන්න යැයි කියාගන්නා යුරෝපීය කාන්තාවෝ බුරුතු පිටින් කෘතිම රූපලාවන්‍ය සායනයන් වෙත ගොස් නීත්‍යානුකූලව චර්මඡේදනය කරවා ගනිති. යුරෝපීය කාන්තාවන් අතර සිදුවන ස්ත්‍රී ලිංගේන්ද්‍රයේ පෙනුම සම්බන්ධව ඔවුන් තුළ කිස්යම් පරමාධ්‍යාශයක් නැතිනම් කල්පිතයක් තිබබෙන බවයි. ස්ත්‍රී චර්ම ඡේදනය ගැන කතාකරන බොහෝ අවස්ථාවල බොහොමයක් දෙනා කියා සිටින්නේ අප්‍රිකාවේ චර්මඡේදනය සිදුවන්නේ පුරැෂ පක්ෂයේ අවශ්‍යතාවයක් මත බවයි. එසේ නම් යුරෝපයේ තත්ත්වය කෙසේ ද ? යුරෝපය තුළ ද පුරැෂ පක්ෂය තුළ ඇති සෞන්දර්යය සංකල්පයට අනුව ස්ත්‍රිය ක්‍රියාකරන බැව් පැහැදිලිව පෙනෙන්නට තිබේ. එසේ නැතිනම් ස්ත්‍රී ලිංගේන්ද්‍රිය අලංකාර කරගනු වස් මෙවැනි කෘත්‍රිම රූපලාවන්‍ය සදහා වෛද්‍ය සායන පවතින්නේ කෙසේද ?

ෂල්මන් රෂ්ඩි නමැති ශ්‍රේෂ්ඨ ගත්කරුවා මෙසේ පවසා ඇත. "ඔබ පින්තූරයෙන් පිටතට පැමිණෙන තුරැ ඔබට සම්පූර්ණ පින්තූරය දැකගැනීමට නොහැකිවනු ඇත". පන්තූරයෙන් පිටතට පැමිණෙන්නට දැන් කාලය එළඹ ඇත.



පරිවර්තනය - රංජිත් කුරුප්පු

ප්‍රකාශනය - ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්, සුරස පොතක්

මිල - රු.225.00

ISBN 978-955-1822-66-8



පරිවර්තකගේ වෙනත් පරිවර්තන

මරණයේ දොරටුව

යුද්ධයේ අතුරු කතාවක්

හිට්ලර්ගේ අවසානය

කාන්තාරයේ කුසුම

ගිනි මැද සක්මන

කළු මුද්දේ අභිරහස

කළු මුද්දේ අභිරහස



සිංහලයේ ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ GOOSEBUMPS කතා පොත් පෙළ ලියූ අර්.එල්.ස්ට්න්ගේ "HORRORS OF THE BLACK RING" නම් ප්‍රකට කතාවක සිංහල පරිවර්තනය "කළු මුද්දේ අභිරහස" නමින් ප්‍රකාශයට පත් වී තිබේ.

දරුවන් තුළ කියවීමේ පුරුද්ද ඇති කිරීමේලා ප්‍රධාන සාධකය වනුයේ ඔවුනටම උචිත භාෂාවකින්, ඔවුන් සිත් ඇද ගන්නා කතාවක් ඉදිරිපත් කිරීමය. සැබෑ ලොව යතාර්ථයන් හි, අත්දැකීම් විදීමට පෙර ළමා මනස ආකර්ෂණය කරගත හැකි අත්දැකීමක් ඔවුනට තිළිණ කිරීමට ගත් පරිවර්තකගේ උත්සාහය ඇගැයිය යුතුය.



පරිවර්තනය - සුධර්මන් සතරසිංහ

ප්‍රකාශනය - ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ් , සුරස පොතක්

මිල - රු.175.00

ISBN 955-1188-54-3

මගේ අළුත් පොත් - අපේ ගම මාතර

මාතරට නුදුරු ගමක උපතලැබූ කතුවරයා කල් ගතවේද්දී මාතරට සමුදී වෙනත් නගරයක පදිංචියට ගිය පසු තමන් දුටු මාතර ගැන ලියූ ග්‍රන්ථයකි. මව්බිම අතහැර දමා පිටරටක පදිංචියට ගිය බොහෝ දෙදනා තමන් අතහැර ආ මව්බිම සිහිනයෙන් දකිති. සිහිනයෙන් දකින මව්බිමම්ෙ හැම දෙයක්ම සුන්දරය. කෑ බිව් හැම දෙයක්ම සුමිහිරිය. ඇසට දුටු හැම දසුනක්ම මනහරය. මව්බිම නොව උපන්ගම අත්හැර දමා වෙනත් නගරයක පදිංචියට ගිය කතුවරයා එක්දහස් නමසිය පනස් ගණන් වලදී මාතර දුටු අයුරු ඔහුගේ සිතේ ඇදී ඇති ආකාරයෙන් මෙහි සටහන් තබා ඇත.

කතුවරයා පවසන්නේ තමන් ග්‍රන්ථයේ සටහන් තබා ඇති ඇතැම් චරිත පිළිබදව එහුගේ මතකයෙහි පටලැවිල්ලක් තිබිය හැකි බවයි. එමෙන්ම මාතර පැවැති කුල භේදය ගැන මෙහි විවෘතව කථා කර තිබේ. ඇතැම් සිද්ධි හා පුද්ගලයන් ගැන ඔහු ලියන දේවල් හේතුවෙන් යමකුට චිත්ත පීඩාවක් ඇතිවේයැයි සිතෙන විට ඒ නම් යම් පමණකින් වෙනස් කළ බවද කතුවරයා සදහන් කොට තිබේ.



ලේඛකයා - සමරසිංහ ගුණසේකර

ප්‍රකාශනය - සුනෙර ප්‍රකාශකයෝ

මිල - රු.260.00

ISBN 978-955-9128-93-9





සමරසිංහ ගුණසේකර මහතා

සමරසිංහ ගුණසේකර මහතා මාතර රාහුල විද්‍යලයෙන් මූලික අධ්‍යාපනය ලබා තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පිවිසුණේය. කොළඹ , විද්‍යොදය යන දේශීය විශ්වවිද්‍යාලවලද එක්සත් රාජධානියේ හැරියට් වොට්, ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් යන විදෙස් විශ්වවිද්‍යාල වල උසස් අධ්‍යාපන ලබා ඇත. ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුණු ග්‍රන්ථ රැසක් සිංහලයට පරිවර්ථනය කරන ලද ගුණසේකර මහතා නීතිඥයෙකි.



කතුවරයාගේ වෙනත් පොත්

තනි කූඹියා

ගහකොළ අපේ යාළුවෝ

අමුතු වැඩට කැමති අයට

පමා වුණත් එමි අකුරටමෙන්න අපේ අමුතු සේන

හිනායන කතාවක්,

එයි අම්මා විගසකිනේ

Saturday, April 24, 2010

සැරසේන් ! එලවේන ! යා........... !!!!!!!!!!!!!!!

ඔන්න බොලේ මටත් ආවා මැරතන් තරගයට තහවුරැ කිරීමේ සටහන. දැන් මමත් සූදානම් මැරතන් දුවන්න. ඒත් ඉතින් වැස්ස තමයි බාධකය. මේ දවස් ටිකේම අනෝරා වැසි වසිනවා. වැස්සත් එකක් ඉතින් විදුලි කෙටීම. විදුලි කොටන විට ඉතින් අන්තර්ජාල සම්බන්ධතාවත් ඉවරයි. කාලගුණය යහපත් තත්ත්වයක තිබුණොත් මමත් තරග කරනවා. කමක් නෑ පහු වෙලා හරි තරගයට එකතුවෙන්න ලැබුණොත් ඒකත් හොදයිනේ........... කාලගුණය යහපත් වුණ ගමන්ම මාත් එනවා.

Tuesday, April 6, 2010

ප්‍රතිපත්ති ගැන නොසිතා දෙන ඡන්දය - 2

අපේ රටේ ඡන්ද දායකයෝ තමන්ට ලැබී ඇති සර්වජන ඡන්ද බලය කියන දේ පාවිච්චි කරන ආකාරය ගැන මම ලබපු අත්දැකීම් සටහන් කරන දෙවැනි අවස්ථාවයි මේ. මගේ යාළුවෙක් ඉන්නවා. එයා මුස්ලිම් ජාතිකයෙක්. හරිම හිත හොද මනුස්සයා. මෙයා මට කියනවා මුස්ලිම් කොන්ග්‍රසය එකතුවෙන්නේ මොන පක්ෂයටද මම ඒ පක්ෂයට ඡන්දය දෙන්නේ නෑ කියලා. මම කිව්වා උඹනම් මාර බඩුවක්නේ ඇයි ඒ කියලා. අනේ මන්දා එදා ඉදලම මට උන්ව පේන්න බැහැ කියලා තමයි මිනිහා උත්තරදුන්නේ. එයාට පැහැදිලි හේතුවක් නැහැ.
මට මේ ලගදී දවසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉතාමත්ම ජනප්‍රිය තරුණ අපේක්ෂකයකුගේ නිවසේදී (තරුණයි කිව්වට 40 පැනලා) ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන සාමාජිකයෙක් හමුවුනා. මිනිහා මාව දැකලා ටිකක් වසන් වෙන්න උත්සාහගත්තත් මම එයා එක්ක කතා කළා.
මල්ලී මොකද මෙහේ. මම ඇහුවා.
ගෙදරින් බේරුමක් නෑ අයියේ.... රස්සාවක් හොයාගන්න කියලා. අම්මලාගෙන් වදේ කොහොම හරි මෙතුමාට සෙට් වෙලා දිනුවම රස්සාවක් හොයා ගන්න කියලා කියනවා. ඒ නිසා මම ආවා.
මේ පුද්ගලයා ඒ අපේක්ෂකයා වෙනුවෙන් ගෙයින් ගෙට ගියා දින දහයකට වඩා. ඔහු බලාපොරොත්තු වෙන්නේ රැකියාවක්. ඒත් අර අපේක්ෂකයා මන්ත්‍රීවෙලා ඇමති කෙනෙක් වුනත් රස්සාවක් දේවිද ?
මේ පාර ඔයාගේ ඡන්දේ බුලත් කොලේට නේද මම ඇහුවා.
හිනාවෙලා මගේ කණට කොදුරලා මිනිහ කිව්වේ. පිස්සුද අයියේ මුන්ට වැඩකරනවා කියලා පෙන්නලා කුසලානෙට ඡන්දෙ දෙනවා
අපේ පත්තර කාරයෙක් ඉන්නවා. අහින්සක මනුස්සයා. මිනිහා කියන්නේ එයා රජයේ මාධ්‍යවේදියෙක් කියලා. මෙයා පසුගිය පළාත් සභා මැතිවරණයේදී හිටපු සහ වර්තමාන මහ ඇමතිවරයාට විරුද්ධව ඡන්ය දුන්නා විතරක් නෙවෙයි හැමතැනම ඔහුව විවේචනය කරමින් ගියා. ඒත් ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමාට බැහැලා වැඩ. දැන් පොදු පෙරමුණට බැහැලා වැඩ. මම ඇහුවා මේ ඇයි කියලා. එයා කොහොමත් ශ්‍රී ලංකා කාරයාලු. මහ ඇමතිතුමාගෙන් දූට රස්සාවක් ඉල්ලුවාලු ඒක දුන්නේ නැති නිසා විරුද්ධව වැඩ කළාලු. ඒත් පක්ෂය දිනවනවාලු.
මේ තවත් පත්තර කාරයෙක් විදෙස් රටක සේවය කරලා මෑතකදී ලංකාවට ආපු මෙතුමා අපත් සමග එක්තරා අපේක්ෂකයකුගේ රාත්‍රී සුහද හමුවකට සහභාගී වුනා. මාධ්‍යවේදීන් හැටියට අපි කාටවත් කඩේ යායුතු නැහැ. ඒ වගේම කවුරැ දිනුවත් පැරදුනත් අපිට කමක් නැහැ. මේ අපේක්ෂකයා කතාවක් පවත්වලා ප්‍රශ්න ඇසීමට මාධ්‍යවේදින්ට අවස්ථාව දුන්නා. මෙන්න අපේ මේ කියපු සහෘදයා නැගිට්ටා. ඔබතුමා තමයි ලැයිස්තුවේ පළමු වෙනියා. ඒ වගේම අපි ඔබතුමාට ඇමතිකමක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කියමින් මාර සුදු හුණු ගෑමක් කළා. එයා නැවැත්තුවා විතරයි තවත් එක්කෙනෙක් නැගිට්ටා. එයත් කියන්න ගත්තා තමන්ට අපේක්ෂකයාගේ පියාගෙන් ලැබුණු උදව් සහ ඒවාට තමන් කළ කෘතගුණ සැළකීම් මුන් දෙන්නාම මාධ්‍ය ජීවිතයම පාවලා දෙද්දී අපි නැගිට්ටා. අපි දෙන්නෙක් නැගිටලා එළියට බහින කොට අපේ පිටිපස්සෙන් තවත් 20 ක් විතර කොන්ද පණ තියෙන මාධ්‍යවේදීන් ආවා. අර දෙන්නා මතක ඇති කාලෙකනම් ආපහු ඒ වගේ වැඩක් කරන එකක් නැහැ. අපි ඒ අපේක්ෂකයා එක්ක අමනාපයක් නැහැ. ඒත් කරන්න තිබුණු හොදම දේ ඒ වෙලාවේ කළා.
මට තවත් අපූරු පුද්ගලයෙක් මුණ ගැසුණේ ගාල්ලේ ටිකක් දුෂ්කර ගමකදී මේ මනුස්සයාගේ ගෙදරට අපි ගොඩවුනේ වැස්සකට. මෙයාට වයස අවුරුදු 75 ක් විතර ඇති. එයා ඡන්දෙ දාන්න දන්නේ නැහැ. ජනාධිපතිවරණය කිට්ටු දවසක තමයි අපි මේ ගෙදරට ගොඩවුණේ. අපි ඒ ගෙදර ඉදිද්දී රෑපවාහිනී නාලිකාවක නිමල් සිරිපාල ද සිල්වා මහතාව පෙන්නුවා. ඒ පාර මේ තැනැත්තා අපිට කියනවා ඔය ඉන්න මහත්තයානේ ජනාධිපතිවරණයට ඉල්ලන්නේ කියලා. ඒතමයි ඒ මනුස්සයාගේ අවබෝධය. අපේ එක්කෙනෙක් ඇහුවා. අංකල් කාටද ඡන්දෙ දෙන්නේ කියලා. ඉස්සරනම් මහත්තයෝ අලියට දුන්නා. ඒත් දැන් කාට දෙන්නද කියලා දන්නෙ නැහැ. පුතා ඇවිත් ඡන්ද මධයස්ථානෙට එක්කගෙන යනවා. කොලේක මොකක් හරි ඇදල දුන්නම මම ගිහින් එතන මහත්තයෙකුට ඒක පෙන්නලා ඡන්දෙ දාන්න කියනවා. ගියපාරත් දුන්නේ ඒ විදියට මම දීපු කෙනා දිනුවද දන්නෙත් නැහැ.
ඔන්න ඕක තමයි අපේ මිනිස්සුන්ගේ තත්ත්වය. තවත් ටිකක් හෙට.............

Sunday, April 4, 2010

ප්‍රතිපත්ති ගැන නොසිතා දෙන ඡන්දය

අපේ රටේ මැතිවරණයකදී මේ රටේ මිනිසුන්ටනම් ප්‍රතිපත්ති ගැන වගේ වගක් නැහැ. ඔවුන් තමන් ඡන්දය දෙනේනේ කවරකුට දැයි තීරණය කරන්නේ මහා පුදුමාකාර ආකාරයට. මේ ඒ වගේ කීප දෙනෙක් මා සමග කියපු කථාවක්.
අපේ සහෝදර මාධ්‍යවේදියෙක් ඉන්නවා. මිනිහා පරම්පරාගත යූඑන්පී කාරයා. මුලදි කිව්වා යූඑන්පී එකට ඡන්දෙ දෙනවා කියලා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්නේ. ටික දවසකට පස්සේ මිනිහා කිව්වා කුසලානෙට ඡන්දෙ දෙනවා කියලා. ඇහුවහම කිව්වේ ෆොන්සේකාට කරපු අසාධාරණය නිසා දෙනවා කියා. එයාගේ ගුරුමණ්ඩලයේ අයත් වැඩි දෙනෙක් කුසලානෙට දෙනවා කිව්වා. ඊයේ මෙයා කියනවා මමනම් සන්ධානයට තමයි කියලා. මම පුදුම වෙලා අහුවා අැයි කියලා. මෙන්න ඒ පාර කියනවා අපේ දූගෙ ඉල්ලිමට වෙනස් වුනා කියලා. ඇයි දූට රස්සාවක් ලැබෙනවාද කියලා ඇහුවහම මෙයා කියන්නේ දූ යන ඉස්කෝලෙ හදපු රිචඩ් පතිරණගෙ පුතාට ඡන්දෙ දෙන්න ඕන කියලා දූ අඩනවලු ඒ නිසා ගෙදර හැමෝම එයාට ඡන්දෙ දෙනවළු. ඒක එතුමාගේ කැමැත්තනේ.
ඔන්න දවසක් මට හමුවුණා තවත් ඇමතිවරයෙක්. මෙයා කියනවා මම පළාත් සභාවේදි නිශාන්ත මුතුහෙට්ටිගමට ඡන්දය දුන්නා කියලා. මම ඇහුව ඇයි විශේෂය කියලා. එතකොට කියනවා එයාව හැමෝම කොන් කරන නිසා මම ඡන්දය දුන්නා කියලා.
ඉතින් දවසක් වෛද්‍යවරයෙක් මාර කතාවක් කිව්වා. නිශාන්ත ෆුල් ආතල් එකක් දෙනවා. ඒ නිසා මම ඡන්දෙ දෙනවා කියලා. එතන හිටපු තවත් කෙනෙක් කියනවා පරණ ඇමතිවරු පහලට ඇදලා නිශාන්ත වගේ කෙනෙක් පළමුවැනියා කරන්න ඕන නිසා මම ඡන්දෙ දෙන්නේ එයාට කියලා.
මම දවසක් ත්‍රී වීලර් එකක යද්දී ඒ රියදුරාගෙන් ඡන්‍දය ගැන අහුවම එයා තෝරගෙන හිටියේ ලයනල් ප්‍රේමසිරි හේතුව එයාගේ අම්මට ඇස් කණ්ණාඩි දෙකක් දීම සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොරව ඉතා නිහතමානී සහ අහිංසක ඡන්ද සටනක් දියත් කිරීම.
මගේ ගේ ඉස්සරහ පාරේ ගිය තරැණියන් දෙදෙනෙක් දවසක් කථා කර කර ගියේ මනුෂ නානායක්කාර හරිම හැන්ඩ්සම් ඒ නිසා එයාටනම් ඡන්දයක් දෙන්නම ඕන කියලා.
මගේ තවත් යාළුවෙක් ඉන්නවා. ජනාධිපතිවරණයේදී ෆොන්සේකාට ඡන්දය දුන්නා කියමින් යන කෙනෙක්. එයා මේ පාරත් කියන්නේ ගාල්ලෙන් පාර්ලිමේන්තුවට කුසලානෙන් එක්කෙනෙක් හරි යවන්න ඕන නිසා එයා කුසලානයට ඡන්දය දෙනවා කියලා. ඒත් මමයි ඔහුයි පමණයි දන්නේ ඔහුට ජාතික හැදුනුම්පතක් හෝ තාවකාලික හැදුනුම්පතක් හෝ නොමැති නිසා ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතියක් නැති බව.
මගේ මාධ්‍ය සගයෙක් පසුගිය ජනාධිපතිවරණයේදී තමන් ලේඛකයකු ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ පලකරමින් පුවත් පත් දැන්වීමක නම සදහන් කර තිබුණා. අන්තිමේදි ප්‍රතිඵලය වුනේ මේ පත්තරකාරයාට තමන්ගේ පත්තර රස්සාවේදී මැතිවරණ ගැන ලියන්නට නොහැකිවීම.
මේ අතරේ මට අපේ ගෙවල් ගාව කාන්තාවක් අපූරැ කතාවක් කිව්වා. එයා මේ කථාව මට කියන්න ඉස්සෙල්ලා එතන හිටියා කුසලානයේ ආධාරකරැවෙක්. ඔහු ඉන්නතුරු කුසලානයට ඡන්දය දෙන බව කියපු මේ කාන්තාව ඔහු එතැනින් නික්ම ගිය වහාම කිව්වේ. අනේ මහත්තයෝ ඡන්ද කොලේ අලිය ඉන්නවා දැක්කම මොන කුසලානද අලියටම තමයි අත යන්නේ.
ඉතින් මේ වගේ සිදුවිම් තවත් තියෙනවා. මැතිවරණ ප්‍රතිඵල එළියට එනතුරැම මේ ගැන ලියන්නම්. අදට මේ ඇති. ලිපිය දිග වුණොත් කට්ටියට කියවන්නත් එපා වෙනවග ඉතිරිය හෙට

Saturday, April 3, 2010

මළවුන්ටත් නිගා දෙන කරාපිටිය රෝහල







මම කරාපිටිය රෝහල ගැන ඊයේත් සටහනක් තැබුවා. මේ එහි තවත් පැතිකඩක්. පුද්ගලයෙක් මියගියහම අපේ රටේ හදුන්වන්නේ අවමංගල්‍යය කියලා. මරණයත් මංගල්‍යයක් සේ උත්සවාකාරයෙන්, අති ගෞරවනීය ලෙස සළකන්න අපේ මිනිස්සු පුරුදු වෙලා හිටියා. සුද්දා අපිට හදුන්වා දීපු නීතිය අනුවත් මැරුණු පුද්ගලයකුට ගෞරවනීය තත්ත්වයක් ලැබිය යුතුයි.
කරාපිටිය රෝහලේ කෙනෙක් මියගිය විට ඔහු හෝ ඇය ගේ සිරුර මෘත ශරීරාගාරයට ගෙනගොස් දමනවා. මේ මෘත ශරීරාගාරයේ මළ සිරුරු 24 ක් තැන්පත් කළ හැකි ආකාරයට අධිශීතකරණ හතරක් තිබෙනවා. මේ එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක හතරක් විය යුතුයි.
නමුත් දැනට කාලෙකට ඉස්සෙල්ලා මේ එකක් අක්‍රිය වුනා. ඒක හැදුවේ නැහැ. දෙවැනි එකත් අක්‍රියයි. ඒකත් හැදුවේ නැහැ. ඒ දෙකේම දැමිය යුතු මළ සිරුරු එකපිට එක තියලා අනෙක් දෙකට දැම්මා. දැන් මේවා වෙනදාට වඩා අමාරුවෙන් වැඩකරන්න වෙනවා. ඉතින් තවත් එකක් කැඩුණා. කරාපිටිය රෝහලේ පාලන අධිකාරියේ ප්‍රධානියා වන අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රියානි සේනාධීර මහත්මියට මේ ගැන කියා තිබුණත් පලක් වුණේ නැහැ. ටික දවසකින් අධි ශීතකරණ හතරම කැඩිලා. මළ සිරුරු 18ක් තිබියදී. දැන් ඒ එක අධිශීතකරණයක උෂ්ණත්වය අංශක 40 ක්. මළ සිරුරු පණුවෝ හැදිලා. කරාපිටියේ මෝචරිය එහෙමත් නැත්නම් මෘත ශරීරාගාරය පැත්තේ කාටවත්ම යන්න හැකියාවක් නැහැ. පළාතම ගද ගහනවා. ඒ විතරක් නෙවෙයි අර මළ සිරුරු කුණු වෙනවා. පණුවෝ මෘත ශරීරාගාරයේ බිම විතරක් නෙවෙයි බිත්ති දිගේත් දුවනවා. ඒක තනිකරම අපායක්.
මේක දැනගත්තු ගමන්ම මම ගියා. ගිහින් ඒ සියල්ල ඡායාරූප ගත්තා. වීඩියෝ කළා. වීඩියෝ පටය සිරසටත්, ඡායාරූප ලංකාදීපයටත් යැව්වා.
පුවතක් සමබර වෙන්න ඕන නිසා මම අධ්‍යක්ෂතුමියගෙන් විමසුවා. ඇය වැඩ ගොඩක් තියෙනවා කියලා මග ඇරලා සේවකයන්ට බැන වැදිලා අන්න සිරසෙන් ඇවිත් වීඩියෝ කරලා පුළුවන් තරම් ඉක්මනට සුද්ද කරන්න කියලා. පසුවදා සුද්ද කරන්න පටන් ගත්තා. එදා එතුමියට මම දුරකථන ඇමතුමක් දුන්නම කිව්වා සතියකට ඉස්සෙල්ලා කැඩිල තිබුණා. පණුවොනම් හිටියේ නැහැ. ඒත් දැන් ඒක හදලා කියලා. අපි මේ සිදුවීම සිරස ටී.වී. ඔස්සේ ප්‍රචාරය කළා. රෑ ඒ පුවත දැකපු අධ්‍යක්ෂතුමිය පසුවදා උදේ පාන්දරින්ම ඇවිත් වේලාසනින්ම රතු ඉර ගහලා තියෙනවා. ඒ අපිට තොරතුරු දෙන සේවකයන්ගෙන් පළිගන්නලු. කමක් නෑ කොහොම හරි මෝචරිය සුද්ද කළානේ. ඒත් මේ පාලනය කරාපිටිය රෝහලට ගැලපෙනවාද කියන එකනම් ලොකු ප්‍රශ්නයක්
මේ ඡායාරූප වලින් දැක්වෙන්නේ මෝචරිය, එහි ශීතකරණ, ඒවා ඇතලේ පණුවන් හැදී තිබෙන නරක්වූ මළ සිරුරු සහ පණුවන් බිම පවා සිටින ආකාරය. ඒ වගේම අපේ සහෘදයන්ගේ ඉල්ලීම නිසා ඔන්න මම කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂිකා ප්‍රියානි සේනාධීර මහත්මියගෙත් ඡායාරූපයක් මෙහි පලකරනවා. ඒ රෝහලේ පැවැති පිරිත් පිංකමක් වෙලාවක ගත්තු ඡායාරූපයක්

Friday, April 2, 2010

කරාපිටිය රෝහලේ අන්තනෝමතික පාලනය

ගාල්ල කරාපිටියේ පිහිටි ශික්ෂණ රෝහල කියන්නේ දකුණු පළාතේම ඇති ප්‍රධානතම රෝහල බව නොරහසක්. ඒත් දැන් මේකට අළුතෙන් ආපු අධ්‍යක්ෂවරිය නිසා රෝහලට හෙනහුරා ලබල කියලා පැහැදිලියි. පහුගිය දවස්වල මේ රෝහලේ කාර්ය මණ්ඩලය එක දිගට උණ රෝගයකින් පෙළෙන්න වුණා. මේ වැඩි දෙනෙක් ඩෙංගු රෝගීන් බව පැහැදිලි වුණා.
අවසානයේ නගර සභාව කළේ රෝහල් භූමිය, වෛද්‍ය හා හෙදි නේවාසිකාගාර පරීක්ෂා කිරීම. නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු රෝහලේ ඇති ඩෙංගු මදුරුවා බෝවන ස්ථාන රැසක් සොයාගත්තා. ඔවුන් ඒ ස්ථානවල ඡායාරූපත් ගත්තා. මේ ඡායාරූපත් ඉදිරිපත් කරමින් නගර සභාව කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ ප්‍රියානි සේනාධීර මහත්මිය ලිඛ්තව දැනුම් දුන්නේ ඒ ස්ථාන විනාශ කිරීම හෝ පිරිසිදු කිරීම කරන ලෙසයි.
ඒ දැනුම් දිම කරල තියෙන්නේ පසුගිය මාර්තු අටවැනිදා. ඒත් ඒ ස්ථාන තවමත් තියෙන්නේ ඒ විදියටමයි. කිසිම කෙනෙක් කියන කිසිම දෙයක් අහන්න කිසිම කැමැත්තක් නැති අධ්‍යක්ෂතුමිය රෝහල ගැන මම බලාගන්නම් ඔයාලා තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්න කියලා මට කිව්වේ මාධ්‍යවේදියෙක් ලෙස මේ උද්ගතව ඇති භයානක තත්ත්වය ගැන විමසන්න ගියපු වෙලාවේ. මෙහෙම අධ්‍යක්ෂවරියක් ඉන්න කරාපිටියට සිදුවන දේ අනාගතයේදී දැකගන්න පුළුවන් වේවි ! අනේ අහිංසක රෝගීන්....................

දිරිමත් කළ මිතුරන්ගේ ඉල්ලීම ..............

පසුගිය කාලයේ ඇතිවූ සිදුවීම් ගණනාවක් හේතුවෙන් මේ බ්ලොග් සටහන ලිවීම නතර කැර දැමීමට තීරණය කළෙමි. එහෙත් මගේ බ්ලොග් සටහන කියවූ සහෝදර බ්ලොග් කරැවන්ගේත් මුහුණු පොතේ මිතුරු මිතුරියන්ගේත් ඉල්ලීම නිසා නැවතත් මේ බ්ලොග් අඩවිය ලිවිය යුතුයැයි තීරණය කළෙම
ඔන්න එහෙනම් අද ඉදලා මම නැවත මේ බ්ලොග් සටහන ලියන්න පටන් ගන්නවා. ඉදිරියටත් ඔබේ සහයෝගය උදක්ම අපේක්ෂාවෙන්. දිරිමත් කළ සියළු දෙනාටම ස්තූතියි. කියවන හැමෝටමත් පින්......................

Thursday, February 11, 2010

අමන රට පාලනය කරන පොලීසියේ සත්ගුණවත් ප්‍රහාරය



























ඊයේ. ඒ කියන්නේ 2010 පෙබරවාරි 10 වැනිදා සවස ගාල්ල නගරයේදී ජනරාල් සරත් පොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව උද්ඝෝෂණයක් පැවැත්වෙන බව දැනගන්න ලැබුණා. මම මාධ්‍යවේදියෙක් හැටියට එතැනට ගියේ එය වාර්තා කරන්න. නමුත් උද්ඝෝෂණය විසුරැවා හරින්න පොලීසිය කටයුතු කළා. එක් වියරැ වැටුණු පොලිස් නිලධාරියෙක් තමන්ගේ නිල ඇදුම පිටින්ම ඇවිත් පොල්ලක් අරගෙන මටත් තවත් මාධ්‍යවේදීන් දෙදෙනෙකුටත් අසළ සිටි පිරිසටත් පහර දුන්නා. ඒ පහර දෙද්දී උද්ඝෝෂකයෝ හිටියේ ගාල්ල ක්‍රීඩාංගණය පැත්තේ මම හිටියේ ‍පොලීසිය පැත්තේ. මම මගේ අහලකවත් උද්ඝෝෂකයෝ හිටියේ නැහැ.
මේ පොලීසිය උද්ඝෝෂකයන්ට පහර දීලා ඔවුන් එළවලා අන්තිමේදී දෙනෝ දාහක් දෙනා ඉන්න ගාල්ල බස් නැවතුම්පොළටත් පහර දුන්නා.
මේ අමන රටේ මිනිස්සුන්ව වෙන කොහොම පාලනය කරන්න ද කියලා අපේ සත්පුරැෂ පොලිස් නිලධාරීන් හිතනවා ඇති නේද ?
ඕන්න එහෙනම් ඡායාරෑප ටිකක් බලා ගන්නකෝ. මේවා වාර්තා කිරීම අපේ අතින් සිදුවිය යුතු දෙයක්. නමුත් ඒකට ගිහින් ගුටි කන්නත් වෙනවා. ඉස්සෙල්ලාම දාන්නේ මට ගහපු නිලධාරියා‍ පොල්ලක් අතේ තියාගෙන ඉන්න හැටි. ඒක තියෙන්නේ යටින්ම ඇති ‍ඡායාරෑපය විදියට. එයාගේ අංකය සැරයන් 589-- ඉතුරැ අංක දෙකක් තියෙනවා.
කහ ඉරමත ඉන්න මිනිස්සුවගයක් පේනවා නේද. බස් නැවතුමේ හිටපු අහිංසකයන්ට කදුලු ගෑස් ගහන කොට මේ සාමාන්‍ය මිනිස්සු ඇවිත් පොලීසියට අම්ම අප්ප මතක් කරලා දුන්නා. ඒ වෙලාවේ ලේ පෙරාගෙන තුවාල වෙලා හිටපු කෙනෙකුගේ ඡායාරෑපයත් දාලා තියෙනවා. ඒ කෙනාව රෝහලට ගෙනියන්න ඉදිරිපත් වුන වෙලාවේ ඒ අයටත් කදුලු ගෑස් පාරක් වැදුනා.

Monday, February 8, 2010

සාගරයක් මැද අමන රටක් ඇත. මෙහෙම අමනකම් ලෝකෙ තවත් නැත.

මේ අමන රටේ මේ වගේ බ්ලොග් එකක් ලියලා වැඩක් නැත. ඒ නිසා මෙය ලිවීම මම අද මේ මොහොතේ සිට නවතා දමමි. මෙතෙක් මගේ බ්ලොග් සටහන් බැලූ සහ එයට අදහස් දැක්වූ සියළුම අයට අනේක වාරයක් ස්තූති කරමි.